(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොට්ට උරයක් අනිත් පැත්ත හරවන්නවා වගේ ආර්ථිකය වෙනස් කළ යුතු යැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී කියා ඇතැයි ද කොට්ට උරේ දෙපාරක් අනිත් පැත්ත හැරවූ විට තිබූ පැත්තටම හැරෙන්නේ යැයිද ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙවර අයවැයත් කොට්ට උරය දෙපාරක් පැත්ත හැරෙව්වා වගේ බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
අයවැය ලේඛනයේ කොතැනකවත් ශක්තිමත් විදෙස් ආයෝජන ගෙන ඒම ගැන සැලැස්මක් නැතැයි ද එකම අරමුණ තිබෙන දේවල් විකිණීම යැයි ද දිසානායක මහතා කීය.
රාජපක්ෂවරුන්ට දේශපාලන විරෝධය තිබෙන්නේ යුද්ධය අවසන් කළාට නොව යුද්ධය අවසන් කොට රටට විශාල සුද්දයක් දීම නිසා බව කී දිසානායක මහතා ආර්ථිකය කඩා වැටෙන්නට ඒ සුද්දය කොතරම් ඉවහල් වුණා දැයි කිව හැකි බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට මොකවත් හරියන්නේ නැහැ. මොවුන්ට හරියන්නෙත් නැහැ.
තමුසෙලා අනුන්ගේ වැරදි හොයා හොයා ඉන්නවා. ඕකනේ අවුරුදු 58 කලේ අනුරය මරණ මංචකෙදීත් අනුන්ගේ වැරදි ගැන හිතමින්ම පරලොව යාවි. පව් නේද?