IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’

(නිමල කොඩිතුවක්කු)

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී  පැවසීය.

රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණි විගස  නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු ආරම්භ කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු  දික් ගැස්සීමට ඉඩ  නොදෙන බවත් බවත්  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.

ජනතා අදහස් වලට ඇහුම්කන් දෙමින් පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන නිශ්චිත කාලසීමාවක් ඇතුලත නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනයක් රටට හදුන්වා දෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.



අදහස් (11)

’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’

දම්මික පෙරෙරරා Wednesday, 05 February 2025 05:46 PM

රටට ඔබින ව්‍යවස්ථාවක්ද…? LTTE, ආගමික අන්තවාදීන්ට ඔබින ව්‍යවස්ථාවක්ද…? මිනිස්සුන්ව රැවැට්ටුවා. මේ මව්බිම නැත්නම් මරණය..

:       18       137

janahithaMonday, 10 February 2025 02:42 PM

පොහොට්ටුව නැති නම් මරණය.

:       0       0

Asela` Wednesday, 05 February 2025 05:56 PM

ඔබට මේ සඳහා වලංගු වරමක් නොමැත. පළාත් සභා මැතිවරණයේදී පරීක්ෂා කර පරීක්ෂණයක් කරන්න. ඔබ වෙන කවරදාටත් වඩා පරාජයට පත්වනු ඇත. ඔබේ නායකත්වයට ශ්‍රී ලාංකිකයින් අමූලික බොරුවලට රැවටුණා..!

:       18       102

සිලිඩර් බිල්ලා Wednesday, 05 February 2025 08:05 PM

සාටක සිලිඩර් බයියෝ දැන්ම ඉඳලාම තවම හදන්න තියා හිතලාවත් නැති දෙයක් "කොටි හිතවාදී ව්‍යවස්ථාවක්" කියා කියා ප්‍රචාරයක් සමාජ මාද්‍ය තුළ දියත් කරමින් ඉන්නවා. එය තුළින් දැන් 2.50ට වැටිලා ඉන්න හැමදාම ජාතිවාදයෙන් තමන්ගේ දේශපාලනය කරගත් රාජපක්ෂ හොර පවුල නැගිටුව ගැනීමයි ඔවුන්ගේ අරමුණ..!

:       79       13

ගුණරත්න Wednesday, 05 February 2025 08:21 PM

මේ ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවා කියලා කරන්න හදන්නේ අර ස්වාධීන කොමිෂන් සභා ටික අහෝසි කරලා ඔවුන්ට වුවමනා විදියට නිලධාරීන් හසුරුවන්න හදාගන්න. ජනාධිපති කලින් මේ ගැන ඉඟි කළා ඔහු කිව්වා කොමිෂන් සභා ගැන ඉන්නේ නොසතුටින් කියලා, එහෙම වුණොත් රටට දෙවියන්ගේම පිහිටයි

:       10       64

janahithaMonday, 10 February 2025 02:49 PM

"හොරු නැතිව කිසි ගතියක් නැහැ වගේ ගුණරත්න කුරෝලු වෙලා"

:       0       0

FreemanHAT Thursday, 06 February 2025 06:07 AM

අපි දැක්ක සමහර ආගමික සංවිධානත් මේ දේම කියනව. ජනතාවට ණුවනැස පහලවේවා!

:       1       19

janahithaMonday, 10 February 2025 02:45 PM

පොහොට්ටුවද? සජබයද? සිලින්ඩරයද? ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට් පාලන තන්ත්‍රය තුළ ජාතිවාදය හෝ ආගමික වාදය අඩංගු නොවේ.

:       0       0

janahithaMonday, 10 February 2025 02:50 PM

හත්වලාමේ ඔහෙත් මිද්දෙනියේද ? ළඟදී ගමේ කඩේ ගියැයි ඔහේ

:       0       0

Bunny Preena Thursday, 06 February 2025 09:47 AM

අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ, තුන් සිංහලයම නෑදෑයෝ . මොවුන් ඔක්කොම එකයි මල්ලී.

:       1       12

ෆුප්ලිකේට් රාලහමි Thursday, 06 February 2025 12:15 PM

ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ඕක නෙමෙයිනේ බොරු ඇති

:       1       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1415 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 466 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site