ලංකා බැංකුව විසින් දියත් කරනු ලබන ‘ BOC ගම්මාන‘ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ පස් වැනි BOC ගම්මානය වයඹ පළායත්, පුත්තලම් දිස්ක්කයේ, නවගත්යත්ගම ප්‍රාදේශීය යේකම් කොට්ඨාසයේ, කුරුකැටියාව සමෘද්ධි ගම්මානයේ දී විවෘත කෙරිණි.
ලංකා බැංකුයේ සංවර්ධන බැංකු අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ BOC ගම්මාන’ වැඩසටහන මගින් අඩු වරප්‍රසාද සහිත ග්‍රාමීය ජනතාවයේ මූලය සාක්ෂරතාව හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරයි. මෙහි දී ඉලක්ක ගත කණ්ඩායම් යවත ළඟා වීම සඳහා වියශ්ෂ වැඩසටහන් මාලාවක් ‘ BOC ගම්මාන‘ වැඩසටහන තුළ ව්‍යුහගත කර ඇත.
මෙයට ග්‍රාමීය ජනතාව දේශීය ආර්ථිකයේ වැදගත් කොටසක් නියයෝජනය කරන බැවින්, ග්‍රාමීය සංවර්ධනය ජාතික ආර්ථිකය නැංවීයමහි ලා අතයවශය අංගයකි. රයට් ප්රමුඛතම බැංකුව සහ ප්‍රමුඛතම රාජය බැංකුව ලෙස, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම තම වගකීමක් කොට සලකන ලංකා බැංකුව සිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ලෙස BOC ගම්මාන වැඩසටහන දියත් කරයි.
ලංකා බැංකුවේ ආණමඩුව ශාඛාව මඟින් සංවිධානය කෙරුණු මෙවර වැඩසටහන විවෘත කිරීමේ අවස්ථාව සඳහා ලංකා බැංකුයේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා , මහා කළමනාකරු රසල් ෆොන්සේකා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත්, නවගත්ත්ගම ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.ඒ. කෙරව්ගොඩ, නියෝජය මහා කළමනාකරු (ශාඛා මෙයෙහුම්) ප්‍රියල් ද සිල්වා, නියෝජය මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ - ශාඛා ණය මෙහෙයුම් කලාප II) රොෂෙල් ප්‍රනාන්දු, සහකාර මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ) සමන්ත විමලසිරි, සහකාර මහා කළමනාකරු (වයඹ පළාත) කුෂාන් දෙල්ගොඩ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සහ කුරුකැටියාව ගම්වාසීහු සහභාගි වූහ.
වන අලි තර්ජනයට මෙන්ම පානීය ජල ගැටලුවට දැඩි ලෙස මුහුණ දෙමින්, ඉතා අවම පහසුකම් යටතේ ජීවත් වන කුරුකැටියාව ජනතාවයේ පානීය ජල අවශයතාව සපුරාලීම වෙනුවෙන් , පානීය ජල ව්‍යාපෘතියක් සඳහා ලංකා බැංකුව ප්‍රතිපාදන ලබා දුන් අතර, කුරුකැටියාව ග්‍රාම වාසී සියලු දෙනාගේම අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම තුළින් එම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් යකරිණි.
පානීය ජල ව්‍යාපෘතියට අමතරව ‘BOC ගම්මාන‘ වැඩසටහනට සමගාමීව, කුරුකැටියාව ගම්මානයේ පොදු පහසුකම් සංවර්ධනය කිරීම යටතේ, ශ්‍රී සමාධි යෝගාශ්‍රමයේ විහාරස්ථානය පිළිසකර කිරීම, සිරි සුමන දහම් පාසල සඳහා ඩෙස් පුටු පරිත්‍යාග කිරීම, මාතෘ හා ළමා සායන ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කර ස්ථාපිත කිරීම, BOC මිතුරු කුඩා කණ්ඩායම් ගොඩනැගීම හරහා ක්ෂුද්‍ර මූලය ණය පහසුකම් ප්‍රදානය, ගෙවතු වගාව සඳහා පැල බෙදා දීම ආදී සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. එමෙන්ම ලංකා බැංකුවේ සහයෝගය ඇති ව ඉහළ කුරුකැටියාව විද්‍යාලයේ සිසු සිසුවියන් තුළ ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම වෙනුවෙන් රන් කැකුළු පාසල් ඉතුරුම් සංසදයක් විවෘත කෙරුණු අතර, පාසල් පුස්තකාලය සහ පරිගණක විද්‍යාගාරය පිළිසකර කිරීම ද BOC ගම්මාන වැඩසටහනට සමගාමීව සිදු කෙරිණි.
595
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
871
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘BOC ගම්මාන‘ වැඩසටහන් මාලාවේ පස්වැන්න කුරුකැටියාව සමෘද්ධි ගම්මානවේ දී