
(ඩයනා උදයංගනී)
හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතාගේ මියගොස් තෙමසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් එක්ව “මතක මංගල” නමින් ආගමික හා සමරු වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි.
මංගල සමරවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බොහෝ දෙනෙකුට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ භෂ්මාවශේෂ කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ පිහිටි ‘ද රෙස්ට්පෙක්ට්’ ජයරත්න මල් ශාලාවෙහි අද (25) පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා තැන්පත් කර ඇත.
ඒ අනුව ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ හිතවතුන් ඇතුළු විවිධ පිරිස් පැමිණි අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරුංග මහත්මිය ද ඒ අතර විය.
මෙම භෂ්මාවශේෂ සීමිත වාහන සංඛ්‍යාවක් සහිත රිය පෙරහැරකින් හෙට (26) මාතරට රැගෙන ගොස් මංගල සමරවීර මහතාගේ මග පෙන්වීමෙන් ප්‍රතිසංස්කරණය කෙරුණු ‘නූපේ ඕලන්ද වෙළඳපොළ ශාලාවේ’ පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කෙරෙන අතර අනතුරුව බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික වතාවත් සිදුකර එම භෂ්මාවශේෂ මාතර සුසාන භූමියෙහි ඇති සමරවීර පවුලේ සොහොනෙහි තැන්පත් කෙරෙනු ඇත.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු ඇමැති මංගලට අවසන් ගෞරවය
දාස Thursday, 25 November 2021 03:54 PM
රටට අවශ්‍ය මිනිසෙක් අප හැර ගියා.
BamunuarachchiSunday, 28 November 2021 08:48 AM
දෙවියන් මංගලට මනුස්ස ලෝකෙට ඇවිත් කරන්න කරන්න බාර දීපු වැඩ කොටස හරියට නොකළ නිසා ආපසු ගෙන්වා ගත්තා.