IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ෆේස් බුක් සාදයට ආ දේශපාලන දියණිය ඇතුළු පිරිස ඇපමත මුදා හරියි

(ජේ.ඒ.එල් ජයසිංහ)

තෙල්දෙණිය  ,කරල්ලියද්ද නව නගරයේ ,වික්ටෝරියා ජලාශයට ආසන්න ස්ථානයක පිහිටි හෝටලයක ,අයිෂ් ,කුෂ් ,හෙරොයින් ,සහ ත්‍රිල්නැමති මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ආපදා සමයේ මත් සාදයක් පවත්වමින් සිටි මහනුවර ප්‍රබල දේශපාලනාඥයකුගේ දියණිය ඇතුළු 27 දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය  අද සවස නියෝග කළේය. 

සාදයට සහභාගී වූ  තරුණ තරුණියන්ගෙන් 27 දෙනකුගෙන් යුත් කල්ලියක් තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ පොලිස් කණ්ඩායමක් විසින් මත් ද්‍රව්‍යයද සමග සැකපිට අත් අඩංගුවට ගත් අතර ඒ අතර  මහනුවර ප්‍රාදේශීය ප්‍රබල දේශපාළනඥයෙකුගේ (24) හැවිරිදි දියණියක ද සිට ඇති අතර ,ඇය මහනුවර සුපිරි බාළිකා විදුහලක ආදී සිසුවියක් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මත් සාදය පවත්වා ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සන්නිවේදනය කර ඒකරාශී කරගත් තරුණ තරුණියන් පිරිසකි.

වැටලීමේදී අත් අඩංගුවට පත් තරුණ තරුණියන් කොළඹ  සහ මහනුවර පදිංචි කරුවන් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සැකකරුවන් සියලු චෝදනාවලට වරද පිළිගැනිමෙන් පසු ඇපමත මුදා හැර 

තෙල්දෙණිය පොලිස් මූලස්ථානය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ,මෙම තරුණ කල්ලියට මත් ද්‍රව්‍ය සැපයූවන් පිළිබඳව⁣ද සෙවිමට පරීක්ෂණපවත්වයි.

 



අදහස් (0)

ෆේස් බුක් සාදයට ආ දේශපාලන දියණිය ඇතුළු පිරිස ඇපමත මුදා හරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site