
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට පාඩුවූ කෝටි දාහකට වැඩි මුදලක් එම නිලධාරීන්ගෙන් අයකර ගැනීමද මෙතෙක් සිදුවී නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
වගකිවයුතු නිලධාරීන්ගෙන් පාඩුවූ මුදල් අය කර ගන්නා ලෙස විගණන නිලධාරීන් නොයෙක් වර නිර්දේශ කර ඇතත් එම නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව විගණන නිලධාරියෙක් පැවසීය.
මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෙරුණු නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නොමැත්තේ එම දූෂණ වංචාවලට එම ප්‍රධානීන්ද සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධවී ඇති නිසා බව පෙනී ගියේ යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 12 ක් පමණ හඳුනාගෙන ඇතැයිද ඔවුහු සඳහන් කරති.
මේ අතර සීනි බදු වංචාව,බාල පොහොර සිද්ධිය ඇතුළු ප්‍රධාන පෙළේ ජාවාරම් වලට සම්බන්ධ බව කියන නිලධාරීන් සම්බන්ධයෙන්ද මෙතෙක් නීතිය ක්‍රියාත්මකවී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇතැම් දේශපාලනඥයන් මෙම නිලධාරීන්ට රැකවරණය ලබාදීම මෙම වංචා දූෂණ යට යෑමට ප්‍රධාන හේතුවක් බව විගණන අංශ පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඉලෝන් මසක්ල වැඩක් නෑ, මෙතනයි හදන්න ඕන. දෙස්පාලුවෝ නීතිය ඇද කරලා මේ වගේ බයිස්කෝප් වලින් ඒවා වහනවා.....
හොරකමක් වංචාවක් කොතනද එතන දේශපාලකයෙක් ඉන්නවා. පක්ෂ පාට භේදයක් නෑ. සේරම එකයි.
දේශපාලකයින්ට ම බැන බැන යන්න අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා .නමුත් ඊටත් වඩා හොරු තමයි මෙන්න මේ වගේ රාජ්‍ය නිලධාරීන් . අඩුම තරමින් පෑනක් වත් හොරෙන් ගෙදර නොගෙනියපු රජයේ සේවකයෙක් ඉන්නවද ? මාලිමාව නෙවෙයි මොකා ආවත් මෙන්න මේ හොරු ඉවත්කරන්නේ නැතිව මේ රට හදන්න බැහැ . මහ දවල් වෙන හොරකමක්නේ නිල වාහන අව භාවිතය . ප්‍රධාන නගර වල පාසල් ලඟ බලාගෙන ඉන්නකෝ වැඩේ කොහොමද කියල . එතකොට පෙනේවි වරප්‍රසාද වලට මුවා වෙලා කොහොමද කොරකම් කරන්නේ කියල .ලෝකේ කිසිම රටක මේ වගේ හොරකම් වෙන්නේ නැතුව ඇති
මොදේශපාලයින්ට බැනලා වැඩක් නැහැ.. බාල බෙහෙත් ගෙන්වීමේ වරදට සැක කාරයෝ උනේ එක දේශපාලයයි නමුත් ඉහල රාජ්‍ය නිලධාරීන් අටදෙනෙක් සැක කාරයෝ වුණා. සමහර විට සෞඛ්‍ය ඇමැතියාත් මේ වංචාවට හවුල් කරගෙන ඇත්තේ මේ නිලධාරීන්ම තමයි. මොකද ඇමැති උපදෙස් ගන්නේ නිලධාරීන් ගෙන්. බෙහෙත් අඩුපාඩු කියන්නේ බෙහෙත් ගෙන්විය යුතූ ප්‍රමාණය කියන්නේ නිලධාරීන්. ඒ ඉල්ලීම තමයි ඇමැති කැබිනට් එකට ඉදිරිපත් කරන්නේ.
මේවට පියවර ගන්න කොන්දක් ඇති නායකයෙක් පත්කර ගනිමු
මාතර දිස්ත්‍රික් ලේකම්වයි, වික්‍රමසිරි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් ලෙස හිටපු කාලයේදී කෝටි 6 ක් අනීතිකව වැය කරල තියෙනවා. දැන් කොහොමද විගණන විමසුම. අනික අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා අඛණ්ඩව වසර 19 ක් එම පාසලේ විදුහල්පති ලෙස අදටත් කටයුතු කරනවා. අල්ලස් එකෙන් පරීක්ෂන 3 ක් තිබෙනව බව කලාප අධ්‍යක්ෂ ලිඛිතව දීල තියෙනවා. පාසල තුල බුද්ධ ප්‍රතිමාවක් හදල කෝටි 50 ක් විතර ගසා කාලා තියෙනවා. කිසිම අනුමැතියක් නැහැ. විගණනය කෝ ඒවා ගැන සොයල බැලුවද අපි කියනකම්.ඒවත් ගැහිලි තමයි. ආණ්ඩුකාර විලී ගමගේටත් යන්න වුනේ මේ ප්‍රශ්න යට ගහපු නිසා. දූෂන වංචා පැත්තකින් තියමු. අවුරැදු 19 ක් එකම පාසලක ඉන්න පුලුවන්ද එකම පුද්ගලයෙකුට . කෝ විගණනයක්. කෝ රටේ නීතිියක් . ඒක තමයි කුලරත්න ප්‍රයිවට් කම්පැනි ලිමිටඩ් . විදුහල්පති තමයි මුදලාලි.ආරක්ෂා කරන්නෙ ෂෙයා හෝල්ඩර්සලා. කෝ ජේ වි පිය මේවා දැක්කේ නැද්ද පළාත් සභාවේ ඉන්න කාලෙදි.ඉදිරියේදී මේවට පිළිතුරැ දිය යුතුයි. පැනල යන්න දෙන්නෙ නැහැ.
