IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

(දසුන් රාජපක්ෂ) 
 
ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාට හෙට (27) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.
 
ඉකුත් මැයි මාසයේ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තමා විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා ඇතැයි එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
 
මෙම සැමරුම තමා සංවිධානය කළේ යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.

ජන සංහාර සැමරුම් සතිය ලෙස නම් කළ සැමරුම් උත්සවයක් ඉකුත් මැයි 12 වැනිදා සිට සතියක කාලයක් පුරා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල්හිදී පැවැත්විණි. එම සැමරුම තුළින් ජාතිවාදය ඇවිස්සීමට සිවාජිලිංගම් මහතා කටයුතු කර තිබෙන බවට දකුණේ දේශපාලන කණ්ඩායම් සහ ආගමික නායකවරු චෝදනා කළහ. 

එම චෝදනා ප්‍රතික්ෂේප කළ සිවාජිලිංගම් මහතා පැවසුවේ යුද්ධය නිසා බැට කෑ දෙමළ  ජනයා සනහාලීමට තමා ඒ ක්‍රියාව කළ බවයි.



අදහස් (18)

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

Gayan Thursday, 26 December 2019 07:16 AM

හොඳ වැඩේ...

:       24       710

senaThursday, 26 December 2019 12:22 PM

කියලා වැඩක් නැහැ. ජාතික සමගියට තියෙන ප්‍රධානම බාධාවක්...

:       0       120

සේනක Thursday, 26 December 2019 07:54 AM

මේ අය තමයි අපේ රට නැත්තටම නැති කරන්නේ...

:       5       512

Bandara Thursday, 26 December 2019 08:14 AM

නියමයි අප පැතූ වෙනස මෙයයි. පන්න පන්න ජාතිවාදීන්ට පහර දෙන්න. අපි ආයෙත් ගෝඨාභය ගේනවා.

:       34       479

athuraThursday, 26 December 2019 10:31 AM

නිකන් බොරුවට උඩ පනින්න එපා ප්‍රකාශයක් දෙන්න කැදවලා තියෙන්නේ.

:       194       148

Chinthaka Thursday, 26 December 2019 08:55 AM

මෙයා තමයි ලංකාවේ ජාතිවාදය පතුරුවන්නේ... නිසි දඬුවම් දෙන්න.

:       0       315

Samare Thursday, 26 December 2019 09:10 AM

කොහොම හරි ඇතුලට දාමු එළියේ තියන්න හොද කෙනෙක් නෙමයි. තවත් එකෙක් ඉන්නවා විග්නේශ්වරන්. දෙන්නටම ඉතා ඉක්මනින් පියවර ගන්න වෙයි.

:       0       1073

p.d goonawardena Thursday, 26 December 2019 09:23 AM

දැන් ඇවිත් උත්තර දෙන එකයි ඇත්තේ.....

:       0       141

Champa Thursday, 26 December 2019 10:26 AM

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පිහිටෙව්වේ කවද්ද? නොවැම්බර් 16න් පස්සෙද? ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කරන්න ඉඩ දීලා දැන් එන්න කියන්න එහෙම කලේ ඇයි අහන්න...

:       276       402

DahamThursday, 26 December 2019 03:45 PM

ඉතින් වැරැද්ද කරන්න කලින් කොහොමද අල්ලන්නේ.

:       1       1

hamba Thursday, 26 December 2019 11:04 AM

රටක් ඇතුලේ රටක් විනාශ කරන අය මෙවන් ප්‍රකාශ කිරීම තහනම් කළ යුතුයි.

:       0       8

ranjith Thursday, 26 December 2019 11:31 AM

රනිල්ගේ නිවට ආණ්ඩුව නිසා සිංහල ජාතියට වුණු හානියට පව් ගෙවනවා දැන්...

:       1       110

athuraFriday, 27 December 2019 04:17 AM

ඔක්කොම කුණු බේරුවල් බොක්කට කියන්නෙ කට කහනවටද.

:       0       0

Bamunuarachchi Thursday, 26 December 2019 02:42 PM

මොකද එන්න බැහැ කියන්න බැරිද? සෙල්ලම් දාන්න එපා...

:       108       1

BamunuarachchiFriday, 27 December 2019 04:50 AM

මේ අදහස දෙමළ අය 108 මේ වනවිට බලලා...

:       0       0

Bandara Friday, 27 December 2019 03:16 AM

Aathura, ඔයාලගේ කාලේ ප්‍රකාශයක්වත් ගත්තේ නැහැනේ. ඒකයි උඩපනින්නේ.

:       1       1

jayasekara Friday, 27 December 2019 04:06 AM

නියමයි. දීපු ඡන්දෙ වටිනාකම ගැන හිතනකොට... ගොඩාක් සන්තෝසයි...

:       0       0

athura Friday, 27 December 2019 04:16 AM

බණ්ඩාර පහුගිය කාලෙ මේ රටේ නෙමෙයිද හිටියෙ අමතකද අත් අඩන්ගුවටත් ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site