
(නිමල කොඩිතුවක්කු)
දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(16) පැවසීය.
රටේ වගකීම භාරගෙන නව දැක්මක් තුලින් නව යුගයක් බිහිකිරීමට රටේ සියලුම ජනතාවට ආරාධනා කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු නොවන බවත් ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආන්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව කොළඹ ගාල්මුවදොර වටරවුමේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
“අද පෝලිම් යුගය බිහිවෙලා. ගෑස් පොලිම්, තෙල් පොලිම්, කිරිපිටි පොල්ම්, හාල් සීනි පෝලිම් ඒක්ක පෝලිම් යුගයක් අද මේ රජය බිහිකරලා හමාරයි. රටට බත් දුන් පියා ඩඩ්ලි සේනානායක මහතායි. එතුමා 1967 මුල්ගල් තියලා 1969 විවෘත කරපු අපේ තෙල් පිරිපහදුව වසර පනස් ගණනකට පස්සේ ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් නැතුව වහලා තියෙනවා.
බොරතෙල් ගන්න සල්ලි නැති ආණ්ඩුවට පිරිපහදු කරපු තෙල් ගන්න ඩොලර් තියෙනවා. මේ හදන්නේ හදිසි මිලදී ගැනීම් මගින් දූෂිත ක්‍රමවේදයන් මගින් රටත් ජන ජීවිතත් කඩා වැටී ඇති මොහොතක කොමිස් ගැසීමටයි. මිනිස්සු කුසගින්නේ සිටින මොහොතක මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භණේඩ හිඟයක් තිබෙන මොහොතක මේ ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් වංචා කරමින් සිටිනවා. අද පොලිස් ක්‍රියාදාමයන් තුලින්, පගාවෙන් අල්ලසින් තමන්ගේ බඩ වඩා ගන්න මේ ආණ්ඩුවේ උදවිය කටයුතු කරමින් සිටිනවා.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
ආර්ථිකය නොහදා එදා වේල ක්‍රමයට මේරට හැදිය නොහැක දැන් සිටම සැලසුම් සකසා අදාල බලතල පවරා කටයුතු කලොත් ඔබතුමාට මෙරට සත්‍ය ලෙසම සමෘද්ධිමත් කල හැකිය ජයවේවා
ආයෙත් කොරෝනා රැල්ලක් හදන්න යන්නේ .ආයේ රට හවනන සිදුද වුනොත් මිනිසු හාමතේ මැරෙයි අනික මෙයාලා ඇවිත් මැජික් කරනනද
අනේ මට දුකයි මේ ඉන්න මිනිසුන් ගැන. මෙවැනි උද්ඝෝෂණ අප කොතරම් දැකලා ඇත්ද? අවසානයෙ නායකයින් ජයගනියි.. පැරදුණු අයත්, ජයගත් අයත් තීරයෙන් පිටුපස එකපතේ කන එවුන්ය. අප දකින්නේ අවුරුදු 73ක් දුටු ඒ නාඩගමමය. නළුවෝ පමණක් වෙනස්ව ඇත. මිනිසුනේ නොරැවටෙන්න. කල්පනා කරන්න.
තව ලොක්ඩවුන් එකකට ලෑස්ති වෙන්න...
ජනතාව දැක්කාම ආණ්ඩුවේ ලොක්කන්ට බය හිතෙන නිසා ජනතාවගෙන් හතරෙන් තුනක්ම හරවලා යවලත් ඉන්න සෙනග, ජනතා ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යනු...
කවුරු ආවත් කරන්න බැරි තරමට වත්මන් නායකයින් අපේ රට මහා ආර්ථික අර්බූදයකට පත්කරලා තියෙන්නේ. 1948න් පසුව පැවති දූෂිතම පවුල් ආණ්ඩුව රාජපක්ෂ යුගයයි.
අලි මදිවට හරක් කියන්නේ මෙන්න මේවට...
මම හිතන්නේ නැහැ විසඳුම සජිත් කියලා.. මේ සිස්ටම් එකම වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ජනතාව අතරින් බිහිවෙන්න ඕනේ.. නීතිය ස්ථාපිත කරපු තැන ඉඳලා.. රට දියුණු වෙනවා.
