
(රෝෂන් තුෂාර)
සපුගස්කන්ද මාවර මණ්ඩිය ප්‍රදේශයේදී රිය අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් හිටපු කථානායක සහ ජාතික ජලබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකී පෙරේරා මහත්මිය අද පස්වරුවේ නියෝග කළාය.
කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී සැකකරු රෝහලට ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම ඇප නියෝගය නිකුත් කර ඇත.
හිටපු කථානායකවරයා ගමන්ගත් ජීප් රථය සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටී අනතුරකට පත්වී තිබූ අතර එම අනතුරින් බිළිඳියක් සහ තවත් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා රිජ්වේ ආර්යා ළමා රෝහලේ හා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 19වෙනි දින අධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ අනතුරුව සිදුවූ අවස්ථාවේදී රියදුරන් බීමත්ව සිටියේ ද යන්න පිළිබඳව පොලිසිය තව දුරටත් විමර්ශන සිදු කරන බවය.
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු කතානායක රන්වලට ඇප
Don perea Saturday, 13 December 2025 03:15 AM
කෝ දැන් ඩෝබිලා සෙට් එක... නීතිය? ..
pakeer Saturday, 13 December 2025 03:17 AM
මේ යකාට ඇප ලැබුණේ කොහොමද?
sugath Saturday, 13 December 2025 03:28 AM
නීතිය සැමට එක සමානයි. මරු වැඩේ... අපි අතින් ඔය වගේ අනතුරක් වුණා නම් කෙලින්ම රිමාන්ඩ්. මුනුත් පරණ අය වගේ. සමහර වෙලාවට පරණ අයටත් අන්තයි වගේ. පුනරුදේ..
Damith Saturday, 13 December 2025 05:14 AM
හප්පපු කෙනා හැප්පිච්චි කෙනාට ඉස්සර වෙලා රෝහල් ගත වෙනවා. නියම උප්පර වැට්ටි.
රාලහාමි Saturday, 13 December 2025 06:16 AM
මහන්සිවෙලා ...මහන්සිවෙලා බොහොම අමාරුවෙන් ප්‍රවේශමෙන් දොවාගත්ත කිරි කළයට ගොම බින්දුවක් වැටුනා !!! ඉතාම ප්‍රභල විනයක් පවත්වාගෙනයන ජාතික ජනබලවේගය විනාශකරන්න ආපු මාරයා මේ කාලකන්නි " හොර ආචාරියා " බව දැන් මුළු රටම කතාවෙනවා. ගරු ජනාධිපතිතුමනි, මේ කාලකන්නියාව විනය කමිටුවක් ඉදිරියට පමුණුවලා, පක්ෂයෙන් එළවලා දාන්න. මේ වගේ අධමයින්ව ප්‍රසිද්ධියේ එළවලා දැමීමෙන් මේ රජය තව තවත් ජනතාවගේ ප්‍රශංසාවට සහ ගවුරවයට පත්වෙනවා.
ගුණරත්න Saturday, 13 December 2025 07:12 AM
හරි පුදුමයි, සාමාන්‍ය මනුස්සයෝ බීලා අනතුරු කලොත් දවස් කීපයක් රිමාන්ඩ් එකේ තැප්පත් මන්ත්‍රීතුමාට එක පැයක් උසාවියටවත් අඩිය තියන්න වුනේ නෑ නේ.
දේවප්‍රිය Saturday, 13 December 2025 12:11 PM
වැඩක් නෑ කතා කරලා. මේ හැතිකරේ නීතිය සැමට සමානයි කියලා අපිව ඇන්දුවා. අප්පිරියයි.