කසක්ස්ථානයේ ටෙන්ග්‍රීස් තෙල් නිධි ආසන්නයේ පිහිටි සේවක කඳවුරු වලට කොරෝනා වසංගතය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව බලධාරීහු පවසති.
සේවකයන් 2000ක් පමණ සිටින මෙම කඳවුරේ මේ වනවිට කොරෝනා අසාදිතයන් 12 දෙනකු තහවුරු කරගෙන ඇත.
සතිය මුලදී පළමු රෝගියා වාර්තා වී ඇති අතර ඔහු ඇසුරු කළ අය අතරින් අනික් රෝගීන් 11 දෙනා සොයාගෙන තිබේ.
මේ වනවිට කඳවුර අගුලු දමා ඇති අතර සේවකයන් දින 14ක නිරෝධායන කාලයකට යටත් කර ඇත.
කඳවුරේ වෙසෙන සේවකයන්ට ටෙන්ග්‍රීස් ක්ෂේත්‍රයට ඇතුළුවීම තහනම් කර ඇත.
මධ්‍යම ආසියාවේ අංක එකේ තෙල් නිෂ්පාදකයා වන ෂෙව්රොන් සමාගම පැවසුවේ සේවකයන් සම්බන්දව අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති බවයි.
කෙසේවුවද ටෙන්ග්‍රීස් නිෂ්පාදනාගාරයේ ක්‍රියාකාරම් වලට බාධාවක් සිදුවී නොමැති බවද නිෂ්පාදනාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද පාලකයෝ පවසති.
කසකස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදියින් 859 දෙනකු තහවුරු කරගෙන ඇති අතර රෝගීන් 10 දෙනකු මියගොස් තිබේ.
රෝගීන් 68 දෙනකු සුවය ලබා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසක්ස්ථානයේ ටෙන්ග්‍රීස් සේවක කඳවුරුවලට කොරෝනා ව්‍යාප්තවීමේ දැඩි අවදානමක්