ආණ්ඩුව ගෙදර යන එක කෙසේවෙතත් මෙතන ඉන්න බහුතරේකට තව සතියකින් විතර කොරෝනා වාට්ටුවල ඉන්න වෙන එක නම් ෂුවර්... ආණ්ඩුව ෆේල් එක ඇත්ත... නමුත් ජනතාව මෙහෙම ගෙනැල්ලා ආණ්ඩුව පන්නන්න බෑනේ.. ඇත්ත කතාව.. මිනිස්සුන්ට ලෙඩ හැදිලා තවත් අමාරුවේ වැටෙන එක වෙන්නේ... දැන්වත් මෙහෙම නොකර ආණ්ඩු හදන්න, එලවන්න වෙනත් ක්‍රම හොයාගත්තොත් හොඳයි..
ඔය වගේම සුරංගනා කතා කියලා තමයි සර් ඔවුනුත් බලය අල්ලා ගත්තේ... දැන් අපිට වැලේ වැල් නැහැ...
‘‘දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කරනවා‘‘. ඔහොම කියලා තමයි හැමෝම එන්නේ... ඊට පස්සේ බැංකු කඩන්නයි, හොර ඩීලුයි දැනට පටන් ගන්නවා...
පුතෝ, ලංකාවේ බලය සහ ජතිවාදය එකට යාවෙලයි තියෙන්නේ. ජාතිවාදය පරාජය කිරීම ලේසි නෑ...
මේ ප්‍රධාන පක්ෂ දෙකෙහිම පිටිපස්සේ ඉන්නේ එකම ව්‍යාපාරිකයින්, ආණ්ඩු මරුවෙන කොට ඒ ගොල්ලොත් මාරුවෙනවා.., ඊටපස්සේ බලය ලැබුණාට පස්සේ කරන්නේ ඒ ගොල්ලන්ගේ පිටිපස්සේ ඉන්න කූට ව්‍යාපාරිකයින්ට ඕනේ වැඩ විතරයි. දැන්වත් මේ දෙගොල්ලන්ටම රැවටෙන එක නවත්තමු...
ජනතාව රජයට පහරදී පලවාහරින කාලය උදා වී ඇත.
ඔයා බලේට ආවොත් අපිටත් හොර සල්ලි අච්චු ගහගන්න දෙනවද?
තැටිය රත්වෙලා තියෙන වෙලාවේ මේ හැමෝම දගලන්නේ රොටිය පුච්චාගන්න මිස අපිට ඇති ආදරයකට නොවේ.
ඊයේ පෙරේදා ඉදලා කෑගහපු හැටියට ආන්ඩූ බලේ අරන්, ජනාධිපති වෙලා මෙලහට ප්‍රස්නත් විසදයි කියලා හිතන් උන්නේ. මෙයත් එක්තරා කතා සාප්පුවක් විතරයි. තාත්තගේ බෝඩ් එකට වාරු නොවි තාම නැගිට ගන්න බැරි ඔයා කොහොමත් මේ ක්‍රමවේද යට විකල්පය නෙවේ. ඔයා වටේ ඉන්න පිරිසයි දැන් ඉන්න පිරිසයි අතරයි වෙනසක් තියෙනාවා නම් ඒක කියන්න මුලින්. අනික ඔය උස කෙනා ඉන්නේ එයාගෙන් බේරිලා මුලින් ඉල්ලන්න බලන්න. එයා ඇදලා ඉන්න ජැකට්ඒකේ පාටත් පේනවනෙ. ආන්ඩු බලය කෙසේ වෙතත් තවත් කොරෝනා රැල්ලක් නම් හදයි.
විසදුම නම් ඔයාල නෙවෙයි කොහොමටවත්. ඒනිසා කොරෝන බෝනොකර පුතානෝ ගෙදර ඉන්න. අපි විකල්පයක් හොයා ගන්නම්.
හැමෝම ආවේ ඔහොම කියලා තමයි.
නිදහසින් පස්සෙ බිහිකරපු ආණ්ඩුවලින් අකාර්යක්ෂම දූෂිතම වැඩියෙන්ම ජනතාවට හිරිහැරකරපු ආණ්ඩුව මේකයි. ඒ මදිවට බලපුලුවන් කාරයින්ට ඇතිතරම් හම්බකරගන්න ඉඩදීල ජනතාව අන්ත දුකකට පත්කරල තිබෙනවා. කෝවිඩ් මුවාවෙන් හැමදේටම නිදහසට කතා කලාට හරියන්නෙ නෑ. රාජපක්ෂ කියන නම ඇහෙන කොටත් ජනතාවගේ කලකිරීම පැහැදිලිවම දකින්කට තිබෙනවා. බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට ආණ්ඩුව භාරදීල ගෙදරයන එක මීට වඩා හොදයි.
