
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 450 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
‘වෝකි-ටෝකි’ පුපුරා යෑමට පටන් ගත්තේ, හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කරන ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් පැය කීපයකට පසුවය.
එම ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් තුවාල ලැබූ ගණන 3,000 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
මේ සැරේ නම් හිස්බුල්ල කාරයොන්ට තුන්බිය දැනිල ඇත්තේ , දැන් තුවක්කුවක් වත් අල්ලන් බය ඇති
ඔක්තෝබර් 07, කන්ඩ පුළුවන් තරමට බෙදාගත්තනම් මේ නිව්ස් නොකියව ඉන්න තිබුන.
මෙන්න තාක්ෂණය , අපේ සමහර අය නොමිනේශන් දෙන්නත් සුභ දිශාව බලනව.
ඇතුලේ තියෙන ලිතියම් බැටරියනේ ඔය පුපුරවන්නේ. ඒ හින්දා ඉස්සරහට ඔය බැටරි දාන ජංගම දුරකථන පාවිච්චියත් මහා ප්‍රශ්නයක් වේවි.
වෝකි ටෝකි නෙමෙයි. පේජර් සම්පුර්ණයෙන් වෙනස් උපකරනයක්.