IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සභාව කල් තබන අවස්ථාවේ තෙදින  විවාදය හෙට (9) පස්වරු 1.00ට   ආරම්භ කෙරේ.

මෙම විවාදය හෙට අනිද්දා (10) සහ ලබන 12  වැනිදා  පැවැත්වේ.

සභාව කල් තබන  අවස්ථාවේ විවාදයේ  යෝජනාව ඉදිරිපත් කරමින් හෙට (9)පාර්ලිමේන්තුවේදී  මුලින්ම අදහස් දක්වන්නේ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් ලබාදෙන්නැයි පක්ෂ නායකයෝ රැසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ. මෙම විවාදය ලබාදීමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට පසුගිය 3 වැනිදා ඉදිරිපත් කළේය.

මේ  අතර අයවැය සංශෝධිත පනත් කෙටුම්පත ( 2022) පාර්ලිමේන්තුවට හෙට (9) ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එමෙන්ම විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා (10) ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තුව හෙට (9) සවස 1.00ට රැස්වීමට නියමිත අතර විවාදය සවස 4.30 දක්වා  පැවැත්වේ. එසේම පාර්ලිමේන්තුව අනිද්දා ( 10) සහ ලබන 12 වැනිදා  පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා  රැස්වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග අහෝසි වූ කාරක සභා සභා නැවත ස්ථාපනය කරනු ලබන ප්‍රධාන යාන්ත්‍රනයවන  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (Committee of Selection) පත්කිරීමද හෙට (9) දින සිදු කෙරේ.

මෙම තේරීම් කාරක සභාව පත්කර ගත් පසුව පාර්ලිමේන්තු කමිටු කඩිනමින් පිහිටවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.



අදහස් (0)

ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site