
(අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ.
විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.
මේ හේතුව නිසා අදාල නීති ගැටලුව ලිහාගන්නා තුරු පොලිස්පති ධුරය එලෙසම තිබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයාට රාජාකාරි කරගෙන යාමේ බාධාවක් පමණක් බවද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
දැන් හදන්නේ පොලිස්පතිවරයෙක් නැතුව ඡන්ය ද තියන්න බැහැ කියන කතාව කියන්න.
තව මාස 2යි ඔය සෙල්ලම් පට්ටම ගලවුන දවසෙම ඔබට නඩු
ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම වැඩබලන අයිජිපී කෙනෙක් පත්කරන්න කියලා තියෙනවා. ! අධිකරණයට ගරු කරනු....
මෙයාට බලය අත්හරින්න බය වගේ. මෙයා දැන්ම දැනගන ඉන්නේ ඔහු පරාජයට පත් වනවා බව.
තවමත් දඩබ්බර ගති මැකිලා නැහැ වගෙයි .ඔය රැඟුම් තව කෙටි කලයි
නීති උපදේශක මහාචාර්ය ( ඇඟට නොදැනී රත්තරන් මාල කැඩීම පිලිබඳ විශේෂඥ ) රෝහිත අබේගුනවර්ධනද ? නැත්නම් මහාචාර්ය ( මහපාරේ කජු විකුණන දුප්පතුන්ගේ සිට ඕනෑම ලොක්කෙකුගෙන් කප්පම් ගැනීම පිලිබඳ විශේෂඥ) අප්‍රසන්න රනතුංග ද ? ලැජ්ජයි සියේ...ඔයා දැන් කොහොල්ලා බබා වගේ , ගහන ගහන ගැටේ පත්තුවෙලා ..හිරේ යන එක ඉක්මන් කරගන්නවා. දේශබන්ධු ආයේ පොලිස්පති වෙනවා බොරු.. දැන් අධිකරණය මිනිහාට විරුද්ධව තියෙන පෙත්සම් විභාගයට අරගෙන අනිවාර්යයෙන්ම ඒකාව හිරේට නියම කරනවා .රනිල් සීයේ ,ඔයාගේ තනියට කූඩුවට දාන්න සෑහෙන ගානක් අපරාධ කාරයෝ ඉන්නවා.ඔයාගේ දුක සැප බෙදාගන්න සාගල නෝනා ඉන්නවා එයාගේ අල්ලස් නඩුවලින් පැරදිලා, එතකොට ඔයාගේ උපදේශක නාකි මයිනා ..එයා නෑවිත් කොහොමද .
නිලන්ත ජයවර්ධන මහතාගේ රාජකාරි වෙන සුදුසු කෙනෙකුට පවරන්නේ නැද්ද ?කැකිල්ලේ නීතියද ?ඉල්ලන් කන්නයි හදන්නේ
පොලිස් පති ධුරය හිස්වෙලා නෑ කියලා මුලින් කියනවා. පහල තියෙනවා නීති ගැටලු විසදන තුරු තනතුර හිස් කියලා. රනිල්ට නොතේරෙන්නෙ ඔයටික තමා.
දේශබන්දු තෙන්නකෝන් ගේ පත්වීම අපට අනුමත කල නොහැකි වුවත්, ජනාධිපති වරයා අබිබවා යාමේ හැකියාවක් අධිකරණයට ඇතයි මා නම් සිතන්නේ නැත. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර තුලනයක් නොමැති නම් එය රටේ පරිපාලනයට බරපතල ගැටලුවකි.
ඒ නීති ගැටලුව ලිහා ගන්නා තුරු ජනාධිපතිවරනය පැවැත්විය නොහැකිය
ඔව්. ඔබේ මිනිසාට පොලිස්පති ලෙස වැඩ කිරීමට සහ පැණි රස බැලීමට ඉඩ දෙන්න.
සොම්බිය හිතන් ඉන්නේ දැන් ඌ තමයි රටේ නීතිය කියලා.. ඌට දැන් මතක නැහැ ඌ ඔතන ඉන්නෙත් ඔය කියන ව්‍යවස්ථාව නිසා.. රටේ අදිකරණයට අපහස කලොත් ජනතාව පාරට එන්න ඕනා එතන විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ... කැබිනට් එකට කොහේද යකෝ බලයක් අදිකරණ තීන්දු හරිද වැරදිද කියලා තීරණය කරන්න..
එතකොට ජනාධිපති තවම GR ද ?
පොලිස්පතිට එම ධූරයේ වැඩ කිරීම තහනම් කරලා නම් තියෙන්නේ, ජනාධිපතිට තියෙන්නේ ඔහුව එතනින් අස් කරලා වෙන කෙනෙක්ව පත්කරන එක නේද ?
තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි පොලිස්පති වරයෙකුගෙන් රටට ඇති ඵලය කුමක්ද?
රාජකාරි කරන්න බැරි කෙනෙක් මොකටද ඒ තනතුරේ තියාගන්නේ? පඹයෙක් වගේ කෙනෙක්ද? පඹයා නම් මොකක් හරි රාජකාරියක් කරනවා...
රාජකාරිය කරන්න බැරි පොලිස්පතිගෙන් ඇති වැඩේ මොකක්ද. ආහ්... අමතක වුණා කඩේ යන්න තියෙනවනේ. බඩු බෙදන්නත් පුළුවන්...
තව දින 82කට නොඅඩු කාලයකින් පොලිස්පති ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලැබෙයි. නව රජයක් යටතෙහි අද වගකීම් පැහැර අරින වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබාදීම ජනතා අභිලාශයක්
ගරු අධිකරනය නියෝග කර තිබෙනවා වෙනත් පොලිස්පතිවරයකු පත් කරන්න කියා.පිනාට අපි කියන්නේ අධිකරනය සමග සෙල්ලම් කරනු එපා
උඩ තට්ටුවයි යට තට්ටුවයි දෙකම ළඟදී හිස් වෙයි
එසේනම් නිදහස් පක්ෂ ලේකම් වරයා තනතුරෙහි කටයුතු කිරීම අත්හටුවීමට නියෝග කර ඇති විට වැඩබලන ලේකම් කෙනෙක් පත් කිරීමද වලංගු නොවන බව පැහැදිලිය.
පොලිස්පති රට ගියා වගේ වැඩක් නේ .රට ගිය කාලය වෙනුවෙන් වැඩ කරන්නේ වැඩ බලන පොලිස්පති කෙනෙක් නේ .මුන්ට ඕක ත්රෙන්නේ නැද්ද ?
මේ පොලිස්පති ඉතා හොඳින් රාජකාරිය කරනවා. අධිකරණයට පුළුවන්ද පොලිස්පති රාජකාරි කරන විදිය අධීක්ෂණය කරන්න? ඒ සඳහා ඔවුන්ට තාක්ෂණික දැනුම සහ අවබෝධය තිබේද?
මේ අපේ සිංහල බෞද්ධ රටකි. වෙනත් ආගම් අදහන අයට ඕනෑ විදියට පත් කිරිම් කර නොහැක.