
(කේ බුද්ධික කුමාරසිරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි.
අදාල ඉඩම අක්කර එකයි පර්චස් 13.7 ක විශාලත්වයකින් යුත් බවත් එම ඉඩමෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3128 ක් වන බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද ඒ මහතා පවසයි.
එසේම අදාල ඉඩම තුල ඉදිකර ඇති මන්දිරය වර්ග අඩි 30354 ක විශාලත්වයෙන් යුතු බවත් එම මන්දිරයෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229 ක් වී ඇතැයි ද ඒ මහතා අනාවරණය කරන ලදී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ පදිංචිව සිටින එම නිවස පාපන්දු පිටියක් තරම් විශාල නිවසක් බවත් නිවාස අධිකාරිය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක විශාලත්වය වර්ග අඩි 450ක් පමණ වන බවත් මෙහිදී කරුණු දක්වමින් අසිත නිරෝෂණ මහතා අනාවරණය කරන ලදී.
COMMENTS
කොන්දක් නැති ඉරිසියාකාරයො.. වෙෙරය වපුරන්නෝ... බලය ගත්තේ දූෂණය කරපු ධනය නැවත රටට ලබා දෙන්න. මොනවද මේ කරන හිකනල් වැඩ?
එච්චර ලොකු එකක් ඕනෑනේ මයින්ද මහත්තයාට. මොකද මයින්ද මාතියා හැන්දෑවට හැන්දෑවට, වත්තේ පිනුම් ගහනවා. සමහර දවස් වල ඔට්ටුත් දුවනවා.
අනේ ඉතින් නායකයෝ කියන ඒවා ඒ විදියටම පුනරුච්චාරණය කරන මෙවැනි ගිරවුන්ට අපි අනුකම්පා කරමු.
දෙන්නත් එක්ක පාපන්දුත් ගහනවා ඇති...
දැන් මොවුනට තියෙන්නේ එකම එක රාජකාරියක් වග ඉතා පැහැදිලි ය. ඒ රාජපක්ෂ මහතාගෙන් සහ එම දරු දෙනොගෙන් පළි ගැනීමය. මෙම නිවස රට සතු දෙයකි. මහින්ද මහතා එහි වර්ථමාන පදිංචි කරු පමණි. ඔහු එහි සිටීම හෝ යෑම මහජනයා ගේ ප්‍රශ්නයක් නොව..ඔහු එයින් ගියා කියා රටට වන යහපත කුමක්ද ?
දැන් ඔය විදිහටම කොළඹ රාජකීය චිදුහලේ විදුහල්පතිගෙ නිල නිවසෙ වටිනාකම කීයද?
ඉතින් ව්‍යවස්ථාවේ හැටියට ඒ මනුස්සයට වෙන සුදුසු ආරක්ෂා සහිත ගෙයක් දීලා ඔික විකුණගනිල්ලා එතකොට ඉවරයි නේ
මේ ගෙය මහින්ද රාජපක්ෂගේ පවුලට අයිති ගෙයක් ද? ආණ්ඩුවට අයිති ගෙයක් ද? ඔක්කොට කලින් මේක පැහැදිලිව කිවොත් වටිනවා
ඉතිං මොකෑ…, එයා ඒකෙ හොඳට ෆුට්බෝල් ගැහුවා…!
මොවුන් මේ ඉටු කරන්නේ කොටි ඩයස්‌පෝරාවේ වුවමනාව බව නොතේරෙන ගොබ්බයින් පිරිසක් ලංකාවේ සිටීම ගැන හරිම කණගාටුදායකයි. කොටි ඩයස්‌පෝරාව මාලිමාවට ඩොලර් පොම්ප කළා.. යුද්ධය අවසාන කළ එකේ ප්‍රතිඵලය තමයි මේ. සමස්ථයක් සිංහලයින් මහා කුහකයින්. තමන්ගේම ජාතිය මුදලට තානාන්තරවලට පාවාදෙන අමනුෂ්‍යයින්..