ආයෙමත් නටලා ඉස්කෝල ටික වහන්න. හරක් 225 කට නිදහසේ දේශපාලනේ කරන්න මේ රටේ ගොන්නු ඉන්න ඕනනේ. විපක්ශේ ඉන්නකොට තමා දුෂණය පෙන්නේ . ආණ්ඩුවට ආවම හොරා කනවා. ගිය ආණ්ඩුවේ හිටියේ නෑ වගේ නේ කතාව.
ඔබතුමා එක්කලා ඔය ඇවිදගෙන යන අය එක්කද දුෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්න යන්නේ.?
ප්‍රතිපත්ති හරියට කියන්න. මේ රටේ නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය මේවා නමට විතරනේ ඒ නිසා ජනතාවගේ සෞඛ්‍ය වියදමවත් කියන්න.
දුෂණයෙන් තොර ආණ්ඩුවක් 1977 පසුව මෙරටේ ඇති උනේ නැහැ. 1977 දී දුෂණයක් නැතුව ආණ්ඩුවක් කරන්න බැරි විදිහට රට පරිවර්තනය කළා. ඔබලා 2015 බලයට ආවේ ඔයටිකම කියලා නේද? අන්තිමට බැංකුව මංකොල්ල කාලා සල්ලිත් බෙදා ගත්තා නේද? අපිට කාගේවත් දුෂන ගැන කියන්න එපා. අපි වෙන ලෝකෙකින් මෙරටට ආවේ නැහැ. අපි දන්නවා ඉන්න මිනිස්සු කවූද කියලා. කියන්න ඔබලා මෙරට ගොඩගන්නේ කොහොමද කියලා. එකයි අපිට වැදගත්. සනීපාරක්‍ෂකතුවා දීල රට ගොඩගන්න බැහැ. රෑට රෑට හොරෙන් එබිලා බලලා රට ගොඩ ගන්නත් බැහැ. ඔබලා ණය ගත්තොත් තවරට ණය වෙනවා? බදු ගැසුවොත්, පඩි වැඩි කලොත් තවත් බඩුමිල වැඩිවෙනවා, රට වලපල්ලට යනවා.
සජිත් කියන්නේ රටක නායකයෙන් නොවෙයි මන්තිරියෙක් වෙන්නවත් සුදුසු පුද්ගලයෙක් නොවෙයි.
සජිත් මෙකම කරන කෙනෙක්. හොරකම, පස්, වැලි, ජාවාරමි ඔය ඔක්කොම වැඩ තමා වටෙි ඉන්න අයට කරන්න දෙනව. මෙයා කිසිම තැනකදි කියන්නෙනැ හොරකපු දෙවල්, සල්ලි ආපහු රටට ගෙන්නනව කියලා. බොහොම පරිස්සමි වෙනවා එතනදි. බලයට පැමිනිමම පමනයි අරමුණ.
මේවට හිනා , දුෂියොත් එක්ක මොන දුෂනයෙන් තොර ආන්ඩුද. තිස්ස අත්තනාක දිහාම බලන්න.
ඔය වේදිකාවල සජිත් දූෂණය නැතිකරන හැටි කියනකොට අර්ජුන් ඇලෝසියස් ගෙන් මිලියන ගණන් ගත්තු ෆූට් නෝට් දාපු අයව එහෙම අයින් කරන්න බලාගෙනද කතාකරන්නේ. ඒ කොටසක් සජිත්ගේ ළඟ දැනුත් ඉන්නවා නේද. කාවද මේ රවට්ටන්න හදන්නේ.
ඔයාගේ වටේ ඉන්න අය බැලුවම දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහිකරන්න පුළුවන් කියලා හිතන්න පුලුවන්ද. රාජිත සේනාරත්න, කිරිඇල්ල, පාඨලී චම්පික වගේ අය එක්ක ඔයා මේ ගමන යන්නේ කොහොමද.?
අපිට මතකයි පේමදාස යුගය ජයවර්ධන යුගය දවල් භිෂණය රජ කරපු හැටි.
අපි අනන්ත අප්‍රමාණ ආණ්ඩු දැක තිබෙනවා. නමුත් මෙවැනි තුප්පහි රජයක් අපේ ජීවිතයටම දැක නැහැ.