IMG-LOGO

පැමිණිල්ලේ වැඩ තහනම් - විත්තිය නිදැල්ලේ

(දයාරත්න ඇඹෝගම)

"පසුගිය කාලයේ සිදුවු හිරිහැර බලද්දි දැන් ඉන්න පරිවාස නිලධාරින් කිසිවෙකු ගැන අපට විශ්වාසයක් නැහැ. අපට කරදර හිරිහැර කරපු නිලධාරින් තවමත් නිදැල්ලේ පසුවෙනවා. අදටත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ළමා නිවාස භුමියේ රාත්‍රි කාලයේ සැරිසරනවා." යැයි අනුරාධපුර, අවන්ති දේවි ළමා නිවාසයේ දැරියන් පිරිසක් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හමුවේදී පැවසිය.

අවන්ති දේවි ළමා නිවාසයේ පවතින වත්මන් තත්වය සොයා බැලිම සදහා හදිස්සියේම ඊයේ (21) දින පස්වරැවේදී එහි නිරික්ෂණ චාරිකාවක නිරතවු ඉඩම් අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉදිරියේදි එම ළමා නිවාසයේ දැරියන් පිරිසක් මේ බව පැවසිය.

මෙම නිරික්ෂණ චාරිකාවට අනුරාධපුර, නව සංඝමිත්තාරාමයේ ස්ථාන භාර ධම්මානි අනුරපාලි මෙහෙණින් වහන්සේ වැඩ බලන පරිවාස කොමසාරිස් ගයාන් වන්නිනායක, අනුරාධපුර නගර සභාවේ නාගරික මන්ත්‍රිණි සුපිනි සදමාලි යන මහත්ම මහත්මිහු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු මෙම පිරිස ළමා නිවාසයේ තත්වය පිළිබද සොයා බැලූහ.

දරැවන් රාත්‍රි කාලයේ නිදාගන්න සමහර කාමරවල ජනෙල් අබලන්වී පියන් නොමැතිව තිබුණි. වැසිකිළි කැසිකිලිද ජරාජිර්ණවී ඇති බව මෙහිදී අනාවරණය විය. එවා කඩිනමින් අළුත්වැඩියා කරන ලෙසටත් දරුවන්ගේ ආරක්ෂාව සදහා සි.සි.ටි.වී. කැමරා පද්ධතියක් සවිකරන ලෙසද ඇමතිවරයා විසින් වැඩ බලන පරිවාස කොමසාරිස්වරයාට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

මෙහිදී මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අවන්ති දේවි ළමා නිවාසයේ දරුවන් හට පසුගිය දිනවල සිදුවු හිරිහැර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.

"අවන්ති දේවි ළමා නිවාසයේ පහුගිය කාලයේ ඇතිවූ සිදුවීම නිසා රජරට ප්‍රදේශයටම විශාල අපකීර්තයක් සිදුවුනා. මෙම ළමා නිවාසයේ සිටි දරුවන්ට සිදුවූ හිරිහැරය සම්බන්ධයෙන් නිලධාරින් වගකිවයුතු බවට කරුණු අනාවරණය වුනා.

උතුරු මැද පළාතේ ආණ්ඩුකාර මහීපාල හේරත්, අමාත්‍ය පියල් නිශාන්ත මහතාත් මෙහි පැමින පරික්ෂණයක් පවත්වන්න නියම කළා. නමුත් මේ දක්වා සිදුවෙලා තියෙන්නේ වැරදි පෙන්නලා දුන්න රියදුරු මහතෙකුගේ වැඩ නවත්වපු එක පමණයි. මේ තමයි දැනට වෙලා තිබෙන තත්වය.

 
මම මේ පිළිබදව වහාම පරික්ෂණ කඩිනම් කරන්න කියලා ප්‍රධාන ලේකම්තුමාට දැණුම් දුන්නා. මම මේ ළමයි එක්ක දැන් සාකච්චා කළා. එහිදි පැහැදිලිව පෙණුනා මේ ළමයින්ට විශාල හිරිහැරයක් වෙලා තියෙනවා කියලා. මේකට වගකිව යුත්තෝ තම තමන් බේරෙන්න වැඩ පිලිලෙක් තමයි මෙතැන දැන් සිදුවන්නේ. වගකිවයුතු නිලධාරින් ඔක්කොම එකට සංවිධානය වෙලා තමන් ඇග බේරාගන්න හදනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැණුවත් කරලා වෙනම පරික්ෂණ කණ්ඩායමක් ලබන සතියේ වෙනකොට එවනවා.

මේ දරැවන්ට සිදුවු හිරිහැර කරපු සියල්ලන්ට දැඩි දඩුවම් ලබාදිමට කටයුතු කරනවා. මේවාගේ ළමා නිවාස රට පුරාම තිබෙනවා. දෙමාපියන් අහිමි නොයෙකුත් හිරිහැර වලට ලක්වුන අසරණම වෙච්ච ගැණු දරැවෝ මෙතන ඉන්නේ. එම නිසා රටපුරාම මේවගේ ළමා නිවාසවල ඉන්න දරුවන්ට ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමා දැණුවත් කරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කිරීමට ස්වාධීන කමිටුවක් පත්කිරිමට කටයුතු කරනවා." යැයිද අමාත්‍යවරයා එහිදී පැවසිය.



අදහස් (5)

පැමිණිල්ලේ වැඩ තහනම් - විත්තිය නිදැල්ලේ

Raveendra Sunday, 21 February 2021 04:41 PM

සර්ට කිව්වා නම් ශවේන්ද්‍ර සර් ඇවිත් ළමයින්ට පිට්ටනියක් හදලා දෙයි. එතකොට ළමයින්ට පිට්ටනියට වෙලා ඉන්න පුලුවන්. කාටවත් හොරෙන් ලඟට එන්න බෑනේ.. සර්ගේ ළඟ ඔය වගේ ටූල්ස් ගොඩක් තියෙනවා. තාම පාවිච්චි කරලා නෑ. ඒකයි.

:       0       0

රාජුන් Monday, 22 February 2021 12:37 AM

ඇයි දෙයියනේ... අද ලංකාවේ වෙන දේවල් බලපුවාම මේකට මේ තරම් කළබල වෙන්න දෙයක් නෑ වගෙයි මට දැනෙන්නේ...

:       0       1

මුණසිංහ Monday, 22 February 2021 01:34 AM

මෙවැනි දේ අහන්න බලාගෙන නෙවෙයි ජනතාව මේ ආණ්ඩුව පත් කළේ. වහාම පියවර ගන්න. මේ අනතුරු ඇඟවීමක්. නැත්නම් ජනතාව නීතිය අතට ගනීවි...

:       0       2

Lankawe Monday, 22 February 2021 05:47 AM

එක රටක්, එක නීතියක් ස්තුතියි සර්.

:       0       2

fairoos Monday, 22 February 2021 07:15 AM

කටින් බතල තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site