සහෝදරවරු හානවා මිත්‍රවරුනි...
ජෙප්පන්ගේ දැවෙන ප්‍රශ්න තමයි මේවා... අරකේ ලොකු බල බල ඉන්න.
වර්ග අඩි 30354ක දැවැන්ත මන්දිරයක.., මයිනයි, සිරිලියයි නොදැකපු ස්තානයි... කාමරයි කොතරම් තිබේද කියා ඔවුන්වත් නොදන්නවා ඇති. ඕකෙ තිබෙන පුරාවස්තු ටිකත් මැදමූලන ඉලව්වට ලොරි මගින් පටවාගෙන යනවාද කියා අප බලා ඉන්නවා...
ඉදිරියට එන ජනාධිපතිලත් නඩත්තු කරන්න ජනතාවට සිදුවෙයි. මෙය නවත්වන්න ඕනෑමයි...
ජනාධිපතිතුමා බලයට ආවානේ, දැන් ඉතින් කියපුවා කරලා පෙන්නන්න එපායෑ? තාම උගන්ඩාවෙන් රුපියලක්වත් හොයා ගන්න බැරිවුණා. ඉදිරියටවත් හොයා ගන්න පුළුවන් වුණොත් හරි. එතකන් ඉතින් මෙහෙම හරි ප්‍රශ්නයක් ඇදගෙන යන්න එපායැ. නැත්නම් හාල් පොල් මදිවට තෙල් ගෑස් පෝලිම් යුගයක් ආවොත් දුක් විඳින්න වෙන්නෙ අපිටම මිසක් අනුරටවත් මහින්දටවත් නෙවෙයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉමු.
මට තියෙන ප්‍රශ්නේ කෝටි 22 යි වටින්නේ කියලා මෙයාම කියන ගෙයකට මාසික කුලිය ලක්ෂ 46 ක් කියලා තක්සේරු කරපු තක්සේරු කරුවා කව්ද කියන එක.
මුන් රට අරන් තිබුණේ ෆුට් බෝලෙට හිතේ හැටියට පයින් ගගහා ඉන්න.
මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්ත භිෂණයට අවසන් කොට රට එක්සේසත් කළ නායකයා බැවින් එතුමාට ජිවතුන් අතර සිටින තුරු ඔය නිවසේ සිටිමට ඉඩ දෙන්න.
ඔය මැදමුලන මයිනා ජෝඩුවට දැන් පන්දුව ගහන්න තරම් ශක්තියක් හෝ හැකියාවක්, විජේරාම මාවතේ ඔය මහ මන්දිරයේ ඉඳන් කරන්න බැරි නිසා, එහි ඉඳගෙන පව් ගෙවන්න ඕනේ නැහැ. දෙන්නම පටවලා යවන්න, කාල්ටන් හරි නැත්නම් වෙන ඉලව්වකට...
රාජපක්ස සිත් තුල මෙත් මල් පිබිදෙවා ... සිත් තුල මෙත් මල් පිබිදෙවා ... අහා හා හා
බොරුවට කියවන්නේ නැතිව..., මහින්දට වෙන සුදුසු තැනක් දීලා මේක ගන්න.
ලංකාවේ මිනිස්සුන්ට අනුව මහින්ද රාජපක්ෂ රම්බෝ වගේ තනියෙන් ගිහින් යුද්ධය දින්නා. ලංකාවේ හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ කකුල් උඩ දාගෙන, ඔමී, දාම් ඇද ඇද ගෙවල් වලට වෙලා හිටියාලු. මේවා හරියට දෙමළ, හින්දා බොරු චිත්‍රපටි වගේ. ඇත්තටම යුද්ධය ඉවර කරේ හමුදාවේ විරුවෝ මිස රාජපක්ෂ නෙමෙයි. අන්තිමට තාමත් ආබාධිත රණවිරුවන් ඉන්නවා දුක් විඳින ඒ අයට වතුර ටිකක් දුන්නේ නෑ මහින්දලා...