
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා මේ බද්ද ඉවත් කරගන්නා බව කියනවා නම් සතුටු වෙන බව කී මන්ත්‍රීවරයා නමුත් මූල්‍ය අරමුදලේ ගිවිසුම වචනයක්වත් වෙනස් කරන්නට බැරි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා තිබෙන්නේ යැයිද පැවසීය.
ඊළඟ මාස හතරේ නිර්මාණය වන අලුත් ආණ්ඩුව යටතේ මේ අසාධාරණ බදු වෙනස් කරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා පචනේ කියන්නේ .ජීවත්වන ගෙදරට අපි වෙනම බද්දක් ගෙවනවනේ ඉස්සර ඉඳන්ම. දැන් බද්දක් ගන්න හදන්නේ කුලියට දෙන ගෙවල් වලින්. 223 ක් නඩත්තුවට ඔවුන්ට සැප වාහන , නොමිලේ නවාතැන් රට සවාරි වගේ එකී නොකී දෑ වලට ජනතාව බඩගින්නෙ ඉඳන් හරි හම්බ කරලා දෙන්න එපැයි.
මෙයා ඊළග ආණ්ඩුව කියන්නේ ජාතික ජනබල වේගයේ ආණ්ඩූවක් වෙන්න ඇති, නැතුව මෙයලා කොහේද අයි.එම්.එෆ්. එකට පිටින් යන්නේ, රනිල්ගෙයි ඔයාගෙයි ප්‍රතිපත්ති හා වැඩපිළිවල එකම බව රට දන්නවා.
ඔයා හැම වෙලාවේම කියන්නේ රනිල් බෝයි හොඳයි කියලානේ
රජයේ ආදායම් වියදම් පරතරය පියවගන්න කරන්න නම් රජය ගැඹුරු සහ දීර්ග කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යන්න ඕනේ, පසුගිය අවරුදු දෙකේ පවතින රජයට පාර්ලිමේන්තු බහුතරයක් තිබුනත් ජනතා ප්‍රසාදය 10% පමණ පල්ලෙහට වැටිලා තිබුන නිසා ඔවුන්ට එක කරන්න බැරිවුණා , දැන් ජනාධිපති කල යුත්තේ ඉදිරි මැතිවරණ වලට (ජනාධිපතිවරණඉදිරි මස 3 තුල , මහමැතිවරණ , නොවැම්බර් දෙසැම්බර් මාසවල ) දින වකවානු නියම කරන එක , ඊට පස්සේ පුළුවන් පක්ෂවලට තමන් බලයට පත්වුනොත් ආර්ථිකය හසුරවන ආකාරය පිලිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්න , ඉන්පසු පක්ෂවලට පුළුවන් ඔවුන්ගේ ප්‍රකාශන පිලිබඳ තර්ක විතරක් ඉදිරිපත් කරන්න ජනතාවට පුළුවන් ඒවා අධ්‍යයනය කරලා බලල චන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කරන්න , දැන් තිබෙන පැලැස්තර විසදුම් නිසා රට දිනෙන් දින අගාධයට යනවා .ඉන්දියාවේත් 90 දශකයේ මුල මෙවැනි ආර්ථික ප්‍රශ්න ඇතිවුන , ඔවුන් ක්‍රියාත්මක වුනේ මේ විදිහට ,ආණ්ඩු පෙරලුන කියල ඔවුන් ගත්ත මුලික ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ඔවුන් වෙනස් කලේ නැහැ , බලන්න අද ඉන්දියාව ලබපු ආර්ථික දියුණුව ,යුරෝපේ දියුණු රටවල ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයට
රටේ බදු හොරුන් අල්ලන්න කිසිදු වැඩ පිළිවෙලක් නැහැ.තලන්න පුලුවන් යකඩෙම තල තල ඉන්නව.
තමන් පදිංචි වී සිටින වාසස්ථානයට බදු නොගෙවා සිටීමේ හැකියාවක් තිබෙද කියා අපේ රටේ ආර්ථික දැනුමක් ඇති අයගෙන් දැනගන්න කැමතියි... එසේ නැතිනම් මෙවැනි ප්‍රකාශ හුදු දේශපාලන කයිවාරු පමණක් ද ???
රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා , රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරගන්න ඕනේ , අවශ්යප්‍රමනයට වැඩිය 3 ගුණයක් රජයේ සේවකයෝ ඉඳලත් , පාස්පෝර්ට් එකක , හැදුනුම්පතක්, රියදුරුබලපත්රයක් ගන්න , මේ විදිහට නිකරුනේ රජයේ ආයතන වල දිනගණන් රස්තියදුවෙන්න පගාව දෙන්න තවදුරටත් ජනතාව සුදානම් නැහැ , ජනතාවට අලුත් බදු ගහන්න ඉස්සෙල්ල තිබෙන බදු එකතුකරගන්න ඕනේ , රජයට ලැබියයුතු ආදායම් බදුවලින් 75% නොගෙවා දිගින් දිගටම පැහැර හරින්නේ රටේ ප්‍රසිද්ධ ප්‍රකෝටිපතියන් අතලොස්සක් , රාජ්‍ය බැංකුවලින් කොටි 65000 නොගෙවා තිබෙන්නේ පක්ෂ , විපක්ෂ දේශපාලකයන් , රේගු නිලධාරින්ගේ අල්ලස් නිසා රේගුබදුවලින් 75% රජයට අහිමිවෙනවා , මේවා පාලනය කරන්න අවශ්‍ය වෙනවා , මොනවා කරන්නත් ජනතා සහයෝගය තිබෙන ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා
මට නම් මෙයාගේ ආර්ථික දැනුම ගැන සැකයි. පුද්ගල වන්දනා නම් නියමෙට තියෙනවා
ඇමති ෂෙහාන් සේමසිංහ ඉස්සර මහින්ද කාලේ ඇඳපු රෙදි බැනියම් ගලවලා දාලා දැන් ලොක්කගේ තාලෙට ටයි කොට් දාගෙන සාකච්චා කරන්න imf යනවා කියා කියා රෑට රෑට ගිහින් එතන ඔය මොනවහරි තතන තතන කියා කියා ඉඳලා දෙන ඕනිම එහෙකට අත්සන් ගහලා ඇවිත් මම imf ගිහින් හුඟක් සාකච්චා කළා තව ටික දවසකින් ඔක්කොම හරි යනවා කියලා මෙහේ මාධ්‍ය සාකච්චා තියනවා. අන්තිමේදී අපිත් දැනගත්තේ මෙහෙම බද්දක් ගහන්න යනවා කියලා මෙගොල්ලන්ගෙන් නෙමෙයි imf එකේම මනුස්සයෙක් මාධ්‍යයට කියන කොටයි. අර සියඹලා ඇමැතිත් කලින් මිනිස්සු ඉව වැටිලා මේ ගැන අහන කොට නෑ තවම් එහෙම දෙයක් නැහැ කියල නිකම් ශේප් එකේ මාරුවෙලා ගියා. මේ ගොල්ලෝ හැදුවේ මේක අපිට එහෙන් මෙහෙන් වසන් කරලා ශේප් එකේ ජනාධිපති වරනෙත් දිනලා පුලුවන්නම් පනතකින් හරි පරලිමේන්තුවේ කාලය දික් කරගෙන ඊට පස්සේ හිතු හිතු හැටියට රටේ මිනිස්සුන්ට ගේම දෙන්න.
රෑ රනිල්, දවල් හර්ෂ...
පසුගිය වසර දෙකේ කෝප් කමිටුවේදී එළිවුන සහ විගණකාධි දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කල සුර බදු , අධ්යම්බදු , රේගුබදු වැනි දේවල් වලින් රජයට ලැබිය යුතු බදු අයකරගත්ත නම් වන්චකරපු පුද්ගලයන්ගේ දේපල විකුණා හෝ වංචා කළ මුදල් නැවත පවර ගත්ත නම් , කිසිම ප්‍රශ්නයක් නැතිව ඔය විදේශ නය වාරික ටික ගෙවාගන්න තිබුණ , මේවා මුකුත් නොකර එනවා අපේ ගෙදරටත් බදු ගහන්න, මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තිබෙනවා ,
පිටරට ඉන්න අපිත් ඉන්න ගෙදරට property tax ගෙවනවා. අවුරුද්දට ඩොලර් 3500 තිබුන tax එක මේ අවුරුද්දට 4000 කරලා. ඊට අමතරව රක්ෂණ ගෙවන්න ඕනේ
පිට රට වලත් මේ වගේ බදු ක්‍රම තියන බව ඇත්ත...එහෙම බදු අය කරගෙන ඒ අය අසරණ දුප්පත් මිනිසුන්ට පිහිට වෙන්න ,රට සංවර්ධනය කරන්න ඒ මුදල් යොදවනවා .....නමුත් ට්‍රැක් ලන්තේ ඉන්න දේසපාලුවෝ ඒ සල්ලි ටිකත් හොරා කනවා.රාජ්‍ය සේවකයින්ට පින් පඩි දෙනවා....එතනයි ගැටලුව තියෙන්නේ