IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


“සියල්ල අමතක කර දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න’’

(ඩයනා උදයංගනී)

මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බැවින් රට සහ රටේ අනාගතය වෙනුවෙන් සියල්ල අමතකර කර නොමිලේ හරි උගන්වනවා කියා දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නැයි තමන් ගුරුවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කොට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ  පැවසූහ.

නිදහස් අධ්‍යාපනයේ පියාණන් වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ අරමුණ වූයේ ඇති නැති හෝ වෙනත් භේද නොසලකා සියලුම දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාදීම වන බැවින් මේ මොහොතේ අනිත් සියලු දේ අමතක කර, බඩගින්නේ හෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්නැයි තමන් ඉල්ලා සිටින බව ද මහ නා හිමියෝ සඳහන් කළහ.

ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් මේ බව පැවසුවේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ 137 වැනි ජන්ම දින සැමරුම යෙදුණු අද (13) ඒ මහතාගේ උපන් ගම වූ මතුගම, ලූල්බද්දුව ප්‍රදේශයේ පිහිටි කන්නන්ගර සමාධියට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

එමෙන්ම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතා වෙනුවෙන් කෞතුගාගාරයක් පිහිටුවීම පිළිබඳ කතිකාවක් ද මහ නා හිමියන්ගේ සහ අධ්‍යාපන අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියෝ මෙසේ ද පැවසූහ.

“මම ඉතාම කරුණාවෙන් සඳහන් කරන්නේ රටේ ගුරුවරු පාසල් දරුවන්ට ඉගැන්වීම ඉක්මනින් ආරම්භ කළ යුතු බවයි. කන්නන්ගර ශ්‍රීමතාණන් අපට පෙන්වා දුන් දෙය වන්නේ ඇති නැති හෝ වෙනත් භේද නොසලකා සියලුම දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීමයි. එබැවින් මේ මොහොතේ මේ රටේ ගුරුවරුන්ට මා ඉතා කරුණාවෙන් කියන්නේ අනිත් සියලු දේ අමතක කරලා, බඩගින්නේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් දේ ඒකයි.

නොමිලේ හරි උගන්වනවා කියලා රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට උගන්වන්න. මේ කාර්යය ඉතා ඉක්මණින් සම්පූර්ණ කරගන්න අප කාටත් අවස්ථාව ලැබෙනවා ඇති. මෙවර මේ කටයුත්තට මුල් වෙලා තියෙන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා. බොරළුගොඩ සිංහයාගේ දරුවෝ වැඩක් අතගැහුවොත් ඒ වැඩේ ස්ථිර වශයෙන්ම කරනවා.”

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභිකයින් වන යදාමිණී ගුණවර්ධන, අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න ඇතුළු පළාතේ මහජන නියෝජිතයන්, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (19)

“සියල්ල අමතක කර දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න’’

චන්දන Wednesday, 13 October 2021 05:20 PM

දැං හාමුදුරුවන්ට කියයි ආණ්ඩුවට ගොටු අල්ලනවා කියලා අර කාලකණ්ණි මානසිකත්වය තියෙන ස්ටාලින්ගේ කට්ටිය... මේ අයට ඔහොම කියලා හරියන්නේ නැහැ හාමුදුරුවනේ...

:       344       27

Lalith MWednesday, 13 October 2021 05:35 PM

චීවරය දේශපාලන වැඩට ගාවගෙන සිවුර තවත් ජරා නොකර බණ පදයක් දෙසාගෙන ඉන්න එක යහපත් වෙයි... රටට කළ විනාශය ඇති දේශපාලනයට බැහැලා.

:       20       51

ටීචර් Wednesday, 13 October 2021 06:27 PM

M අකුරින් කියන්නේ මොංගල් කියලාද?

:       23       25

සුදු Thursday, 14 October 2021 11:39 AM

හාමුදුරුවන් වහන්සේලට බැනලා ආර්ය උපාදානය කර ගන්න එපා.

:       1       2

වැදිසිංහWednesday, 13 October 2021 07:43 PM

මාස තුනකට වරක් පාර්ලිමේන්තු ගිහිල්ලා ලක්ෂ ගණන් වැටුප්, දීමනා කොමිස් ලබමින් අවුරුදු පහකින් විශ්‍රාම යන උන් තමයි ජාතික වීරයෝ... අවුරුදු විසි හතරක් වැටුපෙන් අඩක් ලබාගෙන සේවය කළ නිහඬ ගුරුවරුන් ඇත්තටම කාලකන්නින්ය. තම පුද්ගලික ධනය කැප කරමිනි ඔන්ලයින් අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන් ඇත්තටම කාලකන්නින්ය...

:       8       25

දොලේවත්Wednesday, 13 October 2021 08:32 PM

එක එක්කෙනාගේ මානසිකත්වය කාලකන්නි යැයි කියන ඔබගේ මානසිකත්වය රැඳී තිබෙන තැන හොඳටම පැහැදිලිය.

