( +++ මහරගම ගාමිණී සරත් ගුණවර්ධන සහ දෙහිවල ධර්මපාල හේරත්)
බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ හස්තිරාජයාට වධ හිංසා කෙරෙන බවට රාජ්‍ය නොවන සංවිධාන අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදුකර ඇති ප්‍රචාරය සංස්කෘතික කුමන්ත්‍රණයක් බවත් මේ රටේ බුද්ධිමත් ජනතාව මේ වන විට එය හොඳින් අවබෝධ කරගෙන ඇතැයි තමා විශ්වාස කරන බවත් බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පසුගිය සිකුරාදා (07) පැවැසූහ.
ධම්මරතන හිමියන් එසේ පැවසුවේ බෙල්ලන්විල විහාරස්ථානයේ මියන් කුමාර හස්තියා දිය නෑමට භාජන කිරීමේ දී ඇත්ගොව්වාගෙන් අමානුෂික ප්‍රහාරයකට ලක් වන බවට අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරී ඇති ප්‍රචාරය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම පිණිස විහාරස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
සුළු සත්‍ය සිද්ධියකට අසත්‍යය තවරා සමාජයේ කැළඹීමක් ඇති කිරීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරන බව ද බෞද්ධ සමාජය සත්ව හිංසනය පිළිකෙව් කළේ අදින් වසර 2700 කට පමණ ඉහත දී යයි එකල අපරදිග ජනයා සත්ව හිංසනයේ යෙදී සිටියේ විනෝදය පිණිස යැයි ද උන් වහන්සේ සඳහන් කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ධම්මරතන හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ.
අප රාජ මහා විහාරයේ ඇතුන් නැවීම් සිදු කරනුයේ මෙහි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස යන එන පින්වතුන්ට පැහැදිලිව පෙනෙන ස්ථානයකයි.
වසර හැත්තෑවකට අධික කාලයක් පුරා මහ පෙරහැරක් පවත්වා ගෙන යන රාජමහා විහාරස්ථානයක් ලෙස එසේ සිදු වුණා.
එදා බෙල්ලන්විල සෝමරතන නායක හිමියන්ගේ කාලයේ සිට එය මෙලෙස සිදු වුණා. එකල සිටි ඇත් රාජයා මිය පරලොව යෑමෙන් පසුව අපවත් වී වදාළ මහාචාර්ය විමලරතන හිමියන් විසින් එදා ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහාය ඇතිව මියන්මාරයේ සිට මෙම ඇත් පැටවා මෙහි ගෙන්වනු ලැබුවා.
එදා සිට මෙම ඇත් පැටවා බලා කියා ගත්තේ වසන්ත නම් මහත්මයෙක්. ඇත් ගොව්වා වශයෙන් කටයුතු කළේ ඔහුයි. මෙම ඇත් පැටවා නාවද්දී අමානුෂික ලෙස සලකන බවක් පෙන්වීමට අන්තර් ජාලය ඔස්සේ උත්සාහයක් ගෙන තිබෙනවා. මැසි මදුරුවන්ගෙන් සිදුවන පීඩා වැළැක්වීම සඳහා අලි ඇතුන් පස් සහ වැලි සිය සිරුරට දමා ගන්නා බව සත්ව විශේෂඥයින් පවා මාධ්‍ය ඔස්සේ පවසද්දී, එසේ පස් සිරුරට දමා ගන්නා ලොව සිටින දැවැන්තම සත්වයා ද වන හස්ති රාජයකු නෑවීමේ දී එම සතාගේ සිරුරට නැගීමට ඇත්ගොව්වාට සිදු වෙනවා. පින්නවල ඇත්ගාලේ දීත් මෙය මෙලෙස සිදු වෙනවා. එහෙත් එහි යන කිසිදු විදේශ සංචාරකයකු පින්නවල ඇත් ගාලේ දී සත්ව හිංසාවක් සිදු වන බවට මෙතෙක් ප්‍රකාශ කර නැහැ. එසේ නම් බෙල්ලන්විල හස්ති රාජයා නෑවීමේදී උගේ සිරුරට නැග එම සත්වයා ඇඟ මතට දමා ගත් පස් සහ වැලි ඉවත් කිරීමට පොල් ලෙල්ලකින් අතුල්ලා සිරුර පිරිසිදු කිරීමේ දී සිදු වන සත්ව හිංසාව කුමක්ද?
