(ඉන්දිකා රාමනායක)
සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා පුද්ගලයන්ට පහර දීම් සිදුනොකර ඔවුන් සම්බන්ධයෙන් ළගම ඇති පොලිසිය දැනුවත් කර පොලිසියට බාර දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටියි.
භාණ්ඩ සොරකම් කිරීම විමර්ශන කිරීමට පොලිසිය තිබියදි භාණ්ඩ සොරකම් කළ වරදට කිසිවකුට පහර දීමක් සිදුකළ නොහැකි බවද හෙතෙම කීය.
මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කිසිවකුටත් පහර දීමට අයිතියන් නොමැති බවත්, සුපිරි වෙළඳසැල් වල කළමනාකරුවන් මේ සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුවත් කළ යුතු බවද හෙතෙම පැවසීය.
බොරැල්ල කොටා පාරේ සුපිරි වෙළෙඳ සැලක පසුගියදා භාණ්ඩ සොරා ගත් තරුණියකට එහි සේවයකයන් පිරිසක් පහර දෙන දර්ශනය ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය වල ප්‍රචාරය වු බවත්, එම පහර දීමේ සිද්ධිය කිසිසේත් අනුමත නොකරන බවද හෙතෙම පැවසීය.
කිසියම් කෙනෙකු වෙළඳ සැලේ භාණ්ඩ සොරා ගන්න බවට නිර්ක්ෂණ වුවහොත් , එයට විකල්පය පහර දීම නොව සේවකයන් ඒ සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර එම පුද්ගලයා හෝ කාන්තාව අල්ලා පොලිසියට බාර දීම සිදුකළ යුතු බවද හෙතෙම පැවසීය.
හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකට මෙම පහර දීම සිදුකර ඇති අතර, ඇය තදික්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින්නියක් බව හෙතෙම කීය.
මත්ද්‍රව්‍ය පාන සදහා මෙම කාන්තාවන භාණ්ඩ සොරා ගෙන ඇති බවත්, වෙළෙඳ වල භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් ඇයට නඩු කිහිපයක්ම ඇති පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
පොලිසියෙන් නම් එහෙම ගහන්නේ නෑ... අම්බානක නෙලනවා... ආයුධ පෙන්නන්න ගෙනියනවා, අතුරුදහන් කරනවා, අඬු පඬු දෙක තුනක් කඩනවා වගේ දේවල් විතරයි...
ෂා.. පොලීසිය ලස්සනට රෙදිත් හෝදනවා...!!!
ජරාවට ඌරන් නැවෙති... සල්ලි වලට පොලිසිය නැවෙති. දැන් පහර කෑ ඇයට නඩු පිට නඩු. මත්ද්‍රව්‍ය චෝදනා රැසක් මරු දැන් පහරදුන් අය හොඳයි. මේ ආයතනයත් හොඳායි.. ඕකම තමයි ආයුධ පෙන්වන්න ගිය අයටත් වගේම වැරැදිලා පොලිසිය අතින් අහිංසක මිනිස්සුන්ට වැදිලා මැරුණාම කොහෙන් හෝ චෝදනා ගොන්නක් දානවා.. ඔය කියන තැනැත්තිය ඇඳුම් ගලවා පෙන්වන්නේ කිසිම දෙයක් හොරකම් කළේ නැහැ කියලා තමයි. නැතුව බේරිමට නොවේ. ඒ පෙන්වන විදියෙන් පැහැදිලියි, චොකලට් එහෙම දෙයක් ඇයගෙන් සොයාගන්න විදියක්... විඩියෝ එකේ දැක්කේ නැහැ මැනේජර්වත්...
ගෙදර යන ගමන් ගුටි කන්න එන්න දිවයිනපුරා - මේ ආයතනයේ පණිවිඩයක් හොරා අහුවුණාම ඔයාලා ගහන්න එපා. අපිට බාරදෙන්න අපි ගහන්නම්... හොරා නොවුණත් හොරා කියවන්නම්.. අපිට ඉතිං සලකන්න ඕනෑ... අපි දන්නවනේ අපි පොල්අඩි ආයතනය...
මෙයා නඩුව අහල ඉවරයි. වාසි පැත්තට හෝයියා.
දඬුවම් කිරීමේ අයිතිය තිබෙන්නේ අධිකරණයට. සොරකම් කිරීම සම්බන්දව පොලිස්සියට පැමිණිලි කරන්න කියන්න. අර තැනැත්තියට පහර දුන්න එවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්සිය කටයුතු කරන්න. පහර දුන්න එවුන් වීරයෝ වෙන්න හදලා.