IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ලංසා‘ හඬා වැටෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය දේපළවලට  හානි කිරීම ගැන  අද(18) පාර්ලිමේන්තුවේදී  කතා කළ අවස්ථාවේ  වරින් වර හඬා වැටෙනු දැකගත හැකිවිය.

තමාට දැන් ඉතිරිව ඇත්තේ ඇඳිවත  පමණක් බවද ඔහු මෙහිදී පැවසුවේය.

ලංසා මහතා මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්වූ  සභාව  කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය සිදුවුයේ තමාට බවත්   සිද්ධිය ගැන තමා වන්දි නොව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්  ඔහු සඳහන් කළේය.

එම  සිද්ධීන්වලට සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නැති බව පැවසූ නිමල් ලන්සා මහතා  මීට සම්බන්ධ කණ්ඩායම  ඉදිරියේදී හෙළි කරන බවද  ප්‍රකාශ කළේය.

පියාගෙන් සීයාගෙන් ලැබුණු දේවල් මෙන්ම තමා හරි හම්බ කළ දේවල්ද  මේ අයගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නැතිවූ  නමුත්  ඒ සම්බන්ධයෙන් හිත හදාගෙන සිටින බවත්  මෙවැනි දේවල් ඉදිරියටත් සිදු වුවහොත් රට නැතිවන බවත්  ඔහු ප්‍රකාශ කළේය.

තමාට උදව් කිරීමට බොහෝ  හිතවතුන් ඉදිරිපත්ව සිටින බව පැවසූ හිටපු රාජ්‍ය  අමාත්‍යවරයා  ප්‍රසිද්ධ හෝටල් හිමියකු තමාට ඔහුගේ හෝටලයක නවතින ලෙසට ආරාධනා කළ බවද  සඳහන් කළේය.

ලොකු  ආර්ථික  අර්බුදයක සිටින අවස්ථාවක එකිනෙකා මරා ගත්තොත් රට නැතිවන බව ඔහු වැඩිදුරටත් කීවේය.



 

 



අදහස් (27)

‘ලංසා‘ හඬා වැටෙයි

මලිත් Wednesday, 18 May 2022 02:20 PM

ලංසාගේ දේපළ... අනේ අපොයි..!

:       35       80

NIMALWednesday, 18 May 2022 02:30 PM

පියාගෙන් සීයාගෙන් ලැබුණු දේවල් මෙන්ම තමා {"කොහොම හරි"} හම්බ කළ දේවල්ද මේ අයගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නැතිවූ නමුත් ඒ සම්බන්ධයෙන් { "හිත හදාගෙන සිටින බවත්" } මෙවැනි දේවල් ඉදිරියටත් සිදු වුවහොත් රට නැතිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

:       24       53

ajithWednesday, 18 May 2022 07:22 PM

මේ වනවිට දිවයින පුරා ලක්ෂ ගණනක් කුඩා දරුවන් බීමට කිරි නොමැතිව හඬා වැටෙමින් සිටින්නා වූ අවස්ථාවක හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාට සිය දේපළවලට හානි කිරීම ගැන අද (18) පාර්ලිමේන්තුවේදී වරින් වර කිඹුල් කදුළු හෙළුවද දරුවන්ගේ කිරිපිටි නොමැතිකම නිසා මවුවරුන් දරුවන්ට කිරිපිටි ඉල්ලා පාර්ලිමේන්තුව තුළට පැමිණෙනු ඇත. අද සහ ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ සියලු කතාවන් වෙන්කරගෙන තිබෙනුයේ දේශපාලකයින්ගේ අඳෝනා වෙනුවෙන් මිස රටේ ඉන්ධන සහ විශේෂයෙන් දරුවන්ගේ කිරිපිටි සහ බෙහෙත් නොමැතිවීම පිළිබඳව කිසිවකු පක්ෂ විපක්ෂ විසින් කිසිඳු අදහසක් ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණකි...

:       9       61

අනිල් Wednesday, 18 May 2022 02:33 PM

වපුුරපු හැටියට අස්වැන්න ලැබෙන බව කණගාටුවෙන් වුවත් සටහන් කළ යුතුව ඇත.

:       16       157

NIHAL PEIRIS Wednesday, 18 May 2022 02:37 PM

ඔය විදිහටම එයා කඳුළු සැලුවා පාස්කු ප්‍රහාරය වෙලාවේත්...

:       17       95

කිරි පුතා Wednesday, 18 May 2022 02:41 PM

කිසිවෙකුටත් හානියක් කර කාට නම් සතුටක් ලැබේද? ඔවුන් වැරැදි ලෙස හරි හම්බ කරගත්තා නම් ඊට උත්තර කර්මය විසින් ලබා දෙනු ඇත. සතුරෙකුට හෝ හානියක් කිරීමේ වෛරී සිතුවිලි මිනිස් සිත්තුළ හට ගන්නේ දහමක් ගැන නොදත් නිසාවෙනි. ඔවුන් වීර ක්‍රියාවක් කළා යැයි අද හිනැහුණද එහි නරක ප්‍රතිඵල භුක්ති විඳින දා තනි තනිවම මුහුණ දිය යුතුයි..

:       10       142

Nuwan Wednesday, 18 May 2022 02:50 PM

හොඳ නළුවෙක් .පාස්කු ප්‍රහාරයට අන්දපු හැටි මතක් වෙනවා.

:       24       81

Prabha Wednesday, 18 May 2022 02:59 PM

බැංකුවල දාලා තියෙන සල්ලිත් ගිනි අරන්ද? දුක්වෙන්නේ නැතිව ව්‍යාපාර තව හොඳින් කරන්න...

:       11       65

Rasika Wednesday, 18 May 2022 03:02 PM

මොහු අයථා ලෙස හම්බ කරගත් දේ වුවත් විනාශ කිරීම, ඊටත් වඩා කොල්ල කෑම අරගලයේ නම කැත කළේය. සියලුම දේ නැති වූ බව බොරුයි. මොහු සිටියේ වත්තල නිවසේයි...

:       10       65

සාලිය Wednesday, 18 May 2022 03:04 PM

කිඹුල් කඳුළු...!

:       13       56

පිටිගල මිලානෝ Wednesday, 18 May 2022 03:20 PM

ගියපාර බේරගත්තු ලොක්කාම තමයි මේපාර ප්‍රචන්ඩ මාරුතය පටන් ගත්තේ. දුක එයාටම කියන්න.

:       12       59

ravin Wednesday, 18 May 2022 03:52 PM

දේපළ විනාශ කිරීම ශිෂ්ඨ සමාජය කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. හැබැයි එදා හෙලිකොප්ටරෙන්ම ඇවිත් වැළඳගත්තු කෙනාම තමයි ඔය වැඩේට මෙහෙයවූයේ... හරියට බඹරෙ කරකැවෙන අත එයා වටා ඔතන නූලෙන් තීරණය කරනවා වගේ...

:       9       48

chandima Wednesday, 18 May 2022 03:57 PM

රටේ කෝටි ගණනක් මිනිස්සු අන්දවපු එකේ ප්‍රතිඵල තමයි ඔය...!

:       17       49

ගමේ එකාලා Wednesday, 18 May 2022 04:09 PM

මීගමුවේ ජනතාව ලන්සා ගැන හොඳටම දන්නවා...

:       3       49

C.K. Lankaputhra Wednesday, 18 May 2022 04:22 PM

මන්ත්‍රීතුමා, ඔබතුමාත් ගැතිකම් කළ කෙනෙක්. මේ විඳින්න වෙලා තියෙන්නේ ඒකයි.. දුක් වෙන්න එපා... !

:       24       28

mahee Wednesday, 18 May 2022 04:32 PM

ඇත්තටම කණගාටුයි.මනුස්සයෙක්ගේ දේපොළ වනසල සතුටුවෙන්න පුලිවන් එකා මනුස්සයෙක් නෙමෙයි සතෙක්.මිනිහ ඒවා හම්බකරපු තාලේ වැරදි නම් ඒක උසාවියෙන් විසදාගන්න ඕන.මේ කමෙන්ට් දාන ගොඩක් දෙනෙක් අනුන්ගේ සැප ඉවසන්න බැරි සක්කිලි.

:       45       25

මයුර Wednesday, 18 May 2022 05:32 PM

ඔප්පු කරන්න පුළුවන්ද? නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වුණාම. (කලහකාරීන් කරපු දේ සාධාරණීකරණය කරනවා නෙමෙයි මේ. වැරැදියට වටහා නොගන්න.) සියාගෙන්, තාත්තාගෙන් ලැබුණාලු. ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ.

:       7       43

darmaWednesday, 18 May 2022 08:28 PM

එහෙම හොරකම් කළානම් ඒවා උසාවියෙන් එපායෑ විසඳාගන්න. හොරකම් කළත් පුච්චන්න කවුද නීතියක් ගෙනාවේ. ඔය රිදිලා තියෙන්නේ හොරකම් කරපු කට්ටියටම තමයි. ඕක තමයි ජේවීපී තියරිය...

:       30       9

කරුමේ Wednesday, 18 May 2022 05:15 PM

කුහක මිනිස්සු අන්අයගේ සැපතට වෛර කරනවා...

:       31       16

de silva Wednesday, 18 May 2022 05:48 PM

අර STF පැනපු වෙලාවේ කළා වගේ ලොක්කට එන්න බැරිවුණේ ඔහුත් අමාරුවේ වැටිලා හිටි නිසා...

:       1       36

de silva Wednesday, 18 May 2022 07:27 PM

අන්න ලොක්කා බංකරෙන් එළියට ඇවිත් නමුත් ඔය පැත්තේ එන එකක් නැහැ... දැන් ඉන්නේ ගෙට වෙලානේ... හෙට අනිද්දා බබා හම්බවේවි..!

:       3       27

රශ්මික Wednesday, 18 May 2022 10:46 PM

තමන් කළ පව් පල දුන්නා කියලවත් හිත හදාගෙන නාඬන්.

:       0       10

Bandula alwis Thursday, 19 May 2022 07:43 AM

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වලට JVP සම්බන්ධ බවට ඔප්පු උනොත් එය පන්ති බේදයෙන් තොරව පසුගිය කාලයේ ඔවුන් වටා රොක්වූ අති විශාල ජනතාව ඔවුන්ගෙ දේශපාලන ව්‍යාපාරයට සහයෝගය දැක්වීම පිලිබදව දෙවරක් සිතනු ඇත . මේ රටේ බහුතරයක් ජනතාව මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරනු ඇත .කෙසේ උවද පොහොට්ටුවට තව කාටවත් ඇගිලි දික්කිරීමට පෙර මෙම සියලු ප්‍රචණ්ඩ ක්‍රියා වලට මුල ඔවුන්ගේ සාමාජිකයන් විසින් අවිහිංසාවාදී අරගලය වෙත දියත් කල මැර ප්‍රහාරය බව තේරුම් ගතයුතුයි.

:       9       5

de silva Thursday, 19 May 2022 01:42 PM

පාස්කු ප්‍රහාරය ගැන හරීන්ගේ පියා දැනගෙන හිටියා නම් එම වකවානුවේ මහින්දලා ළඟින් ආශ්‍රය කළ ඔබ නොදැන ඉන්න හේතුවක් නැහැ. ඔබත් කිතුණුවෙක්... පාස්කු ප්‍රහාරයෙන් පසු මේ කුමන්ත්‍රණය ගැන දැනගෙනත් ඔබ විශාල ලෙස දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළා මිස වින්දිතයින්ට කිසිඳු සහනයක් ලබාදීමට කටයුතු කළේ නැහැ. මේවට කියන්නේ දේව දඬුවම් කියලා. දැන්වත් වැරැදි හදාගෙන හරි මාර්ගයට යන්න නැතිනම්. ඉදිරියට මීට වැඩිය දරුණු දඬුවම් දෙවියන් වහන්සේ විසින් ඔබට ලබාදෙනු ඇත.

:       0       7

Sharm warn Thursday, 19 May 2022 03:00 PM

ලංකාවේ මුල් පෙලේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් කියලා දන්නැති කට්ටිය අත උස්සන්න ප්ලීස්.. මෙයාට නඩු දාන්න තිබුණා. මදූෂ්ට විරුද්ධව කටවචන, චෝදනා කප්පරක් කිව්වා හැබැයි උසාවි දැම්මේ නෑ.. ආයුධ පෙන්නන්න අරන් ගියා.. මෙහෙ එහෙමයි.

:       0       9

S. Percy perera Thursday, 19 May 2022 05:28 PM

තවම මේ අයට අඬන්න තරම් දෙයක් වෙලා නැහැ.. යථාකාලේදී කරපු දේවල්වලට අඬන්න වේවි...

:       0       4

කැලිස්ටා Saturday, 21 May 2022 10:35 AM

නුඹලා සේරම පරලොව යැවිය යුතුයි. වසර 45ක පමණ කාලයක් වරින් වර පහෙන් පහට ආ අය අද දෙකෝටි විස‌‌‌ි ලක්ෂයම ප්‍රාණ ඇපයට තබමින් ලෝකය ඉදිරියේ හිඟන රටක් ලෙස දණගසා යාචකයින් ලෙස ඉල්ලා කෑමට පත්කර ඇත. එක වේලක් නොමැති අසරණ දරුවෝ අද හඬා වැටෙති. බෙහෙත් නැතිව රෝගීන් මැරී යනු ඇත. රට විනාශ කළ නුඹලාට සාප වෙනවා. දැන්වත් මකබෑවිලා යන්න. ඉදිරියේදී ජාතික ජනබල වේගයට රට බාරදෙනු ඇත.!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 12 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 156 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 530 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 954 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 678 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1531 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site