
(යොහාන් භාසුර)
‘ආත්මාර්ථකාමීත්වයෙන් තොරව වගකීමෙන් පිරිපුන් නායකයන් පිරිසක් බිහි කරමු’ යන තේමාව යටතේ කතෝලික පාසල්වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් දෙදින නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
සුබෝධි පූර්ණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වික්ටර් සිල්වා පියතුමන්ගේ සංවිධානයෙන් සහයක පියතුමන් වන අමිල මධුරංග සහ ප්‍රකාෂ් ප්‍රනාන්දු යන පියතුමන්ලා එම වැඩසටහන මෙහෙයවූහ.
මෙම වැඩමුළු තුළ තම තමන්ම හරිහැටි හඳුනාගෙන තමන් තුළ ඇති නායකත්වයේ ගුණාංගයන් තුළ කැපවෙමින් එකිනෙකා අතර සම්බන්ධතාවයන් දියුණු කරගෙන නායකත්වයේ වගකීම් යුතුකම් තේරුම්ගෙන නායකත්වයේ ගුණාංග ප්‍රගුණ කරන ආකාරය හුරුකළ බවත් භාවනායෝගීව සිත් පාලනයෙන් යුක්තව දහමට ළැදිව එකිනෙකාගේ මතයන්ට අදහස්වලට ගරු කරමින් පෞරුෂත්වය වැඩිදියුණු කිරීම පුහුණු කළ බවත් සංවිධාකයෝ පවසති.
මම යන මමත්වයෙන් මිදී පරාර්ථකාමී නිහතමානී සැබෑ නායකයින් පිරිසක් බිහි කිරීම අරඹයා මෙම වැඩමුළු ක්‍රියාත්මක කළ බවද සංවිධායකයෝ වැඩි දුරටත් සඳහන් කළහ.
මොරටුව ශාන්ත සෙබස්තියන්, බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන ශාන්ත ජෝශප්, නුගේගොඩ ශාන්ත ජෝන්, කොටහේන ශාන්ත බෙනඩික්, පයාගල සිරිකුරුස, කළුතර සිරිකුරුස, මීගමුව ලොයොලා සහ එඬේරමුල්ල ශාන්ත ජෝශප් යන විදුහල් නියෝජන කරමින් ශිෂ්‍ය නායක දරුවන් 69 ක් පළමු දිනයේ වැඩසටහනට සහභාගි වූහ.
මීගමුව ආවේ මරියා, මීගමුව ලොයලා, පයාගල සුරදූතික බාලිකා, බම්බලපිටිය පවුලේ, පානදුර යහපත් එඩේරාගේ, කොටහේන යහපත් එඩේරාගේ සහ කොළඹ ශාන්ත බි්‍රජට් යන කන්‍යාරාම නියෝජනය කරමින් ශිෂ්‍ය නායිකාවන් 45 ක් දෙවැනි දිනයේ වැඩසටහනට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොඳ නායකයෙක් වන හැටි පාසල් දරුවන්ට කියා දෙයි