(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නියෝගයක් බැවින් ඊට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කළ නොහැකි බව දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර සිල්වා මහතා පැවසුවේය.
මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.
පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම බල රහිත කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් මහත්ම මහත්මීන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විභාගය එළඹෙන 30 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදියට අභියෝග කලොත් රන්ජන් රාමනායක එස්බි දිසානායක සරත් ෆොන්සේකා වගෙම නත්තලට අවුරුදු වෙසක් ආදියටත් සිරගෙවල් වලින් පොදු සමාව යටතේ නිදහස දෙන අයටත් එරෙහිව ඔවුන්ගේ එදිරිවාදින් ඔය විදියට අධිකරණයට ගියොත් කවදාවත් ජනාධිපති සමාව දෙන්න බැරිවෙනවා පිස්සු කෙලින හිරුණිකයි අම්මයි මානවහිමිකම් ගැන නොදන්නා පොරයි කියන එවාට නඩු විභාග කරන්න ගියොත් ඔය විදියට ජනාධිපති සමාව තිබිලා වැඩක් නැහැ ගෝණවල සුනිල් සොත්ති උපාලිලා ජනාධිපති සමාව දුන් ඉතිහාසයේ සජිත්ගේ පියාණෝ ඉන්නේ