IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


’’රටින් පොල් ගේන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටින් පොල් ගෙන එන්නට රජය තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

මිලියන 800 ක පමණ අගයකට හිමිකම් කියන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් මෙරට සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් අපනයන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන අර්ධ නිමි අමු ද්‍රව්‍ය ලෙස පොල් කිරි, පොල් මද සහ පොල්තෙල් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කර තිබෙන බව පැවසීය.

අපනයනකරුවන්ගේ එම ඉල්ලීම සලකා බැලීමකට ලක් වෙනවා මිස රටින් පොල් ගෙන එන්නට කිසිම තීරණයක් ගෙන නැතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේය.

සහල් ප්‍රශ්නය මෙන්ම පොල් ප්‍රශ්නය ඇතිවුණේ පෙර පැවති ආණ්ඩු ඵලදායිතාව වැඩිකර ගත්තේ නැති නිසා බවද නියෝජ්‍ය  අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



අදහස් (9)

’’රටින් පොල් ගේන්නේ නෑ’’

soma Wednesday, 22 January 2025 04:06 PM

මගේ වත්තේ පොල් ගස් 5 ක් තියෙනවා. අවුරුදු ගණනකින් එක ගෙඩියක්වත් මම කැඩුවේ නෑ. අයිති කාරයෝ හොරෙන් කඩා ගෙන යනවා. ගෙඩි 3 ක් කඩා ගත්තාම ඇති කසිප්පු බෝතලයන් බොන්න...

:       1       12

Gamini Wednesday, 22 January 2025 04:14 PM

කමක් නැහැ... ලුණු ටිකත් ගෙනාවනේ...!

:       5       15

fairoos Wednesday, 22 January 2025 05:16 PM

හාල්වලටත් එහෙම තමයි නේද කිව්වේ?

:       3       11

karolis Wednesday, 22 January 2025 07:49 PM

බැරිකම තමයි මූණෙන් පේන්නේ...

:       6       9

Toni Wednesday, 22 January 2025 11:20 PM

ෆෙයාරූස්ට මොලේ පෑදිලා. එක්කෝ වෙන ෆෙයාරූස් කෙනෙක්ද දන්නේ නැහැ.

:       0       1

Perera Thursday, 23 January 2025 05:06 AM

රට පොල් කොයි හැටි වෙතත්, එලොව පොල් පෙනෙන කාලයක් දැන්.

:       1       2

de silva Thursday, 23 January 2025 04:50 PM

පොල් ගෙඩිය රුපියල් 500 ට ගියත්, මිනිස්සුන්ට කන්න නැති වුණත් පොල් නම් රටින් ගෙන්වන්න එපා... පිටරටින් ගෙනාවත් රුපියල් 350 පාලන මිලක් දමපල්ලා, ඩඩ්ලි වගේම පොල් මුදලාලිලාත් පොහොසත් වෙන්න ඕනේ නේද? ඔලුව අතගාලා බලන්න බොලාට අන් ඇවිත්ද කියලා, ඔහොම යමු සමූපකාරේ ඡන්දෙදී ලැබුණා වගේ පළාත්පාලන මැතිවරණ වලදීත් ඡන්ද ගොඩවල් හම්බවේවි...!

:       0       0

R.T.sarath Thursday, 23 January 2025 04:54 PM

ලංකාවේ ලොකුම පොල් මුදලාලි හොයාගෙන ඔහු සමග සාකච්ඡාවක් තියලා පොල්වලට රුපියල් 350ක පමණ පාලන මිලක් දමලා අර ඩඩ්ලි සමග සහල් ප්‍රශ්නේ විසඳුවා වගේ පොල් ප්‍රශ්නෙත් විසඳමු...

:       0       0

sanath Thursday, 23 January 2025 05:27 PM

නිතරම අනුන්ට බැන බැන ඉන්නේ නැතුව පිටරටින් හරි පොල් ගෙනත් මේ අවස්ථාවේ පොල් ප්‍රශ්නේ තාවකාලිකව විසඳන්න. ඊට පස්සේ සොයන්න කොහේද ප්‍රශ්නේ තිබෙන්නේ කියලා? රටේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන තිබෙනවා .. මේ වගේ නිලධාරින් දහස් ගණනක් ඉන්නවා නමුත් මේ මධ්‍යස්ථාන බොහෝමයකට අනුබද්ධ ප්‍රමිතියකින් යුතු පැල නිකුත් කරන පොල් පැල තවන් නැහැ. ප්‍රමිතියකින් යුතු වැඩි ඵලදාවක් ලැබෙන පොල් පැළ වසර ගණනාවක සිට රටේ බෙදා නැහැ. පුද්ගලික පැල තවාන් තිබෙන ජාවාරම් කාරයෝ නිකන් පොල් ගෙඩි පැල කරලා ජනතාවගේ මුදල් ගසා කෑවා,... රෝගවලට නිසි පිළියම් දෙන්න නිලධාරියෝ ක්‍රියා කළේ නැහැ. ඉන්දියාවේ කේරලේ තමිල්නාඩුවේ ගසකින් ගන්න ඵලදාවෙන් 1/4 වත් අපේ ගස් වලින් ගන්න බැහැ. දැන්වත් වෙස් වලාගෙන හෝ උපාය දූතයෝ යොදාගෙන ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ගිහින් බලන්න නිලධාරින් වැඩකරන ආකාරය. එතකොට ඔබලාට එලොව පොල් පෙනේවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 655 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 840 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 360 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site