
(සුජිත් හේවාජුලිගේ)
ලෝකයේ අරගල සාමකාමී නැති බවත් රටක හොර තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කළ නොහැකි බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ව්‍යවස්ථාවට අනුව අරගල කළ නොහැකි බව පැවසූ ෆොන්සේකා මහතා ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවද සඳහන් කළේය.
අරගලයකදී ජිවිත පුජා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද සූදානම් විය යුතු බවත් එවිට එම ජිවිත පුජා කළ අය ජනතාව වීරයන් සේ සමරනු ඇති බවත් ඔහු පැවසුවේය.
අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20ක් 25ක් මිය යා හැකි බව සඳහන් කළ ෆොන්සේකා මහතා එවැනි ප්‍රහාර වලින් අරගලය නොනවතින බවද ප්‍රකාශ කළේය.
එවැනි අවස්ථාවලදී ජාත්‍යන්තරය මැදිහත්වී ගුවනින් ඇවිත් හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කළ හැකි බවත් මැද පෙරදිග රටවල ඒ සඳහා උදාහරණ ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.
ජනතාවට පහර දුන්නොත් එවැනි දේවල් සිදුවන්නැයි තමා ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය.
අද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවත් සමහර දරුවන් හිරේ සිටින ආකාරය තවත් දරුවන් හැංගි සිටින බවත් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ජනතාවට පහර දීම සම්බන්ධයෙන්වන අණ පිළිනොපදින්නැයි හමුදාවට නැවත වතාවක් අවධාරණය කර සිටින බව පැවසූ හෙතෙම හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතු බවද කියා සිටියේය.
අරගලය ඇතුළත විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම්ද සිටින බවත් ඔහු කීවේය.
රාත්‍රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම්ද සිටින බව ෆොන්සේකා මහතා සඳහන් කළේය.
අරගලය සන්නද්ධ අරගලයක් නොවුණහොත් හොඳ යැයිද හෙතෙම පැවසීය.
පාලකයන් දූෂිත නම් ඔවුන් එළවා දැමිය යුතු බවත් අරගලය වෙනුවෙන් ඕනෑම අයකු සමඟ කතා කිරීමට තමා සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.
අරගලය නිර පාක්ෂික එකක් බව පැවසූ ෆොන්සේකා මහතා දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති ආරම්භවූ අරගලය හරහා නායකයන් ඉදිරියේදී බිහි වනු ඇති බවද ප්‍රකාශ කළේය.
අරගලය වෙනුවෙන් තමා නීතිඥවරුන් එක්දහස් පන්සියයක් එකතු කරගෙන යන බවත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්ද සම්බන්ධ කර කරගැනීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසූවේය.
සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අන්තර්ජාල වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.
COMMENTS
දැන් නම් හොඳටම මොලේ කචල් වගේ. මෙයාත් අවුරුදු 73 ක සීයා කෙනෙක්නේ...
මේවා මෙයාගේ පක්ෂය පිළිගන්නවාද? මොකද මෙයා කියන්නේ? මෙයාට ජනාධිපති වෙන්න ක්‍රමයක්නේ. 89 කැරැල්ල කාලේ ත්‍රිකුණාමලය මර්ධනය බාරව හිටියේ කවුද? වැඩකළේ කොහොමද? බිල්ල කවුද? අද බිල්ල කොතැනද ඉන්නේ කියලා මිනිස්සු දන්නවා..
ඔබ දකුණේ සිංහයෙක්... ජයවේවා..!
මෙයාගේ කතාව පරස්පරයිනේ... "දරුවන්ට" කියනවා ව්‍යවස්ථාව කඩන්නලු. හමුදාවට කියනවා ව්‍යවස්ථාව රකින්නලු... ඒ කියන්නේ ව්‍යවස්ථාව කඩන්න එන "දරුවන්"ගෙන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න මෙයාගේ අහිංසකයි. රටක් වටී දරුවන්ට වෙඩි තියන්න වෙනවා... මෙහෙව් මිනිහෙක් එක්ක මහින්දලා, ගෝඨලා, කරන්නාගොඩලා, රොෂාන් ගුණතිලකලා, සරත් වීරසේකරලා ඇතුලු රණවිරුවන් කොහොම ප්‍රභාගේ ත්‍රස්තරැල විනාශ කළාද මන්දා...?
මෙයාට මාත් එකපාරක් ඡන්දෙ දීලා තියෙනවා. අයියෝ සල්ලි...!
තණ්හාය ජායතී සෝකෝ...!
දැන් නම් අපිටත් තේරෙනවා... ඇයි ජනාධිපතිවරණෙන් පස්සේ මෙයාව ටික කාලයක් කූඩුකරලා තිබ්බේ කියලා... අපි කැමති නෑ කවුරුවත් හිරගත වෙනවාට... ඒත් මහත්තයෝ ඔබතුමාගේ ඔය ඔලමොට්ටල අදහස් ටික (පුද්ගලයා නොවේ) කූඩු නොකළොත් රටේ මිනිස්සු එකඑකා මරාගෙනම රට ඉවර කරාවි. දැක්කනේ තෙල්පෝලිම් වල තත්වේ..නේ..?
ලංකාවේ ඉහළ පිළිගැනීමක් තිබුණු හමුදා නිලධාරියෙක් වෙච්චි ගෝඨාභය දේශපාලනයට ඇවිල්ලා කරපු විනාශයට දැන් මුළුරටම වන්දි ගෙවනවා. ගෝඨාභයටත් වඩා ඉහළ පිළිගැනීමක් ඇති හමුදා නිලධාරියෙක් වුණු සරත් ෆොන්සේකා ගෝඨාභයටත් වඩා විශාල විනාශයක් කරලා, එයත් විනාශ වෙන්න උත්සාහ කරනවා...
අද තියෙන්නේ පාර්ලිමේන්තු ඒකාධිපති වාදය බව මෙතුමා තේරුම් ගැනීම ඉතාම හොඳයි. ඒ නිසයි ජේ.ආර් කිව්වේ මේ ව්‍යවථාවෙන් බැරි ගෑණියෙක්, මිනිහෙක් කරන එක විතරයි කියලා. මේ පාර්ලිමේන්තුවේ පවතින්නේ ජනතා පරමාධිපත්‍යය රකින්න නෙමෙයි.. තමන්ගේ බඩ වියත රැක ගැනීමටයි. ඒකාධිපති වාදය මූලික අවිය තමයි රාජ්‍ය මර්දනය, භීතිය සහ ජනතා පීඩිත නීතියයි. ඒකාධිපති රටක ඉන්නේ යටත් වැසියන් හෙවත් වහල්ලුයි... ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉන්නේ නිදහස් වැසියෝයි...
දාගෙන ඉන්න කණ්ණාඩි ගලවලා කියන්නේ... මොනවද සිහිබුද්ධියෙන් හිතන්නේ...? පක්ෂපාටවල වහල්ලු වෙන්න එපා...
ගියපාර කුදලාගෙන ගිය විදිහට නෙවෙයි. මේපාර කුදලාගෙන ගිහින් රිමාන්ඩ් කරන්නේ...! රෑ වැටුණු වලේ දවල් වැටෙන්න දඟලන්න එපා...
‘‘හොර තක්කඩින් එළවීම භාවනාවෙන් කරන්න බැහැ‘‘ ඉතින් ඕකමනේ ජනාධිපතිතුමත් කරන්න යන්නේ...!
මාව ජනාධිපති කරන්ඩ අයියෝ........
එතකොට ප්‍රභාකරන් මිනිහත් අරගල කරුවෙක් නෙවෙයිද ඌට වෙඩිතියල මරද්දි නම් එහෙම දෙයක් උනේ නැහැ නේද? බලලෝබී දෙශ්පාලකයෙක්.
මේ මනුස්සයා විශ්වාස කරන්න එපා. ඔහු දේශපාලකයෙක් නොවේ... ඔහු බලයට ආවොත් කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ..
තව රට කන්නයි හදන්නේ...!
චීනයට ඕනෑ හමුදා පසුබිමක් ඇති, දරුණු කම ලියවිලා තියන පාලකයෙක්! ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය සඳහා! ලංකාවේ ජනයාගේ යහපතට නොවෙයි!
මැක්ස්, මේ පරස්පර කතාවත් ඉතිසාසයෙන් ඉගෙන ගන්න. 1963දි ලි කිවාන් යූ සිංගප්පුරු වැසියන්ට කිව්වා අපේ අනාගතේ තියෙන්නේ මැලේසියාව සමග එකතු වීමෙන් පමණයි කියලා. එහෙම කියලා එයා විශාල ඡන්ද ව්‍යාපාරයක් ගෙනාවා හැමෝගේම... කැමැත්ත ගන්න... ඊට පස්සේ මැලේසියාව සමග එකතුවීමේ සාකච්ඡා බිඳ වැටුණා. ඊට පස්සේ එයා සිංගප්පූරුව වටේ ගියා.. අපේ අනාගතේ තියෙන්නේ මැලේසියාව සමග එකතු නොවී ස්වාධීන වීමෙනුයි කියලා. කොහොමද පරස්පරේ...? සිංගප්පුරු මිනිස්සු ඒ වතාවේත් ලී ක්වාන්ව විශ්වාස කරලා සිංගප්පූරුව ස්වාධීන වෙන්න ඡන්දේ දුන්නා. ඉතුරු ටික හැමෝම දන්නා නිසා නොකියා සිටින්නම්... පුන්නක්කු භාවිතේ අඩු කරලා ලෝකේ, රටේ ගැන බුද්ධිය දියුණු කරගන්න කට අරින්න කලින්...!
බැටන් පොල්ලෙන්ම තමයි.