ළමයි පාසලට දාන්න පගාව අරන් අහුවුණ විදුහල්පති කෙනෙක් කාලයක් හිරේ ඉදලා නඩුව ඇදිලා යනකොට අල්ලස් හා දුෂණ එකේ අයට අල්ලස් දීලා නිදහස් වුණා. තවත් මොන කතාද ? සුරා බදු එකේ 100% අල්ලස් ගන්නවා හෝ ගන්න කෙනාගෙන් මුදලක් ලැබෙනවා. රේගුවේ හැම කෙනෙක්ම අයතා ලෙස මුදල් ගන්නවා හෝ වාසි ලබනවා. හැම තැනම අල්ලස් ගැනීම නවත්වන එක නවත්වලා 100% එක ආයතනයක් සුද්ධ කරන්න ඕනේ. ඊකට මුලින්ම කලයුත්තේ පොලිසිය සහ අල්ලස් දුෂණ ආයතනයේ අල්ලස් ගන්න එවුන් ඇල්ලීම. එක සුද්ද කරලා ඔවුන් හරහා අනිත් ආයතන සුද්ධ කිරීම. එහෙම නැතුව මේක නවත්වන එක බොරු. මේවා කරන්න නීති ගෙනෙන්න නම් නීති හදන තැන එවුන් හොද එවුන් වෙන්න ඕනේ. එහෙම එවුන් පාර්ලිමේන්තු යවන්න රටක හොද පුරවැසියෝ ඉන්න ඕනේ. හොද පුරවැසියෝ හදන්න අපි වගේ රටක හොදම අය පූජකයෝ. පූජකයොත් පට්ට හොරු. මේවා හෙළි කරන්න ඔලුව තියෙන මාධ්‍යවේදියෝ ඉන්න ඕනේ. උනුත් ආගම්වාදියෝ අන්තවාදියෝ දේශපාලන ගැත්තෝ. සිස්ටම් එකම අවුල්.
රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට එරෙහිව එම එම ආයතන තුල සේවයකරනා අවංක සේවකයන් සිටිනම් එම පිරිස සහ එම ආයතන වෙනුවෙන් පෙනී සිටිනා සංවිධාන පළමුව දුෂිත නිලධාරීනට එරෙහිව හඩක් නැගිය යුතුවේ. දේශපාලකයන් පත්කරනු ලබන්නේ රටේ පුරවැසියන් නිසා දේශපාලකයනට එරෙහිව පුරවැසියනට ඍජුව නැගී සිටීමට හැකියාව ඇත. එසේ උවත් දුෂිත රාජ්‍ය නිලධාරීනට එරෙහිව එසේ කල නොහැකිය. දුෂිත දේශපාලන ක්‍රමවේදයට සහ දුෂිත දේශපාලකයන්ට එරෙහිව මතුවූ පුරවැසි අරගලය මෙන් රජය සේවයේ දුෂ්ඨ නිලධාරීනට එරෙහිව එම ආයතන තුලින්ම හඩක් නගනා තුරු පුරවැසියන් නිහඩව සිටිනු ඇත. එසේ උවහොත් සමස්ත ශ්‍රී ලංකික ප්‍රජාවම එයට සහයෝගය ලබාදෙනු ඇත
ඒ හාරසිය එක්ක දේශපාලුවෝ සියයකුත් ඉන්නවා ඒකයි මොවුන් නිදැල්ලේ ඉන්නේ
හොර නිලධාරීන් යහතින් ඉන්නේ දේශපාලන අනුග්‍රහය යහමින් ලැබෙන නිසයි
ජයවීර මහත්තයෝ ඔයා, ජවිපෙන් රටේ සේරම වංචා නැතිකරගන්න හදනව නම් චන්දෙ දීල පත්කරගන්න උත්සාහ කරල තියෙනවද? ෆයිල් මිටි තියාගෙන ඉන්නව කියල අපහාස උපහාස කරන අයම තමයි ජවිපෙන් හරිදේ බලාපොරොත්තු වෙන්නෙ. හැබැයි චන්දෙ පල්හොරුන්ට දීල ජවිපෙට 3% යි කියනව.
මේ අයගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා,ෆයිල් මිටිවල තියෙන්නෙ ඕව තමයි, අපි මාලිමාවෙ රජයක් පත්කරගමු.
අපි සැවොම හෘද සාක්ෂියට එකඟව වැඩ කරමු. ඒ සඳහා එවැනිම පාලක පක්ෂයක් තෝරාගමු. නීතිය හා සාධාරණය රජකරන සමාජයක්..., සැමට එක නීතියක් ක්‍රියාත්මක වන රටක් හදමු..