මෙය පෙරදිග සංස්කෘතියේ හර පද්ධතීන්ට පහර දීමට බටහිර ජාතීන් පිරිසක් එන්.ජී.ඕ. හරහා සිදු කළ පහත් උත්සාහයක් විය නොහැකිද? මෙම පුවත සහ ඡායාරූප අන්තර් ජාලයේ පළ වූ දිනට පසු දින මෙහි පැමිණි කාන්තාවන් දෙදෙනකු මෙහි අසුන් ගන්නා විටම කීවේ, හාමුදුරුවනේ මේ අලියා ආපසු මියන්මාරයට යවන්නකෝ යනුවෙනි. එහිදී එම කාන්තාවන් වෙතින් පළ වූයේ ද විහාර පරිශ්‍රයක දී කාන්තාවක විසින් පළ කළ යුතු සංවර කතා ශෛලියක් නොවේ. ඔවුන්ගේ හැසිරීම් රටාව තුළ ද මෙම සිදුවීම පිළිබඳ මධ්‍යස්ථ දෘෂ්ඨියකින් බලා කටයුතු කරනා මානුෂික හැසිරීම් රටාවක් දක්නට ලැබුණේ නැහැ. මෙය මේ රටේ ජනතාව හොඳින් අවබෝධ කරගත යුතු වෙනවා. මෙම ඇත්ගොව්වන් පරුෂ වචනයෙන් සතාට බැණ තර්ජනය කරන බවක් ප්‍රකට කිරීමට අන්තර් ජාලය ඔස්සේ උත්සාහ ගෙන තිබුණා. විහාරයේ චෛත්‍යය අසල පිහිටි දිය තටාකයක දී ඇත්ගොව්වකු නොව අබෞද්ධයකු වුණත් පරුෂ වචන භාවිත කරනු ඇතැයි ද යන්න විනිශ්චය කිරීම මෙරට උගත් නැණවත් ජනතාවට මා බාර කරනවා.
ඇතා නෑවීමේ දී සිරුරට සහ දළ යුවළට සිදුවන හානිය අවම කිරීමට, එම ජල තටාකයේ පතුලට වැලි අතුරා තිබෙන බැවින් එහි ජලය බොර පැහැයක් ගන්නවා විනා, සධාතුක කරඬුව වැඩම කරවන හස්ථි රාජයා නොව වෙනත් ඇතෙකු වුවද නෑවීමට ඇත් ගොව්වා මඩ සහිත ජලය යොදා ගනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ.
විද්වතුන් විසින් පවා සත්ව ලෝකයේ බුද්ධිමත්ම සත්වයා ලෙස හඳුන්වනු ලබන ඇතකු නෑවීම සඳහා අපවිත්‍ර ජලය යොදා ගන්නේ යැයි මෙරට බෞද්ධ ජනතාව ද විශ්වාස කරන්නේ නැහැ. මන්ද සත්ව හිංසාව අප සැමදා පිළිකෙව් කළ නිසා. රාජ්‍ය නොවන සංවිධාන අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදු කරන මෙම සංස්කෘතික කුමන්ත්‍රණය මේ රටේ බුද්ධිමත් ජනතාව මේ වන විට හොඳින් අවබෝධ කරගෙන ඇතැයි මා විශ්වාස කරනවා යැයි ද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මෙම මාධ්‍ය හමුවට එම විහාරවාසී බොරලැස්ගමුවේ පේමරතන හිමි සහ බොරලැස්ගමුව, දිවුල්පිටියේ බෝධිරජාරාමයේ විහාරාධිපති හෝකන්දයායේ බුද්ධසිරි හිමි ද දෙහිවල ගල්කිස්ස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර, සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි, රජයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ආරිය රූබසිංහ යන මහත්වරුන් ඇතුළු විහාරස්ථ දායක සභාවේ සාමාජිකයෝ රැසක් ද එක්වී සිටියහ.
