
(මනෝප්‍රිය ගුණසේකර)
යම් සිද්ධියක වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන්නේ එම සිද්ධිය පිළි`බද පැමිණීලි කළ දිනය නොවන බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා පැමිණීල්ලට අදාළව විමර්ශන නිලධාරීයා විසින් කරනු ලබන විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනය වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන බව අවධාරණය කළේය.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහි නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් පසුව බවටත් එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් සඳහන් කරමින් එම නඩුව සම්බන්ධයෙන් වු චෝදනා කියවාදීම සඳහා ආසිරි රෝහලේ අධක්‍ෂවරුන් අධිකරණයට කැඳවමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා පවරා ඇති පෙත්සම කැඳවු අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එලෙස අවධාරණය කළේය.
කාලාවරෝධය පිළිබඳව සහ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කරමින් චෝදනා කියවාදීම සඳහා විත්තිකාර රෝහල හා එහි අක්‍ෂ්‍යවරුන් අධිකරණයට කැඳවමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධන කරන්නැයි ඉල්ලා ආසිරි රෝහල සහ එහි අධක්‍ෂවරුන් පිරිසක් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සිද්ධියෙන් අගතියට පත්ව සිටින සනත් කුමාර අතුකෝරල මහතා නම් කර ඇත.
ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් දුන් නියෝගය දෝෂ සහගත බවට මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය දුන් නියෝගය සම්බන්ධයෙන් මෙන්ම ඉන් අනතුරුව නඩුව යළි ආරම්භ කිරීමට එරෙහිව මීට පෙර වෙනත් අධිකරණ වලට පෙත්සම් ඉදිරිපත් කොට ඇතැයි දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් නඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේදී කාලාවරෝධය පිළිබඳව සහ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට තමන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය තම සේවාදායකයින්ට චෝදනා කියවාදීම සඳහා ඔවුන් අධිකරණයට කැඳවමින් මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කළේ යැයි කී නීතීඥ ජීවන්ත ජයතිලක මහතා වරද අනාවරණය වු දිනයේ සිට මාස 03ක කාලයක් ඇතුලත නඩු පැවරිය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වී ඇතැයිද පෙන්වා දුන්නේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා යම් සිද්ධියක වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන්නේ කවදාද? යනුවෙන් විමසීය.
නීතීඥ ජීවන්ත ජයතිලක මහතා, වරද අනාවරණය වු දිනය වශයෙන් සළකන්නේ මෙම සිද්ධිය පිළිබඳ යම් ආයතනයකට පැමිණීල්ලක් ඉදිරිපත් කළ දිනයයි, එදින සිට මාස 03ක කාලයක් තුළ නඩු පැවරීම කළ යුතුයි.
ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ හිමාලි ජයනෙත්ති මහත්මිය, වරද අනාවරණය වු දිනය වශයෙන් සළකන්නේ යම් සිදුවීමක් පිළිබඳව යමෙකු යම් රාජ්‍ය ආයතනයකට පැමිණීලි කළ දිනය නොවැන බවත් යම් සිදුවීමක් පිළිබඳව ලැබුණු පැමිණීල්ලට අනුව විමර්ශන නිලධාරියකු විසින් කරුණු ලබන විමර්ශනයකින් අනතුරුව වරද කළ බවට විමර්ශන නිලධාරියා විසින් අනාවරණය කරගනු ලබන දිනයයි. එදින සිට මාස 03ක කාලයක් තුළ නඩු පැවරීම කළ යුතු බව පනතේ සඳහන් වෙනවා. මෙම සිද්ධියට අදාළව ලැබුණු පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරියා විසින් වරදක් කළ බවට අනාවරණය කරගෙන ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේදීය් ඉන් අනතුරුව 2023 දෙසැම්බර් මාසය වන විට විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තියෙනවා” ඒනිසා පෙත්සම්කාර පාර්ශවන පවසන පරිදි මෙම නඩුව කාලාවරෝධයට හසුවන්නේ නැහැ.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ විනිසුරුවරයා යම් සිද්ධියක වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන්නේ එම සිද්ධිය පිළි`බද පැමිණීලි කළ දිනය නොවන බවත් යම් සිද්ධියකට අදාළව විමර්ශන නිලධාරීයා විසින් කරනු ලබන විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනය වරද අනාවරණය වු දිනය වශයෙන් සළකනු ලබන බවත් සඳහන් කළේය.
නීතීඥ ජීවන්ත ජයතිලක මහතා යළිත් අධිකරණය අමතමින් කාලාවරෝධයට අදාළ මාස තුනක තුනක කාලය ආරම්භ වන්නේ සිද්ධියක් පිළිබඳ පැමිණීලි කළ දිනයේ සිට බව තමාගේ මතය බවත් එසේ තිබියදී චෝදනා පත්‍ර බාරදීම සඳහා තම සේවාදායකයින් ලබන 29 වැනිදා අධිකරණයට කැඳවමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත හෙයින් මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝදන කරන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කරුණු දක්වමින් මෙම සිද්ධිය පාදක කරගනිමින් පෙත්සම්කාර රෝහල විසින් මෙම අධිකරණයේ මෙන්ම ඉහළ අධිකරණ වලත් අවස්ථා ගණනාවකදී නඩු පවරනු ලැබුවත් ඒ සිය`ථ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට හෝ නිශ්ප්‍රභ කිරීම වලට ලක්ව ඇතැයි පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වු සිය`ථ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මේ පිළිබඳ නියෝගය ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd