(මනෝප්‍රිය ගුණසේකර)
තීරූ බදු රහිත බලපත්‍ර වලට විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසමින් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින නිර්වින්දන වෛදවරයා රෝගී තත්වයක් දක්වමින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාව පිළිගත හැකි එකක් නොවන බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ පංචපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර නිර්වින්දන වෛදවරයා රිමාන්ඩ් බාරයට පත් කළේය.
වෛද්‍ය වාර්තාවේ සඳහන් රෝගී තත්වය අනුව විත්තිකාර වෛද්‍යවරයාට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තරම් රෝගී තත්වයක් නොමැති බව සඳහන් කරමින් ප්‍රමුඛ පංචපුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාවේ සඟන් බව අවධාරණය කළ විනිසුරුවරයා අසත්‍ය තොරතුරු ඇතුළත් වෛද්‍ය වාර්තාවක් උසාවියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විත්තිකාර නිර්වින්දන වෛදවරයා රිමාන්ඩ් බාරයට පත් කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ නිර්වින්දන වෛදවරයකු බව කියන හපුආරච්චිගේ දොන් බුද්ධික නුවන් කරුණාරත්න මහතාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොර වෛද්‍ය වාර්තාවක් දුන් නිර්වින්දන වෛද්‍යවරයා රිමාන්ඩ්
nimal Friday, 24 January 2025 08:34 AM
දොස්තර වංචාවක් කරල තියෙන්නෙ දොස්තරලම පිරිසකට නිසා වෛද්‍ය වාර්තාව පිළිගන්න බෑ කියල දොස්තරල කියල තියෙන්නෙ. වෙනත් පිරිසකට වංචාවක් කරල තිබ්බනම් ඔවා පිලිගන්නව. අර වෛද්‍යවරියක් බීල ගිහින් හප්පල පොලිස් නිළධාරියෙක්ව මැරුවෙ. දොස්තරල වාර්තාව දුන්නෙ දොස්තරවරිය බීල නෑ කියලනෙ. කවුද ඒවට කතා කලේ. අනතුරට පෙර හෝටලයක බොනව සිසිටිවි දර්ශනත් තිබ්බ.