:       5       11

SLWednesday, 13 October 2021 09:24 PM

ඕක කියන්න ඕනේ අධ්‍යපනෙත් එක්ක දේශපාලනේ කරන පක්ෂ වලට. ඔතන ඉන්න එක්කෙනෙක් ජවිපෙ ලොකු කකුලක් , හිටපු මන්ත්‍රී. අනිත් එක්කෙනා ඕස්ට්‍රේලියාවෙන් එන සල්ලි වලින් යැපෙන පෙරටු ගාමි කඩාකප්පල් කාරයෙක් .ඉතිරි කෙනා සජිත් ගේ. දේශපාලනේ කරාට කමක් නැහැ අධ්‍යපනෙත් එක්ක කරන එක තරම් නිහීන වැඩක් ලෝකේ කොහෙවත් නැහැ.

:       9       9

කිරි පුතා Wednesday, 13 October 2021 05:26 PM

ස්ටාලින් ඇතුලු නඩයට ඒක ව්‍යාපාරයක්... මේ පාර නම් සාමාන්‍ය ජනයාගෙන් කන්න තමයි හදන්නේ කට්ටියම...

:       39       24

සුද්දා Wednesday, 13 October 2021 06:37 PM

සාමාන්‍ය ජනතාව මේ අයට හිරිහැර කළොත් යම රජුගේ වැරදි පොත් සටහන් වල සංගම්වල අයට වාසිදායක තත්වයක් ඇතිවෙනවා. එහෙම නොවුනොත් සංගම් වල ඇත්තන්ට ආත්ම ගණනාවක් මන්ද බුද්ධිකයින්ව ඉපදීමට වරම් ලැබෙනවා.. මේ නිසා අපි කලබල නොවී සිටිමු...

:       14       12

fairoosWednesday, 13 October 2021 06:39 PM

ඊට පෙර සර්ටත්, සර්ගේ නඩයටත් ඕක වෙනවා...

:       15       30

ජයන්ත මිලානො Wednesday, 13 October 2021 06:42 PM

දේශපාලකයින්ගේ පඩිය, ලයිට් බිල, කොළඹ මන්දිර, ඉන්ධන එකී, මෙකී, නොකී සියලුම දීමනා ලබාගන්න පුළුවන් අයට උගන්වන්න වෙහෙසුණු ගුරුවරුන්ගේ හිඟන පඩියට නිර්දේශ කළ මුදල එකතු කරන්න තමයි බැරි...

:       12       41

අකිත Wednesday, 13 October 2021 07:23 PM

රටේ ටියුෂන් ටික සම්පූර්ණයෙන්ම නවත්තල බලමු ඔය වැඩි පඩි ඉල්ලන ගුරු වරුන්ගෙ කෙරුවාව.

:       4       11

ranjan Wednesday, 13 October 2021 07:37 PM

අපේ හාමුදුරුවනේ, ජනතාව අද බඩගින්නේ බඩුමිල අනුකම්පාවක් නැතිව වැඩිකරනවා... මේවා පේන්නේ නැතිද? රටේ සම්පත් විකුණනවා. මේවා දකින්නේ නැතිද? අවාසනාවක් නේද?

:       6       25

මහීල් Wednesday, 13 October 2021 09:30 PM

වැඩක් නෑ අපේ නායක හාමුදුරුවනේ මේ ගුරුවරුන් නෙවෙයි...

:       16       11

Demuni Uduwara Thursday, 14 October 2021 04:18 AM

එසේම රජයටද උපදෙස් දෙන්න.

:       1       0

චන්දන Thursday, 14 October 2021 07:23 AM

ඔය ස්ට්‍රයික් එක ඇයි උතුරු නැගෙනහිරත් ක්‍රියාත්මක නැත්තෙ ධනවතුන් ගෙ පාසල් වල වැඩ. ස්ටාලින් ලා හදන්නේ සිංහල යන් නැත්තටම නැති කරන්න.

:       0       2

nimal karunarathne Thursday, 14 October 2021 10:03 AM

බොරලුගොඩ සිංහයාගේ පුත්තු මොනවද හරියට කරලා තියෙන්නේ .එකම දෙයයි ජාතිවාදය සහ බොරුවෙන් මුලා කිරීම් .ස්තුතියි

:       0       1

සුදු Thursday, 14 October 2021 11:36 AM

ස්වාමීන් වහන්සේලා කියන දෙයක් වත් කරන්න බැරි අය ඉතිං යම රජ්ජුරුවන්ට ම බාරයි.

:       1       0

V.v Friday, 15 October 2021 11:53 AM

හැම දාම මේ ගුරුවරු වර්ජනය කරන්නේ ඕලෙවල් සහ ඒලෙවල් ළමයි ටික ප්‍රාණ ඇපකරුවන් ලෙස තියාගෙන. වර්ජනය කරන ගමන් කොළඹ ගැහැණු පාසැල එක්ක ගුරුහොරු ටික දෙමාපියන්ගෙන් සල්ලි ඉල්ලනවා මැඩම්ට තෑගි දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29927 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12068 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10891 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 757 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 225 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 877 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site