
(විමුක්ති එස් රුද්‍රිගු)
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව රට හිතෙන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
පෙබරවාරි මාසයේදී සියයට 7 ක්වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ජූලි මාසය වනවිට සියයට 24 දක්වා ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
එසේම වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට විශ්වාස කරන පිරිසද පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. පෙබරවාරි මාසයේදී වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 9 ක ප්‍රමාණයක් විශ්වාස කළ බවත් එය ජූලි මාසයේදී සියයට 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
රටේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කරන පිරිසද තුන්ගුණයකින් ඉහළ ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය. පෙබරවාරි මාසයේදී ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කළ සියයට 9 ක පිරිස ජූලි මාසය වනවිට සියයට 30 දක්වා වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
COMMENTS
ඔය තරම් අඩු මට්ටමකින් පටන් ගන්න කොට නිකමට හිතුන වෙන්න යන දේ. හොඳ හොඳ සෙල්ලං එළිවෙන කොටලුනේ.
ඇත්ත වුණත් බොරු වුණත් ඔය වගේ සමීක්ෂණයවල ප්‍රතිඵල රනිල්ට පෙන්වන එක හොදා, එතකොටවත් උසාවියට තව තව කරදර කරන්නේ නැතිව ජනාධිපතිවරණය තියන්න හිත හදා ගන්න එයාට පුළුවන් වෙයි
නියම ජනතා සමීක්ෂණය මහජන ඡන්දය බව මතක තබාගන්ට.
ඕක නොවැම්බර් වෙනකොට 50% පනිනවා. නැද්ද මං අහන්නේ වෙරිටේ ?
ඉදිරි මාස කිහිපය තුළ සීග්‍ර වැඩි වීමක් බලා පොරොත්තු වන්න. වෙරිටේ ප්‍රසංසනීයයි.
සමීක්ෂණයට ආණ්ඩුවෙන් ද මූල්‍ය අනුග්‍රහය...!
මේ මැතිවරණ අභිමුඛ කාලයක් ආණ්ඩුව නියෝජනය කරන පිරිස හැකිතරම් ජනතාවට සහන දෙනවා යැයි පවසමින් සුපුරුදු ජනතා ඇන්දවීම කරමින් සිටියි. මේ රටට වැරදුනේ කොතැනින්ද නිවැරැදි කර ගෙන අභිමානවත් දේශයක් ගොඩනගන්නේ කෙසේද? යන්න ඉදිරි මැතිවරණයක දී තීරණාත්මක සාධකයයි. මේ රටේ යාන්ත්‍රණයේ ගැටළු රාශියක් ඇත. ඒවා විසඳීමට සමත් ප්‍රතිපත්ති සාදන්නේ කවුරුන්දැයි හොඳින් ජනතාව තේරුම් ගතයුතුව ඇත. රට තුළ පාතාලය, කුඩු ජාවාරම අනීතික මත්ද්‍රව්‍ය වැසි වැස ඇත. එය පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ඇත්තේ කාටද? රටේ සම්පත් අවභාවිතය, වරප්‍රසාද ලත් අයට සියළු පහසුකම් වැඩියෙන් ලැබෙන තත්වය තීව්‍ර වී ඇත. පසුගිය වර්ජනය එය හොඳම උදාහරණයයි. බලය ඇත්තෝ බෙදාගෙන කෑම නවතා නැත. සම්පත් අවභාවිතය, හොරකම, වංචාව, දූෂණය නැවැතී නැත. සංවර්ධන ව්‍යාපෘති තේරීම ප්‍රමුඛතාගත කිරීම තම හිතවත්කම පාක්සිකත්වය මත සිදුවේ. ඒය නිසි ප්‍රමිතියෙන් කරනවාද සැකසහිතයි. පවතින තත්වය වංක, දූෂිත, කෛරාටික දේශපාලනයේම තවත් දිගුවක් එය වෙනස් කිරීමට සැමදෙනා එකාවන්ව එකතුවෙමු. නැතිනම් දරුවන්ට අනාගතයක් නැත. අදූෂිත, අවංක දේශපාලන ව්‍යාපාරයක් වේගයෙන් ඉදිරියට එමින් ඇත. සහාය වෙමු. විකල්ප නැත...
අනේ ඔව් ඔව්... අපිට මේ සංතෝසෙ උහුලන්න බැරි වෙලා තියෙන්නේ.. සතුට සමරන්න ඡන්දෙ එනකල් ඉවසුමක් නෑ
වෙරිටේජ් රිසච් ආයතනය මේ සමීකරණ මට පිළිගන්න බෑ ලංකාදීප මගින් කරන සමීක්ෂණයට අනුව ජනතාවගේ 80% කැමති නෑ මේ රජයේ ආර්ථීක ප්‍රතිපත්ති වලට. මිනිස්සුන්ට දැන් ඩොලර් මිලියන ගානේ නිකං දුන්නත් රනිල්ට තියා පොහොට්ටුවටනම් ආයෙත් රජයක් කරන්න බෑ
හෙළකුරු, ලංකාදීප ආදී ආයතන කරන සමීක්ෂණ වල ප්‍රතිඵල නම් මීට වඩා හාත්පසින්ම වෙනස්. ඒවායේ ප්‍රතිඵල අපිට සමාජයේ අහන්න දකින්න තියෙන අදහස්වල යතාර්තවාදී ප්‍රතිඵල.ඒ අනුව ඉහත ප්‍රතිඵල සත්‍යයක් වන්නේ නැත.
ඡන්දේ තියමුකෝ... එතකොට නියම ප්‍රතිඵලේ පෙනෙයි...!