
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් කාරක සභාවේ ප්‍රශ්නය ඉතා හොඳ විදිහට අවසන් වී ඇති අවස්ථාවක මේ ගැන නැවත නැවතත් කතා කරමින් හෝද හෝද මඩේ දමන්නේ ඇයිදැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (8) ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු දැක්වූ අවස්ථාවේදීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
මුදල් කාරක සභාවේ සභාපති ධූරය විධායක ජනාධිපති ඇවිල්ලා ප්‍රකාශයට පත්කරන්න
පුළුවන්ද. එහෙම දෙයක් ස්ථාවර නියෝගවල නැහැ. ඊයේ පාර්ලි මේන්තුවේ ස්වෛරීත්වය අහිමි වූ දිනයක්. අපි කවුරුත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක විය යුතුයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලා සිටියා.
අන්තිමට ජනාධිපතිතුමාටම ඇවිල්ලා හර්ෂ ද සිල්වා අභිෂේක කරන්න සිදුවුණා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
දැන් ඒක ඉවරයි නේ.
කිරිඇල්ල මහතා
ඔබතුමාට යමක් කරන්න බැරිදේ ජනාධිපතිතුමාට කියලා තමයි කරගන්න වෙන්නේ. අපි මේක අවුරුදු ගාණක් ඉල්ලූවා. ඔබතුමා තමයි සියලු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්න ඕන. කතානායක ගන්න ඕන රජතුමාගේ පැත්ත නොවෙයි. මන්ත්‍රීවරුන්ගේ පැත්ත.
කතානායක
මන්ත්‍රීවරු තමයි තීන්දු ගන්නේ. ඒක හොඳ විදිහට අවසන් වුණා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා
හර්ෂ ද සිල්වා පත් වීම ගැන සතුටු වෙනවා. තේරීම් කාරක සභාව තමයි සියලු තීන්දු ගත්තේ. අපි මුලින්ම කිව්වා මේක විපක්ෂයට දෙනවා කියලා. මෙතන කුමන්ත්‍රණය තිබ්බෙ විපක්ෂයේ . අපි විපක්ෂයේ මයන්ත දිසානායක යෝජනා කළාම එතුමා ඇවිල්ලා බාරගත්තා. ජනාධිපතිතුමා සියලු දෙනා එකතු කරගෙන යන ගමනක් යන්නේ. මේක කිය කිය ඉන්න එපා. එතුමාට වැඩ කරන්න ගෙන යන්න ඉඩ දෙන්න ඕන. ආපහු මේක කතා කරලා හර්ෂ ගේ කටයුතු අවුල් කරන්න යනවද මන් දන්නෑ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.