ජයන්ත සමරකෝන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයේ ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ එය දෙවැනි බලවේගලය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (1) කොළඹ දී පැවසීය.
1956 සිට වරින්වර බලයට පැමිණි සෑම අවස්ථාවකදීම ශ්‍රීලනිපය පෙරමුණක් ලෙස මිස තනි පක්ෂයක් ලෙස ආණ්ඩු පිහිටුවා නැතැයි ද මන්ත්‍රීවරයා කීය.
අද රටේ පළවෙනි බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා බිහිවුයේ ද රටේ පළමු බලවේගය තුළින් බවද මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් මෛත්‍රීපාල - මහින්ද අතර අද හෙටම සිදුවන බවද මන්ත්‍රිවරයා ඒ හා සන්ධානගත සියලු පක්ෂ අතර සාකච්ඡා ඒ සමඟම සිදුවන බවද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය විජාතික අධිරාජ්‍යවාදී බලවේග නියෝජනය කළ දේශපාලන පක්ෂය වූ අතර ශ්‍රීලනිපය ජාතිකත්වයේ පක්ෂය විය. අවාසනාවට, 2015 වසරේදී එජාපය සමග දීග කෑම ආරම්භ කිරීමත් සමග එය අභාවයට පත් වූයේය. ජවිපෙ වැනි තුට්ටු දෙකේ පක්ෂයක තත්වයට මෙම විසල් රුක අද දැමීමේ ප්‍රධාන වගකිව යුත්තා, ශ්‍රීලනිපය ආරම්භක දිනයේදීම උපන්නා යයි කියන සිරිසේන ජනපතිවරයායි.
එදා එක්සත් ජාතික පක්ෂය (ලංකාවේ පැරණිම පක්ෂය) තනි දේශපාලන පක්ෂයක් වශයෙන් ලංකාවේ සියලුම ජන කොටස් අතර පැතිරී තිබුණත් අද එහි ඉන්න පිරිස් එම පක්ෂය නැති කරදාලා. හරියට සිරිසේන ජනාධිපති ශ්‍රීලනිපය නැති කරලා වගේ...
පොහොට්ටුව පිපිලා නෑ කවමදාකවත් පිපෙන්නේත් නෑ හැබැයි පරවෙන එක නියතයි ..