IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’’නාමල්’’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook)මුහුණු පොත  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය  කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කළේ යැයි කියන "නාමල් කුමාර" සැකකරු ලබන 23 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා  ලක්මාලී මහත්මිය අද(21) නියෝග කළාය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ  ජනරාල් එච්.එස්.කේ.ජේ .බණ්ඩාර මහතා කරන ලද පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

සැකකරු මේ චෝදනාවට සමාන වරදක් කිරීම සම්බන්ධයෙන්  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්,නාමල් කුමාර මෙම නඩුවේදා සැකකරුවකු ලෙස නම් කරන බැවින් ලබන විසි තුන්වෙනි දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසද රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන සැකකරු ඔහුගේ නමින් , ඔහුගේ බිරිඳ හා බිරිඳගේ මවගේ නමින් මිලදී ගත් දුරකථන සිම්පත් භාවිතා කර පේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවත්,එමගින් එල්ටීටීඊ සංවිධානයේ දජ,ක්‍රියාකාරකම් ලාංචන හා වෙනත් තොරතුරු ප්‍රචාරය කරමින්  ජාතීන් අතර සංහිඳියාව බීදී යන ආකාරයේ පොස්ට් පලකර ඇති බවත්,ඔහුගේ නමින් හා වෙනත් අනුවර්ත නාම වලින් පවත්වාගෙන ගිය  ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔහු විසින්ම හසුරුවා ඇති බවට  විමර්ශනවලින් අනාවරණය වූ හෙයින් මෙම පැමිණිල්ල ගොනු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

නාමල් කුමාරගේ බිරිඳ හා නැන්දනීය ප්‍රකාශයක් ලබාදී ඇති බවත් ඔවුන් පවසන පරිදි සිම්පත් සියල්ල පරිහරණය කිරීම නාමල් කුමරු විසින් සිදු කර ඇති බවත් පොලිසිය පැවසීය.

අන්තර්ජාල  ආවේක්ෂණ තොරතුරු විමර්ශනය හා ෆේස්බුක් සමාජ ජාලා මෙහෙයවන සමාගම මගින් තොරතුරුැ කැඳවා සියලු සාක්ෂි රැස් කරගෙන ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වන හෙයින් මෙම පැමිණිල්ල ගොනු කරන බවද ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  සැකකරු ලබන විසිතුන් වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට  නියෝග කරමින් විමර්ශන විභාගය එතෙක් කල් තැබීය. 



අදහස් (2)

’’නාමල්’’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Perera Wednesday, 22 January 2025 05:51 AM

කස කාරයෝ එන්න පටන් අරන්, බෙර කාරයෝ නිලමෙලත් එහෙම ඔයා පස්සෙන් එයි.

:       0       0

Lelwala Wednesday, 22 January 2025 10:46 AM

රජවරු පාවාදිම, රට පවාදිම ඇත අතීතයේ සිට පැවතෙන්නක් අද වෙන තුරුත් එම ගෑවුනු පරම් පරාවලට සාපය බලපායි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 44 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site