IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සපුගස්කන්දේ ගේම් දුන් ‘එයාර්ෆෝස් සුද්දා‘ මාට්ටු

( ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා සුදත් පුබුදු කීර්ති )

ගෙවල් බිඳුම් සහ නවතා තිබෙන මෝටර් රථවල මුදල් සොරකම් කිරීමෙ යෙදුන බව කියන " එයාර්ෆෝස් සුද්දා  " යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ගුවන් හමුදා හිටපු සෙබළෙක් කළගෙඩිහේන ප්‍රදේශයේදී සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළගෙඩිහේන පුදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සොරකම් සදහා යොදා ගත් මන්නා පිහි තුනක් හා පොල් උලක් පොලිස් භාරයට ගෙන තිබේ. 

මාවරමණ්ඩිය , ඔබවත්ත ප්‍රදේශයේ නිවෙසක නවතා තිබු මෝටර් රථයක තිබි සේවක වැටුප් ගෙවීම සදහා රැගෙන ආ රුපියල් හය ලක්ෂ හැත්තැ පන් දහසක මුදලක් ද පමුණුවිල ප්‍රදේශයේ නිවෙසක නවතා තිබු මෝටර් රථයක තිබි රුපියල් තුන් දහස් පන්සීයක මුදලක් ද මෙසේ සොරකම් කර ඇති බව පොලිසිය කියයි. 

මොහු ගුවන් හමුදාවෙ සෙබලෙකු ලෙස සේවය කර තිබෙන අතර පසුව ඔහු  සේවයෙන් පහ කර ඇතැයි ද පොලිසිය සදහන් කෙළේය. මෙසේ මෝටර් රථවලින් සොරකම් කළ මුදල් මත්කුඩු පානය කිරීමට හා මත්කුඩු ජාවාරම්කරුවන්ට ලබා දී තිබෙන අතර ඒ සමිබන්ධව විමර්ශනය කරන බවත් පොලිසිය කීවේය. 



අදහස් (0)

සපුගස්කන්දේ ගේම් දුන් ‘එයාර්ෆෝස් සුද්දා‘ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site