IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’ඩෙල්ටා’’ ප්‍රභේදය ඕස්ට්‍රේලියාවට ගියේ ලාංකිකයකුගෙන් නොවේ

(සුජිත් හේවාජුලිගේ)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නහි කොරෝනා පොකුරක් ඇති කිරීමට මුල්වූ පුද්ගලයා මෙරට සිට එහි ගිය පුද්ගලයකු නොව මෙරට හරහා ගිය පුද්ගලයකු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය .

ඔහු වෙනත් රටකින් පැමිණ මෙරට ගුවන් තොටුපළ හරහා පිටව ගිය පුද්ගලයකු පමණකැයිද මෙනිසා ඔහුගෙන් මෙරට සමාජයට කිසිදු බලපෑමක් නැති බවද ඔහු ප්‍රකාශ කළේය.

ජීවන්දර මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ඊයේ (10)පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය .

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් පසුගියදා හමුවූ කොවිඩ් පොකුරට මුල්වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පැමිණි පුද්ගලයකු බවට එරට බලධාරීන් පැවසූ බව විදෙස් මාධ්‍ය පසුගියදා අනාවරණය කර තිබිණ .

 



අදහස් (1)

’’ඩෙල්ටා’’ ප්‍රභේදය ඕස්ට්‍රේලියාවට ගියේ ලාංකිකයකුගෙන් නොවේ

nayan Friday, 11 June 2021 05:41 AM

එහෙනම්, ඔහු පැමිණි ගමනාරම්භය සොයා ඕස්ට්‍රේලියානු බලධාරීන් දැනුවත් කළයුතුයි. නැත්නම්, අවමානයට පත්වන්නේ ලංකාවයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site