
(රන්ජන් කටුගම්පොළ)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැයි චෝදනා කොට ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක සැකකරුවකු ලෙස තමන්ව නම් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීම අද ආරම්භ කළේය.
සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත්ව සිටින එන්. ජේසුදාසන් නමැති පුද්ගලයකු මෙම පුද්ගලික පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
මෙම පුද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියෝජනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියෝජනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.
පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පුද්ගලික පැමිණිල්ලකට අදාළව සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි කිය.
නිසි සාක්ෂි ඇගයීමකින් තොරව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
ඉන් අනතුරුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා දක්වා කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට