
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
නීති දමා සමාජ මාධ්‍ය කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සමාජ මාධ්‍ය මෙන්ම මාධ්‍ය ද මෙසේ නීති දමා පාලනය කිරීමට නොහැකි බවත් අඩුමතරමින්වත් ඒවා නියාමනය කිරීමට ද නොහැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා කීය
කිසිම වෙලාවක මාධ්‍ය හෝ කතිකාවත් භාෂණයේ නිදහස නීති දාලා පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නියාමනය කියන එකවත් කරන්න බැරි දෙයක්. කරන්න පූලුවන් සාකච්චාවෙන්, සම්මුතියෙන් එකගතාවයෙන් නරක දේවල් නොකර හොද එක කරන්න. නමුත් මේ නීතිවලින් මුකුත් කරන්න හදනවා නම් තමන් විවේචනය කරන එක ජනතාවගේ අදහස් හෙළිදරව් කරන එක මහජනයාගේ හඩ යටපත් කරන්න මෙවැනි නීති පැනවීම විධිමත් සාකච්චාවක් නැතිව කිසිසේත්ම ප්රජාතන්ත්රවාදී සමාජයකට ගැලපෙන දෙයක් නම් නොවේ.
COMMENTS
ගෙවල් දොරවල් ගිනි තියන්න උපදෙස් දෙන්න, මිනීමරුවන් එක් රැස් කරන්න උල් පන්දම් දුන් කෙනෙක් විදියට ඔබතුමා කොහොමත් සමාජ මාධ්‍ය නියාමනයට අකමැති වෙන්න ඕන.
ඵින් ගොනා
මේක ඕනෑම කෙනෙක්ට තේරෙනවා දුර්වල රනිල් සහ අපත පොහොට්ටුවෝ ටික ඇරෙන්න
නිකන් යනවා හලෝ... ජෙප්පෝ තුවක්කුවෙන් කළදේම තමයි... හැබැයි ඊට අඩුවෙන් රජය පනතකින් කරන්නේ. පනතට විරුද්ධ වෙන අයට කියන්න කියන්නකෝ... අපි බලයට ආව ගමන් මේ පනත අහෝසි කරනවා කියලා. කව්රුත් කියන්නේ නැහැ...