COMMENTS
මම පන්සලට ආපු දවස් දෙකකම දැක්කා පන්සලේ පහන් වැටට එහා අලියෙක් කකුල් කැපෙන තරම් ඈතින් තියලා යකඩ දම්වැලකින් ගැටගහලා තිබ්බා ඌට හෙළවෙන්නවත් බැරිවෙන්න.
ඒකනේන්නම් අපේ හාමුදුරුවනේ, පොඩි කලේ සිටම ඔය ඇතා කෙවිටක් හොඩෙන් ගෙන පසු කකුලට ගසාගන්න නරක පුරුද්ද තිබුනා නේ ?
මේ ඇතා ගැන මම දන්නේ නැහැ. නමුත් පන්සලක ඇතෙකුට මොනවහරි උනොත් හරි කළොත් හරි එන්. ජී.ඕ කාරයෝ වලිගෙ උස්සන බවනම් මමදන්නවා. නමුත් අර අලි 7ක් අබිරහස් ලෙස මැරිච්ච එක ගැන මුන් "හ්ම් " නැහැ . අලි මිනිස් ගැටුම (අපේ රටේ අනිත් ඒවා වගේම විසඳුම් නොදෙන ) නිසා අලි කී දෙනෙක් මැරෙනවද ? උන් අලි නෙමේද? ඒ ගැන කෝ කතා ඔය එන්.ජී.ඕ නඩය ?
වැරැද්ද කවුරු කළත් වැරදි.........
මිනිසුන් දකිනදේ වැරදියට හුවා දක්වමින් වෙන්න ඕන දේට පිළියම් යොදන්නේ නැතිව කතාකරනවා එළිපිට වීඩියෝ එකෙන්ම මේ සිද්ධිය පෙන්නපුවම. ඇත් ගොව්වට සැහෙන්න ආදරෙයි වගේ. අනේ අපිත් පව් එකතුකරගන්නවා මේවාට කොමෙන්ටු ලියන්න ගිහින්
ඔය NGO සංවිධාන ඕස්ට්‍රේලියාවේ ඔටුවන් දහස් ගණන් වෙඩි තබා මරණ එක, ඉන්දියාවේ බිලි පූජාවලට සිය ගණනක් සතුන් මැරීම, ලංකාවේ මොනරුන් මැරීම සහ සමුහ අලි ඝාතන... මේවා ගැන හ්ම්... සද්දයක්වත් නැත්තේ මොකද? පන්සලක අලියෙක් නාවන විදියේ වැරැද්දක් සත්ව හිංසනයක් ලෙස දකිමින් කෑගහන්නේ ඇයි...?
ඔබ වහන්සේගේ සත්ව කරුණාව මියන්මාරයට අාරංචි වෙලා... අපායේ ගරු නම්බු නැහැනේ...
ඔය පන්සලට හැමදාම යන එන අයට හොඳට පෙනෙනවා ඔය අසරණ ඇත් පැටියාට සලකන හැටි.., කිසිම වැරැද්දක් පිළිගන්නේ නැතිව NGO කාරයින්ට බනින එක දැන් පුරුද්දක් කරගෙන...
අපිත් පන්සල ලඟම ජය මාවතේ ඉන්න අය. පොඩි කාලේ ඉඳන් ඔය ඇත් පැටියට දුන්න වධ අපි හොඳන්ම දැකලා තියෙනවා. අපේ පොඩි ළමයින් පවා අහනවා ඇයි ඒ විදියට වද දෙන්නේ ඒ අලියට කියලා.
සත්ව හිංසනය බලපාන්නේ පන්සල්වල් ඉන්න අලින්ට විතරමද..? පසුගිය දිනවල කලාවැව රක්ෂිතය තුළ මරා දමා සිටි අලින් 7දෙනා ගැන කෝ ඔය කට්ටිය හඬක් නැගුවා. එතකොට ඕස්ට්‍රේලියාවේ ඔටුවන් වෙඩිතබා ඝාතනය කරනවිට ඔය ඊනියා සංවිධාන නිදාගෙනද හිටියේ...? මේක පැහැදිලිවම බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමක්..
ඔය පන්සලට එන අයව බොරුකියලා රවට්ටන්න බැහැ. හාමුදුරුවන්ට අලිපැටියා එක්ක කෝන්තරයක් ඇති... මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි.. සාදු...සාදු...සාදු....!!!
