IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිවරණයේ පෝස්ටර් - බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක්

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති මැතිවරණයට අදාළ නීති විරෝධීව ප‍්‍රදර්ශනය කරන පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සඳහා දිවයින පුරා පොලිස්  ස්ථාන මට්ටමින් කම්කරුවන් 1045 දෙනෙක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මුලස්ථාන පොලිසියට තිදෙනකු හා  සෙසු පොලිස් ස්ථාන සඳහා  දෙදෙනකු බැගින් මෙම කම්කරුවන්  බඳවා  ගන්නා බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

නීතිවිරෝධීව ප‍්‍රදර්ශනය කර ඇති පෝස්ටර්, කටවුට්  හා බැනර් ඉවත් කිරීම සදහා රුපියල් මිලියන 45.8  මුදලක්  වෙන්කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

නීති විරෝධී ආකාරයට පෝස්ටර් , බැනර්,   බැනර්  හා  වෙනත් සැරසිලි  කරන පුද්ගලයක් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවද හෙතෙම කීය.

ජනාධිපතිවරණයේ දී  පොලිතින් සැරසිලි සිදුකිරීම තහනම් බවත්  එවැනි පුද්ගලයන්ට  එරෙහිව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ ප‍්‍රතිපාදන අනුව සහ ජාතික පාරිසරික පනතේ  2017.9.01 දින 2034/37 දරණ ගැසට් නිවේදනයේ ප‍්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කීය.     

 



අදහස් (7)

ජනපතිවරණයේ පෝස්ටර් - බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක්

Dhammika Senarath Tuesday, 08 October 2019 03:17 PM

පෝස්ටර් ගහන්න මිලියන 100යි ගලවන්න මිලියන 45යි. ඔය කියන විදිහටම නීතිය ක්‍රියාත්මක වෙයිද රුවන් ගුණසේකර මහත්තයෝ. බලමු බලමු.. අපිත් ඉන්නේ මේ ලංකාවෙනෙ

:       0       0

Jayantha Tuesday, 08 October 2019 10:00 PM

දැන් මේ සල්ලි මහජනතාවගේ මුදල් නේද? මේකට කරන්න ඕනේ මහජනතාවගේ බඩට නොගහා පොස්ටර් අලවපු කට්ටියගෙන්ම ගලවන්නත් සල්ලි ගන්න එක.අලවපුවා ගලවන්නත් දුප්පත් ජනතාව සල්ලි ගෙවන්න ඕනෙද? අනික මුළු රටම අවලස්සන කරලා.

:       0       2

chandima Tuesday, 08 October 2019 10:57 PM

මේ වියදම අර චන්දෙට වියදම් වෙනවා කියල මැතිවරණ කොමසාරිස් තුමා කියපු ගානට අමතරව වෙන්න ඇති. පටන්ගන්මේදීම පරිසරයත් රටත් වනසගෙන එන මේගොල්ලෝ රට හදයිද? හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කිව්වා වගේම රට වනසන්න එන වචීපරම කාරයොත් දෙපැත්තෙන් පේනවා.

:       0       0

ලුම්බිණි Wednesday, 09 October 2019 01:16 AM

මේ කම්කරුවන්ට ගෙවන පඩිය පෝස්ටර්, කටවුට් හා බැනර් ගහපු පක්ෂ වලින් අය කර ගන්නේ නැත්තේ මොකද?

:       0       1

Ranabahu Wednesday, 09 October 2019 02:19 AM

මේකට හොදම විසදුම තමයි අපේක්ෂකයන්ගේ ඇප මුදල ලක්ෂ දහයක් හෝ පලොවක් කරලා ඒ මුදලින් කම්කරුවන් යොදවල අදාළ අපේක්ෂකයන්ගේ පෝස්ටර් ඉවත් කරන එක. එවිට එක එක අපේක්ෂකයාගේ පෝස්ටර් ඉවත් කරන්න වැය වූ මුදල අඩු කර ඉතරි මුදල ඇප මුදල රාජසන්තක නොවෙන අපේක්ෂකයන්ට ආපසු ගෙවන්න පුළුවන් වේවි.

:       0       2

TNA Wednesday, 09 October 2019 05:40 AM

මේවට මහජන මුදල් වෙන් කරන එක හරිම අපරාදයක් අපෙෂකයන්ගෙන් අයකර ගන්න ක්‍රම වේදයක් සකස් කල යුතුය.

:       0       1

jagath Wednesday, 09 October 2019 06:12 AM

විහිළුවක් නේ , පෝස්ටර් අලවන්න තහනම් කරලා ගලවන්න මිනිස්සු දාන එක. පොස්ටර් ඉන්න එකාගෙන් ගලවන්න සල්ලි ගත්ත නම් හරි නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28811 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11213 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 689 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site