
(ෂේන් සෙනෙවිරත්න)
මෝටර් රථය සමග වික්ටෝරියා ජලාශයට පෙරළී මියගිය තරුණයාගේ මරණය සැක සහිත බව ඔහුගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.
ගුරුදෙනිය ඉලුක්මෝදර ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයට ඉකුත් 27 වැනි දා රාත්‍රී එම මෝටර් රථය පෙරළිණි.
ඒ අවස්ථාවේ මෝටර් රථය ගමන් කළ තිදෙනකු අතරින් දෙදෙනෙක් දිවි බේරා ගත්හ. එක් තරුණයකු මෝටර් රථය සමග දියේ ගිලුණු අතර පැය 12 පමණ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර සොයාගත්තේය.
මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී ජේ රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මියගිය අයගේ මවගේ පැමිණිල්ලට අනුව කොට්ඨාස අපරාධ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි.
එම අනතුරින් මිය ගියේ ගුරුදෙනිය ඉලුක්මෝදර ප්‍රදේශයේ පදිංචි අමිල ඒකනායක නැමැති 30 හැවිරිදි තරුණයෙකි.

COMMENTS
මුලින්ම අපි හිතුවා... මේක සංවිධානාත්මක මිනීමැරුමක් කියලා...
මිනිස්සු වාහනයක් ගන්නේ තමන්ට දරාගන්න පුළුවන් මුදලකට... එ්ක වෙනම කතාවක්.. නමුත් "අලුත් වාහනයක් " කියලා මේ ඉන්දියන් ජරාවල් ගත්තාම ඔහොම තමයි. මේ මුදලට පාවිචිචි කරපු[ ජපන් වාහනයක් ගන්න එක ලක්ෂ වාරයක් හොඳයි. මේ වාහනවල තියන එකම දේ ඉන්ධන කාර්යක්ෂමතාවය විතරමයි. ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වල මේ වාහන තියෙන්නේ බින්දුවේ.. හැබැයි මේවා එලවන සමහර "පොරවල් " හිතාගෙන ඉන්නේ ඔවුන් එළවන්නේ ජගුවර්, බෙන්ස් වගේ ඒවා කියලා !!!
මේක සැකයක් මොකක්ද? ගඟට වැටුණාම මැරෙනවා.. එකම දේ අවේලාවේ වීදි සංචාරය සහ පාපමිතුරු ඇසුරින් වැළකීමට සියලු දෙනා උපරිමයෙන් අධිෂ්ඨාන කරගත යුතුයි... මෙවැනි දේ ආදර්ශයට අරන්...
බේරුණු අය සැකකළ යුතුයි...