
(අංජුල මහික වීරරත්න)
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ මහතා නිවේදනය කරයි.
ඇල්ල දුම්රිය ස්ථානයෙන් සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රියන් සඳහා එම දුම්රිය ස්ථානයන්හි සිට බදුල්ල දක්වා ඉදිරි දුම්රිය ස්ථාන වලට ගමන් කිරීමට බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාළ සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇතිවන සංචාරක ආකර්ෂණය පිළිබඳ සලකා බලා රූගත කිරීමට අවසර ලබා දී ඇතැයිද අදාල නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් මගීන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි...