
(දයාරත්න ඇඹොගම)
රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙද ගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරැ මැද පළාත් සභාව මගින් රැපියල් 5,193,756 මුදලක් වැය කොට ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් මෙම වසරේ නිකුත් කළ විගණක වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.
මුදල් කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාවයට පටහැනිව ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා සහිත විශේෂ සංවර්ධන ව්‍යාපාතිය යටතේ මෙම ඉදිකිරිම් සිදුකොට තිබෙන බවද එම වාර්තාවේ සදහන්ය.
හොරිවිල වෙද මැදුරේ හිමිකරුවන් විසින් පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් සිදුකළ ඉල්ලිමකට මෙම ඉදිකිරිම් පසුගිය 2023 වසරේ සිදුකොට ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදි පළාත් සභාවේ උසස් නිලධාරියෙක් පැවසිය.
මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා ගෙන් දුරකථනයෙන් සිදුකළ විමසුමේදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කිසිවක් මතක නැති බවයි.
COMMENTS
මෙන්න මේක තමයි අද රටේ දේශපාලන විදිය...මේවා මිනිස්සුගෙන් ගන්න බදු මුදල්
කාලකණ්ණි වැඩක්...!
අත පය කැඩිලා මෙතැනින් නොමිලේ බෙහෙත් අරන් හොඳ කරගත්තු මිනිස්සු නම් කොච්චරක්ද? ඇයි මෙච්චර කුහක? බටහිර රෝහල් විතරද රජයේ උදව් ගන්න හොඳ?
ලංකාව සුරපුරයක් වේවි මෙවැනි හොරුන්, තක්කඩින් තවදුරටත් රාජ්‍ය පාලනයේ තියාගත්තාම...
තව සතියකින් හොඳටම මතක් වෙලා එයි...
ඒ සම්බන්ධ අපිට නම් ඕන තරමට දේවල් තියෙනවා කියන්න. හොර රැල එළවන්නම ඕනෑ...
ඔය ආණ්ඩුකාරයා සබරගමුවේ මහ ඇමැති වෙලා හිටපු කාලයේ ඔහුගේ ගම්ප්‍රදේශයේ ගාල්ලේ හාමුදුරුකෙනෙකුට අයත් තැනක කීර්ති කියලා ළමා නිවාසය සඳහා මහල් ගොඩනැගිල්ලක් හදලා පුස්තකාලයකුත් පළාත් සභා අරමුදල් යොදාගෙන ගොඩනැගිලි හැදුවා. පොත් ලබා දුන්නා ටික දිනකින් නිවාසය වසා දැම්මා. ගොඩනැගිලි වලට පළාත් සභා දේපළ වලට වුනේ මොකක්ද කියලා බලපු කෙනෙකුත් නැහැ. එක් වරක් පළාත් සභා නිලධාරි කීප දෙනෙක් පරික්ෂා කරන්න ගියාලු... ඒත් අවට පිරිසක් ඇතුල්වීමට ඉඩක් දුන්නේ නැහැ කියලා ආරංචියක් ලැබුණා. එම නිවාසය තිබුනේ ඔය හේරත්ගේ මාලිගාවට යාබදව කියලා ආරංචියක් තිබුණා...
කීයක් ආපසු අත යටින් ලැබුණාද කියලා නම් හොඳට මතක ඇති…!
හොරකම් කරපුවා මතක නෑ...
සැප්තැම්බර් 21 න් පසුව දිනයකදී මතයක් වෙයි
මොහුට ලොකු මුදලක් හිමිවෙන්න ඇති...
කමක් නැහැ අපි මේ ක්‍රමයම ගෙනියමු.. මැක්ස් ඔයගොල්ලන් එකඟයි නේද? මේක ඉතින් අලුත් වංචාවක් මුදල් අවභාවිතයක් නෙවෙයි, මේ වගේ ඒව අපි කොච්චර දැකලා තියෙනවාද? කමක් නැහැ ඔහෙම යං අපටත් යමක් ලැබේවිනේ...
සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය නොදැක්කා වගේ සජිත් පස්සේම යන අපිට මේව එතරම් දේවල් නොවෙයි. වයස අනූවත් පැනපු ජනාධිපති උපදේශකයන් සහ මෙලෝ හසරක සුදුසුකමක් නැති ජනාධිපති උපදේශකයන් පත්කරගෙන රටේ මුදල් කාබාසිනිය කරන රනිල් පස්සෙ යන අපිට මේක මේ තරමට ගනන් ගන්නේ නැහැ...
වැරැද්දක් කරලා තියෙනවා නම් වහා නඩු පවරා දඬුවම් කරන්න. එහෙම නැතුව සිස්ටම් චේන්ජ් කරන්න කියලා මෙලෝ හසරක් දන්නැති මිනීමරුවන්ට ඡන්දේ දීලා මේක උතුරු කොරියාවක් කරන්න අවශ්‍යද...?
ඩිමෙන්ෂියාව... මේ තනතුරෙන් වහාම ඉවත් කරන්න. ඡන්දයෙන් පස්සෙ මතක් වෙයි. කොහොමද දූෂණය...?
මේ තරම් අමතක වෙනවා නම් ආබාධිතයෙක් වෙන්න ඇති. හැබැයි පොලිසියට ගෙනිහින් බන්ඩාරාලහාමිට බාරදුන්නා නම් මතක්වෙයි...!
ඔය ආණ්ඩුකාරයා හොරා.. හොරා කාපුවා කොච්චර ද කියලා මතකවත් නැතුව ඇති...
මේක බොරුවක්. ලක්ෂ 28යි හම්බවෙලා තියෙන්නේ කියලා අයිතිකාරයා කියලා තිබ්බා..
මුදල් මේ ආකාරයට වියදම් කළාට පස්සේ විස්තරද මේවා සොයා ගැනෙන්නේ. මුදල් නිදහස් කිරිමට පෙර මේවා නවත්වන්න ක්‍රමයක් නැද්ද? රටේ රාජ්‍යයක් නැද්ද?
සමූපකාරේ උම්බලකඩේ ඉඳන් හොරා කාපු ඔය හාදයාට අමාත්‍යාංශය වලින් හොරා කන එක මහ අරුමයක් නෙමෙයි. ඒකටම හරි යන පුතෙකුත් ඉන්නවා. කෑගල්ල පැත්තේ මිනිස්සු දන්නවා ඔය ඇමැතිතුමා ඒ කාලේ උන්නු හැටියි... අද වෙද්දී මාළිගාවක් වගේ ගෙයක් හදන් ඉන්න හැටියි ගැන... කොහොමත් තමන්ට උදව් කරන අයට ලොකුම හැන්දෙන් බෙදන්න හරි දක්ෂයි. හැබැයි හරියට නීතිය ක්‍රියාත්මක වෙන රටක නම් ඔය හාදයා මේ වෙද්දී ඉන්න ඕනේ හිර ගෙයක... පෝර, ගෑස්, හොරකම් කරන් එළිපිටම අහු වුණු කෙනෙක්ට ආණ්ඩුකාරකම් කරන්න දෙන්නේ මේ වගේ ට්‍රැක්ලන්තයක්ම විතරයි...
තාත්තා මහීපාල සහ පුතා කණක හේරත් සල්ලි දැක්කොත් ගන්නේ දිවෙන්…. ඒ තරම් පෙරේතයි…
සරත් කව්ද සජිත් හොරකම් කලා කිව්වේ, මුදල අවභාවිතා කළා, ඔයාට අවුල මේ මුදල් අවභාවිතය නොවෙයි මගේ අදහස, සජිත් ආවොත් අපට ප්‍රේමදාස අංක දෙක නාඩගම බලතැහැකි...