පන්සල වල ඉන්න අලි ගැනයි පෙරහැර වල ගෙනිය අලි ගැනයි ලොකුවට කතා කරන්න, එතකොට සත්ව අවිහිංසාව ගැන කතා කරන්න සැහෙන කට්ටියක් ඉන්නවා. ඒ උනාට වනාන්තරේ ඉන්න අලි මරනකොට, වද දීල ගවයෝ ප්‍රවාහනය කරනකොට, බඩ දරු ඇතින්නියෝ මරනකොට, දිවියන් මරල දත් ගලොගන්නකොට, කතා කරන්න මේ නිව්ස් වල පොස්ට් දාන එකෙක්වත් නැහැ. ඒ නිව්ස් එකක් දැම්මත් කමෙන්ට් එකක්වත් නැහැ. දැක්කේ නැහැ වගේ ඉන්නේ. හැබැයි පන්සලක අලියෙක් නම් ඔන්න දුවගෙන එන්නේ අවිහිංසාව ගැන කියාගෙන. ඒ ගොල්ලන්ගේ අවිහිංසාව පන්සල්වල අලින්ට විතරයි.
අලි ඇතුන් හීලෑකර ඔවුන් සමග ජීවත්වීම මිනිස් සංහතිය කාලාන්තරයක් සිටම කරන දෙයකි. එය ඔය කියන රාජ්‍ය නොවන සංවිධාන නොතිබුණු කාලයකි. අලියාට මිනිසාට තරම් සිතීමේ ශක්තියක් නැති නිසා ඌ බලගන්න ඇත් ගොව්වා නම් වෘත්තියක් ඇති වුණා. අලියා මෙල්ලකර උගෙන් අනිත් මිනිසුන්ට කරදරයක් නොවෙන්න වගබලා ගැනීම ඒ ඇත් ගොව්වගේ යුතුකමයි. පිරිමි අලියෙකුට මදකිපුණු විට ඌ ගස් බඳියි. නැතිනම් වෙන්නෙ මහා විනාශයක්.
අනේ පින් සිද්ද වේවි මුසාවාද කියන්න එපා.., පව්... ඒ රූප රාමුව හරියට බලන්න. ඊට පස්සේ අනුන්ට ඇඟිල්ල දික් කරන්න. වරදකරුවන්ට නිසි දඬුවම් දෙන්න. ඒ අලියා ඇත් ගොව්වට ගහනවා වත්ද? අනේ මට වැරදුණාද මන්දා...
ගලාගෙන යන ගඟක හෝ අක්කර ගණනක් පුරා විහිදුණු වැවක නාන අලියෙකුගේ සහ කුඩා ටැංකියක පල්වූ දුර්වර්ණ වූ අපිරිසිදු වූ වතුර නාන අලියෙකුගේ ප්‍රබෝධය ඔබ වහන්සේට තේරුම් ගත හැකිද? ඔබ වහන්සේ එක දිනක් ඔය ටැංකියේ ඔය වතුරේම අලියත් සමගම ගිලි ගිලි නෑමට කැමතිද? යොමා බුදු නෙත කුලුනිනේ වඩිනු මැන නිදුකානනේ... මුවින් මුවග ගලනා නාග විස උනුන් නසාලන අසිරි බලන්නට // කාලයයි නිදුකානේ, දීපයයි නිදුකාණනේ, දේශයයි නිදුකානනේ, වඩිනු මැන නිදුකානනේ
මොන ඉටිගෙඩියක්ද හාමුදුරුවනේ? නමක් කියන්නකෝ නැතිනම් මෙහෙයවන කෙනාගේ නම කියන්නකෝ...
මේ අලියාට හිංසාකරන්න එපා කියලා, අලියා ලංකාවට ලබා දුන්නු මියන්මාර රජයත් ලංකාවේ ආණ්ඩුවට දැනුම් දීමක් කරේ ඇයි දන්නේ නැහැ එහෙනම්. ඔබ වහන්සේ කාගේ බුදුදහමද මේ දේශනා කරන්නේ?
ඇතාට ගැහුවා. ඇත් ගොව්වට එරෙහිව පියවර ගන්න...