
(අනීෂා මානගේ සහ තරංග ගුණරත්න)
චාගෝස් දිවයිනට ගොස් කුඩාවැල්ල ධීවර වරායට පැමිණීම හේතුවෙන් නිරෝධායනය වූ ධීවරයන් පැමිණි බව කියන යාත්‍රාවක තිබී බලපත් නොමැතිව නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 4000ක් අත්අඩංගුවට ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කියති.
බේරුවල ධීවර වරායෙන් ධීවරයන් 7දෙනකු රැගෙන පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක තිබී මෙම මුහුදු කූඩැල්ලන් තොගය හමු වී තිබිණි.
මෙම බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර යාත්‍රාවෙන් පිටත්ව ගොස් ඇති අතර යාත්‍රාවේ ඇතිවූ බව කියන දෝෂයක් හේතුවෙන් මුහුදේ පාවෙමින් චාගෝස් දිවයිනට ගොස් ඇතැයිද, එම දූපතේදී යාත්‍රාව අලුත්වැඩියා කර නැවත එමින් සිටියදී යළිත් වාරයක් අබලන් වීම හේතුවෙන් එය කුඩාවැල්ල ධිවර වරායට ඉකුත් 6 වැනිදා පැමිණ ඇති බවද අනාවරණය වී තිබිණි. එම යාත්‍රාවේ පැමිණි බව කියන ධීවරයන් 7දෙනා ඉකුත් 6 වැනිදා සිට ඔලුවිල් නිරෝධායන කඳවුරට රැගෙන ගොස් නිරෝධායනයට ලක් කෙරිණි. ධීවරයන්ගේ නිරෝධායන කාලය අවසන්වන තුරු ධීවර යාත්‍රාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කුඩාවැල්ල ධීවර වරායේ නවතා තැබීය.
මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් යාත්‍රාව පරීක්ෂා කර තිබූ අතර එහි තිබී විශේෂ කිහිපයකට අයත් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 4000ක් සොයාගෙන ඇත. මුහුදේ කිමිදීම සඳහා උපයෝගී කරගන්නා ඔක්සිජන් ටැංකි 14ක් ද නිලධාරින්ගේ බාරයට ගැනිණි. බලපත් නොමැතිව මෙම මුහුදු කූඩැල්ලන් දඩයම් කර ඇතැයි නිලධාරිහු කියති.



2025 දෙසැම්බර් මස 04
646
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
534
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
440
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 4000ක් කුඩාවැල්ලේ යාත්‍රාවක