IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘‘ඉදිරිය තවත් දරුණු වේවි‘‘

(සුජිත් හේවාජුලිගේ )

මේ දිනවල  බෝවන රෝගයේ  ප්‍රතිඵල තවත්  මාසයකින් විතර දක්නට හැකි වනු ඇතැයි    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය .

කොවිඩ් මරණ අඩු වී ඇත්තේ  පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා නිසා යැයි පැවසූ  විශේෂඥ වෛද්‍යවරිය  මේ අවස්ථාවේදී රටේ  එන්නත්කරණය වේගවත් කළ යුතු බවද සඳහන් කළාය.

පද්මා ගුණරත්න මහත්මිය මෙසේද  කීවාය .

"ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දාහතර දෙනකු  කොළඹ ඇතුළු තවත් බාහිර ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන තියෙනවා .

මේ අවස්ථාවේදී අපි යම් සාමාන්‍ය තත්වයක් දකින්නේ සති තුනකට පෙර රට වසලා   රෝග පාලනය කරපු නිසයි .ඒ නිසා මරණවල අනුපාතයක් අඩුවෙලා තියෙනවා .දැන් බෝවන රෝගයේ ප්‍රතිඵල දකින්න අපිට තවත් මාසයක් විතර යනවා .

ඒ කාලේ වෙනකොට අපිට පාලනයක් යොදන්න හැකියාවක් නැති වෙයි. හැබැයි අපේ නොසැලකිල්ල නිසා මේ රෝගය ඉතාම වේගයෙන් ලංකාව පුරාම පැතිරෙනවා කියලා කියන්න පුළුවන් " 

 



අදහස් (5)

‘‘ඉදිරිය තවත් දරුණු වේවි‘‘

කිරිපුතා Sunday, 04 July 2021 01:35 PM

රටවල් වහගෙන ඉන්න බෑ. මේ තම විෂය පමණක් දැනගෙන ඉන්න උගතුන් මොළේ පාවිච්චි කරලා විකල්ප ක්‍රම හොයන්න ඕනෑ. එකම කියව කියවා ඉන්නේ නැතිව...

:       442       339

අලුත්ගම සුපුන් Sunday, 04 July 2021 01:35 PM

මෝඩ පාලකයින්ට මේවා තේරෙන්නේ නැහැ. තේරෙන භාෂාවෙන් කියලා දෙන්න...

:       52       264

Rohana Sunday, 04 July 2021 01:57 PM

අපව තවත් බය කරනවා නේද?

:       112       4

Sri Lanka Sunday, 04 July 2021 07:29 PM

කළින් ආපු සල්ලි වලින් භාණ්ඩාගාරය සුද්ද කළා. ඊළඟට මොකක්ද ප්ලෑන් එක...?

:       0       0

සජබ මහවස්සා Sunday, 04 July 2021 09:23 PM

තවත් ආන්ඩුවට ඇඟිල්ල දික් කරන් ඉඳිල්ලා ඩෙල්ටා ඇවිත් තොපිව බිලි ගන්නකම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site