
(චාන්දනී දිසානායක)
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අද සවස අත් අඩංගුවට ගත් බව කුරුණැගල මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි.
ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය නමැති දේශපාලන පක්ෂයකින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ නාමයෝජනා පත්‍රයක් අඩුපාඩු සහිත වීම නිසා එම නාම යෝජනා පත්‍රය භාර ගැනීම කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රතික්ෂේප කොට ඇතැයි කියති.
අදාල දේශපාලන පක්ෂයේ ලේකම්වරයා සමග පැමිණ ඇති හිටපු සභාපතිවරයා මෙම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සමග බහින්බස්වී ඇතැයි කියති.
COMMENTS
ඡන්ද වංචාකරන තමන්ගෙ ආණ්ඩුවක් නෙවේ තියෙන්න කියල අමතකවෙලා. පාරවල හොරට තාරදාන, මාසෙන් දෙකෙන් පුපුරණ කැඩෙන පාලම් බෝක්කු හදන වගේ අවංක වැඩවලින් සල්ලි හොයාගන්න බාදා ඇතිවෙනකොට තරහ එනව තමයි.