
(ගයාන් සූරියආරච්චි)
කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් පළවූ පුවත පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසන්නේ එම පුවත සම්පූර්ණ අසත්‍ය පුවතක් බවය.
කෙසේ වෙතත් එවැනි පුද්ගලයකු සැකපිට පොලිසිය අත්අඩංගුවට ගෙන බවට මාධ්‍ය වෙත ලද තොරතුරක් මත පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකින් අනතුරුව එම පුවත පළ කිරිමට කටයුතු කෙරිණි.
එම සැකකරු ජා ඇල, කලා වීදිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන අතර ඔහු කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් දැනට කර ඇති විමර්ශනවලට අනුව ඔහු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd