(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා "කොකේන්" මත්ද්‍රව්‍ය තොගයක් , සිය සිරුරෙහි සගවා ගෙන , මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(12 ) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය 47 හැවිරිදි වියේ පසුවන උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවකි .

ඇය පිළිබද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු සහ අවදානම් විශ්ලේෂණය කරමින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර ,  එසේ කිරීමෙන් පසුව ඇය පූර්ණ වශයෙන් විශේෂ පරීක්ෂාවකට ලක් කර , ඇය තම සිරුරෙහි සගවා ගෙන තිබූ "කොකේන්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274 ක් , කරල්   21 ලෙස සකස් කර සිටියදී සොයා ගෙන තිබුණි .

මීට අමතරව තවත් "කොකේන්" මත්ද්‍රව්‍ය තොගයක් , ගුලි ලෙස සකස් කර ගිල දමා ඇති බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පහළ කර තිබේ .