(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භාරදෙන ලෙස දන්වමින් මන්ත්‍රීවරුන්ට එක දිගට සිහිකැඳවීමේ ලිපි පහක් යවා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
එම සිහිකැඳවීමේ ලිපි වලින් අනතුරුව මන්ත්‍රීවරුන් 169 දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා තවමත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නැතැයි වාර්තාවේ.
පොන්නම්බලම් මහතා අසනීපව සිටින හෙයින් වත්කම් බැරකම් ප්‍රකාශය පසුව ඉදිරිපත් කරන බව ඔහුගේ ලේකම්වරයකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
මන්ත්‍රීවරුන් භාරදුන් වත්කම් බැරකම් ප්‍රකාශ සියල්ල දැනටමත් අල්ලස් හෝ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇත.
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද වී භාරදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගය අල්ලා හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී තීරණය කරනු ඇත.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාර දිය යුතුවේ.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’’වත්කම’’ ඉල්ලා මන්ත්‍රීලාට සිහිකැඳවීම් ලිපි පහක්
Perera Tuesday, 17 September 2024 07:11 AM
මේ බොහෝ අය දැන් ඉන්නේ සිහි විකල් වෙලා... 21 පස්සේ මේ අයට දවල් තරු පෙනෙයි