
(තිස්ස කොටින්කඩුව)
මේ රටේ මිට වසර 7කට ඉහතදි සිදුවු මෙලේච්ච පාස්කු ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරුවන් සහ ඔවුන්ට ඒ සඳහා සහය දැක්වූ පිරිස් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති සත්‍යය හෙළිදරව් කර ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරු තුමෝ පැවැසූහ.
වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම යනු හුදෙක් වන්දි ලබා දීම පමණක් නොව, මෙවැනි විනාශකාරී ක්‍රියා නැවත කිසි දිනෙක සිදු නොවීමට වගබලා ගැනීම සහ ඊට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමයි. එබැවින් මෙම පරීක්ෂණ කටයුතු විනිවිදභාවයකින් යුතුව සහ කඩිනමින් සිදු කරන ලෙස අපි බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටිමු.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් එසේ පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සිදුවු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 7 සම්පුර්ණවීම හා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දියන් සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබු ප්‍රධාන සමරුම් වැඩ සටහනේදීය.
මෙම වැඩ සටහන උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සමිදාණෙනි යුක්තිය හා සත්‍ය වෙත අප ගෙනගිය මැනව යන තේමාව යටතේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද (21) දින පැවැත්විණි.
මෙම අවස්ථාවට ඇන්ටන් රංජිත් සහායක රදගුරු හිමිපාණන් ඇතුලු සෙසු ආගමික නායකයෝ,කතෝලික පියතුමන්ලා,විදෙස් තානාතිපතිවරු ද සහභාගී වූහ.






ඡායා ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කියන කෙනාම නැතිනම් , පල්ලිය පිළිගන්න එකක් නැහැ මෙයාට ඕනේ, මහින්ද රාජපක්ෂ මේ වැඩේ කළා කියල තීන්දුවක් !!
මෙතුමා පොලිස්පති කරන්න. මේ කන්දොස්කිරියාව නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ.
මෙහෙම ගියොත් මොන ආණ්ඩුව ආවත් මේවා එළියට එන්නේ නෑ වගේ තමයි පේන්නේ.