
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම මාගම්මන සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම මත ලබාගෙන මුහුණු පොත හරහා සංවිධානය කර මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණයන් හය දෙනකු අද අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
එම තරුණයන් සන්තකයේ තිබී කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය , මත් මුද්දර හා විදේශීය දුම් වැටි. පොලිස් භාරයට ගෙන ඇත.
තරුණ තරුණියන් පිරිසක් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රජිත ගුරුසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදු කර ඇත.
වැටලීම කරන අවස්ථාවේදී එම නිවස තුළ තරුණියන් දෙදෙනකු ඇතුළු තරුණයන් අටදෙනකු සිට ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් තරුණයන් හය දෙනා පමණක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.