IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිලාද කියන පාඩම් ගණනාවක් උගන්වා තිබෙනවා. මේ සමාජය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනා එකඟ වෙලා තිබෙනවා. ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කෑගල්ලේ දි දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් පැවසුවාය.

ඔබ ඇතුළු අපි කවුරුවත් දේශපාලනය කරන්න හිතපු අය නොවෙයි. අපි මුහුණ දෙන අභියෝග, ගැටලු තනි තනිවම විසඳන්න බැහැ, අපි එකතු වෙලා උත්තර සෙවිය යුතුයි කියන තීරණයෙන් හා අධිෂ්ඨානයෙන් අපි එකතු වී සිටිනවා.

අපේ ශක්තිය පිළිබඳව අපි මෙතරම් කාලයක් හිතුවේ නැහැ. අපි ඒක පළමුවැනි වතාවට මාතරින් තේරුම් ගත්තා.

අපි එය මුළු ලෝකයටම පෙන්නුවා.මේදේශපාලන වේදිකාව මත කලාව සාහිත්‍යය, ගීත, නැටුම්, ගැයුම් ඉදිරිපත සිංදු ලියවෙලා තිබෙනවා. වරක් පත්තිනි දේවිය හැටියටත් වරෙක කාලි දේවිය ලෙසත් ආමන්ත්‍රණය කර තිබෙනවා. කුණ්ඩලකේසි මතක් වෙලා තිබෙනවා. මේ සියල්ලම අපි ගැන කියැවුණු කතා. අපේ ශක්තියත්, ධෛර්යයත් දැනිලා වේදිකාව තුළ අදහස් ප්‍රකාශ වුණා.

අපිව සාගරයක් හැටියටත් විස්තර කළා. කුණාටුවක් හැටියටත් හඳුන්වා දුන්නා. ඒක ඇත්ත. සාගරයක් තරම් ගැඹුරුයි. අපි සියලු දෙනා තුළම ඒක තිබෙනවා. ගැහැනු අප විසින් හැදුණු කුනාටුව නතර වෙන්නේ මේ රට සුද්ධ කරලා. අපි නිවාඩුවක් ගන්නේ මේ රට පරිවර්තනය කරලා. නවත්වන්නත් බැහැ. නවත්වන්නෙත් නැහැ. ඒ ශක්තිය තමයි අද මේ සමාජයට දැනෙන්නේ. අද බලයේ ඉන්න අයටත්, බලයට එන්න හදන අයටත් දැනිලා තිබෙන්නේ. සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය, අභිමානය තිබෙන කාන්තා බලය තමයි අද මේ රට හොල්ලලා තිබෙන්නේ. ගැහැනු අපි ශක්තිය එකතු කරමින් මේ රට තීරණාත්මක ලෙස වෙනස් කර ඉවරයි. ඒක අපට දේශපාලන තලයේ දැනෙනවා. අද සමාජයේ විවිධ කණ්ඩායම්, මේ සමාජ පරිවර්තනය වළක්වන්න හදන අය කලබල වෙලා තිබෙනවා. මේ නිසා අපට විවිධ ප්‍රශ්න, විවිධ කතා, විවිධ අභියෝග එල්ල කරනවා. දේශපාලන රූපවාහිනී සංවාදයකට ගියත්, වේදිකාවේත් මාතෘකාව එකයි. ඒ තමයි ජාතික ජන බලවේගය පුරවැසියන් සමග ඇති වෙමින් යන සමාජ සම්මුතිය, ගොඩනැඟෙමින් යන විශ්වාසය බිඳින්නේ කොහොමද කියන එක තමයි දේශපාලන ප්‍රතිවාදියාගේ ලොකුම අරමුණ.



අදහස් (4)

‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘

Chandana Sunday, 31 March 2024 08:29 PM

රටට වෙනසක් ඕනි බව ඇත්ත.ඒත් ඒ වෙනස ඔබලා නෙවෙයි. ඔබ පක්ෂයේ අත්දැකීම් තුළීන්ද රට හදන්න ප්ලෑන් කරන්නෙ? ඒ කියන්නෙ 88,89 වගේ මිනිස්සු මරල අත කට කපලා,හමුදාවෙන් ඉවත් නොවුණහොත් පවුල් පිටින් මරනව කියල තග දාලා.ඒ වගේද? ඔබ පක්ශය මුලින්ම ප්‍රාදේශීය සභා ටික 100%ක්ම පාලනය ගන්න එතනින් අත්දැකීම් අරගෙන ඊටපස්සෙ බැරියැ රට කොරවන්න

:       21       4

විජිත් Monday, 01 April 2024 12:18 AM

පුරා අවුරුදු 76ක් අපේ මව්බිම විනාශ කළ, අසික්කිත චවුර මිනීමරුවන්ගෙන් තොර සුන්දර ශ්‍රී ලංකාවක් උදෙසා දිවිහිමියෙන් පෙළ ගැසෙන උදාර රටවැසි සියල්ලන්ටම මගේ අවංක ගරු ආචාරය. රටේ අතිබහුතරයකගේ ඒකායන ප්‍රාර්ථනාව - ජාතික ජනබලවේගය....!!! මාලිමාවට ජයවේවා !!!

:       4       25

hemantha Monday, 01 April 2024 07:44 AM

වේදිකාවේ ඉන්නෙත් ගෑනු විතරද ?

:       32       10

Ajantha Monday, 01 April 2024 09:13 AM

ජය වෙව්වා ඔබලාට .ලබන ජයග්‍රහණයන් වලදී ජනතාවගේ විශ්වාසය රකින්න හොඳට මතක තියාගන්න

:       12       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 18 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site