(ඉන්දිකා රාමනායක)

කොළඹ හා අනිකුත් ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සිටී නම් 0112433333 අංකයට දැනුමි දෙන ලෙසට පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

බාලවයස්කාර දරුවන් සේවයට යොදවන කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස ,ඇතුළු ස්ථාන සොයා විශේෂ මෙහෙයුමක් පොලිසිය ඊයේ සිට ආරම්භ කර ඇති අතර එම මෙහෙයුමට අමතරව මේ සඳහා ජනතාවගේ ද සහාය බලාපොරොත්තු මෙම අංකය හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .