IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇවන්ට්ගාඩ් සභාපතිගේ නඩුවේ වැඩිදුර විභාගය කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීමට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීම සම්බන්ධව   ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පැවැත්වෙන අධි චෝදනා නඩුවේ වැඩිදුර විභාගය  ලබන සැප්තැම්බර් 03 සහ 04 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (25) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ අද කැදවූ අතර එහිදී නඩුවේ විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව විභාගය අත්හිටුවන ලෙස ඉල්ලමින් තම සේවාදායකයන් විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක

බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් විසින් ගොනු කළ එම පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති හෙයින් අධි චෝදනා නඩුවේ විභාගය සඳහා දින නියම කරන ලෙසය.

කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම අධිචෝදනා නඩුවේ වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 03 සහ 04 ට කල් තැබිණි.

ගාලු වරායේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සදහා රුපියල් ලක්ෂ  355ක මුදල් අල්ලසක් ලබා දීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ  රක්නා ලංකා ආරක්ෂක සමාගෙම් හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරන ලදී.

මෙම නඩුව ගොනු කිරීමේදි අල්ලස් කොමිසම විසින් කොමසාරිස්වරුන් තිදෙනෙකුගේ අත්සන් ලබා ගත යුතු වුවද , එසේ නොකර අල්ලස් කොමිසම  මෙම නඩුව පවරා තිබීමෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව කියමින් විත්තිකාර පාර්ශවයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළද එම විරෝධතාවය පිළිබද තීන්දුවක් ලබා නොදී නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සමග රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියේය.

 



අදහස් (3)

ඇවන්ට්ගාඩ් සභාපතිගේ නඩුවේ වැඩිදුර විභාගය කල්යයි

Puppa Thursday, 25 June 2020 09:26 AM

මෙයා ඩීල්දාසට හොඳට ඇමෙරිකාවෙදි බලාගත්තා... අපි පින්තූරත් දැක්කා..

:       0       51

Buddika Thursday, 25 June 2020 10:40 AM

පල් හොරුන්ගේ නඩු.., දේශපාලන මිනීමරුවන්ගේ නඩු, වසර ගණනින් කල් යද්දී රථ වාහන නඩු අල්ලගෙන දඟලනවා. මෙයාව රැකගත්තේ ඩීල්දාසලා, ගාල්ලේ ගුණවර්ධන සහ මල් ලකුණින් ඡන්දෙට ඉල්ලන අය...

:       0       66

Don Thursday, 25 June 2020 01:58 PM

මේ වරදකරුවන්ට චෝදනා තියෙනවා නේද? ඇයි මේ වගේ දේවල් වසරකට දෙවරක්වත් අහන්න ලැබෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site