
(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)
පරණ ක්‍රමයෙන් අයුතු ප්රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"විවේචන වලින් අපේ අයවැය තවත් ශක්තිමත් වන බව කිව යුතුයි.විපක්ෂය අයවැයේ පළමු දවසේ දී කළ කතා සහ මාසයක් තිස්සේ විවාද කොට අද කළ කතා වල වර්ධනයක් තිබෙනවාද කියා මා බැලුවා.නමුත් අපට පෙනෙන්න තියෙන්නේ විපක්ෂයේ කතා තියෙන්නේ එතනම තමයි.ඔවුන් හැමදාම එකම දේ මතුරන ස්වභාවයක් හැඟුණා.ජාතික ජන බලවේග ආණ්ඩු විසින් අරඹන්න යන සිස්ටම් චේන්ජ් සිදුවෙමින් තිබෙන බව මේ අයවැය විවාද වලදී මට දැනුන දෙයක් යනුවෙන්ද අගමැතිවරිය කීවාය.
COMMENTS
ඔව් ඔව්, ආණ්ඩුව හැමදාම මතුරන පච අහගෙන ජනතාව ඉතා සතුටින් ඉන්නවා. මාස හයක් ගිහිල්ලත් වෙච්චි දෙයක් නැති නිසා සිස්ටම් චේන්ජ් කරන්නත් ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා...
මේ කවුද මේ...? මේ කාන්තාව OUSL එකේ ඉන්නකොට මාස 2ක් විශ්ව විද්‍යාලය පුරාම වැඩ වර්ජනයක් කළා. ඇය කුප්‍රකට NGO ගුහාවක බෙදුම්වාදී සවර්ණමුත්තුගේ නායකත්වයෙන් යුත් කුප්‍රකට NGO සංවිධානයක් සමඟ වැඩ කළා. ඔබ මේ රටට කළ දේ. ඔබ කළ ඕනෑම දෙයක් නම් කරන්න. වත්මන් විපක්ෂය ඔබට ආශිර්වාදයක්... සජිත් ප්‍රේමදාස සමඟ, විපක්ෂය හපන්න දත් නැති පරණ හිවලෙක්. එක දෙයක් පැහැදිලියි. පළාත් සභා මැතිවරණයේදී ඔබට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඔබේ ආණ්ඩුව අන්ත අසාර්ථක ආණ්ඩුවක් වන අතර ඉතිහාසයේ කුප්‍රකට එකක්...
අයවැයට කලින් කරන්න පුළුවන් ඔක්කෝම බදු වැඩි කරලා අපව රවට්ටන්න හැදුවාට අප ඒ තරම් බූරුවන් නොවේ ආචාර්යතුමිය...!
ඒකටත් එක්ක ආණ්ඩුව නේද අගමැතිනි! පරණ අයට බැන බැන ඉන්නේ නෑ වැඩ කරනවා. දැන් වරායෙන් කන්ටේනර් පිටවෙන්නේ නෑ. හාල් තියෙනවා, පොල් ලාබයි. පෙට්‍රොලියම් එකේ කොමිස් ගන්න ඇමති නැති නිසා පෙට්‍රල් ඩීසල් හරි ලාබයි. කාර් ලාබයි. හැමෝටම ගන්න පුළුවන්. ආචාර්ය මහාචාර්යලා පාර්ලිමේන්තුවේ පිරිලා. චාමර සම්පත් වගේ අයට එයාල හු කියන කොට හරිම ලයාන්විතයි. සංස්කෘතික ඇමති උත්සහ කරන්නේ ලෝකේ වෙන කිසිම රටක නැති විදිහට රටේ හැම පවුලකටම කාර් එකකුයි පුස්ථකාලෙකුයි දෙන්න. මහින්ද මහතා ඇතුළු පරණ ජනාධිපතිවරු ආණ්ඩුවේ ගෙවල්වලින් පන්නල සැහෙන්න මුදලක් ඉතුරු කරලා. පිටරට ඉන්න ජවිපෙ හිතවත්තු හෝ ගාලා ඩොලර් එවන නිසා ආර්ථිකේ හිටු කියල උඩට නගිනවා. පාතාලේ සුන්නත්දුලි වෙලා. වැඩ වර්ජන නෑ. අධ්‍යාපනයට 6% වෙන් කරලා. දේශපාලකයන් දැන් ඉස්කෝලවලට යන්නේ නෑ. ටියුෂන් තහනම් කරලා. සමලිංගිකයන්ට දැන් හොදට සලකනවා. අනේ ඉතින් හරිනිලා වගේ මෙනෙවි නෝනලා අපට මෙච්චර කල් මිස් උනානේ දෙය්යනේ!
අම්මෝ ඔව්! ඔයගොල්ලෝ මතුරන්නේ එක එක මන්ත්‍ර. ඒකනේ මතුරන හැටියට වැඩ බිංදුව
ඔබතුමිය පක්ෂෙට සහ ආණ්ඩුවේ අගමැති පුටුවට ආපු විදිය ගැන පරන ජේවීපී නායකයෝ දන්නෙත් නෑ. යැංකි අනුහස් තමයි.